ලංකාවේ නිරූපන ක්‍ෂේත්‍රයෙන් වගේම රංගන ක්‍ෂේත්‍රයේත් හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. අනිත් නළු නිළියන් වගේ නෙවෙයි අපිට චුලක්ෂි දැකගන්න පුළුවන් වෙන්නේ සිමාපට හරහා පමණයි මේ විශේෂත්වය නිසාම චුලක්ෂි කියන්නේ රසික සිත්වල පතුලටම ගමන් කරපු ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ වගේම චුලක්ෂි සමාජ මාධ්‍ය හරහාත් ගොඩක් ජනප්‍රියයි. ඇත්තම කියනවනම් ඇයගේ සුන්දරත්වයට ලංකාවේ තරුණයන් විශාල ප්‍රමාණයක් වශීවෙලා කිවුවොත් නිවැරදියි. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙලා ඉන්නේ චුලක්ෂි රණතුංග එක්ක,
ඉතින් චුලක්ෂි කොහොමද ජීවිතේ ”ජීවිතේ සරලයි හැබැයි සියයට සියයක්ම සතුටින් ඉන්නවා කියලා කියන්න බෑ මොකද මේක හැමෝටම අමාරු කාලයක් හැම ක්‍ෂේත්‍රයකටම ඒක බලපාලා තියෙන්නේ. ඒ වගේම තමයි හැමෝටම ප්‍රශ්න කාලයක් ගෑස් නෑ තෙල් නෑ හැබැයි දැන්නම් ඒ ප්‍රශ්න ටික ටික විසඳෙනවා අපි බලාගෙන ඉමු ඉදිරියට මොකද වෙන්නේ කියලා, නේද”
චුලක්ෂි කියන්නේ සිනමාවෙන් නිතර දකින්න ලැබෙන රංගන ශිල්පිනියක් නේ ඉතින් ඔබ කොහොමද චරිත තෝරා ගැනීම සිදුකරන්නේ. ”මෙහෙමයි මුලින්ම කියන්න ඕන දේ තමයි මම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්න කෙනෙක් නෙවෙයි, මට කොහොමත් ආරාධනා ගොඩක්ම එනවා හැබැයි මට මගේ රංගන තුලින් දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවනම් විතරයි මම ඒ චරිත බාරගන්නේ. අභියෝගයක් තියෙන චරිත කරන්න මම කැමතියි මොකද එකෙන් මගේ හැකියාව වර්ධනය වනවා”
ඔච්චර සුන්දර ශරීර හැඩයක් පවත්වාගෙන යන්න චුලක්ෂි ඔයා මොනවද කරන්නේ? ”එහෙම විශේෂ දෙයක් කරන්නේ නෑ ජිම් යන එක තමා කරන්නේ. මම කළා කේෂේත‍්‍රයට එද්දි කිලෝ 75 ක් බරයි. ලොකු කැපකිරීමක් කරලා තමයි මම මේ ඇඟ හදාගත්තේ ඒ කාලේ මම ආහාර පවා ගත්තේ ගොඩක්ම අඩුවෙන්, දැන් නම් වැඩිය ජිම් යන්නේ නෑ හැබැයි ගෙදර ඉඳලා ව්‍යායාම කරනවා. එදිනෙදා ගන්න කැලරි ප්‍රමාණය ගැන මම කොහොමත් සැලකිලිමත්.”
ඉතින් මේ විදියට හැමෝම ආදරේ කරන චුලක්ෂි පසුගිය දවසක ඇයගේ සමාජ ජාලා ගිණුමට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ‘ජීවිතය හරියට බයිසිකලයක් පදිනවා වගේ. හැම විටම එය සමබරව තියාගන්න’ කියලා ඉතින් ඒ සටහනට ඇයගේ රසිකයන් රැසක් අපූරු ප්‍රතිචාර දක්වලා තිබ්බා.