පියුමි හංසමාලී කියන්නේ අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය තරුවක්. ඉතින් ඇය ගැන අමුතුවෙන් හදුන්වා දෙන්නනම් අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය භාවිතා කරන අපි කොයි කවුරුත් දන්නවා පියුමි කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය මවක් කියලා. ඉතින් පුංචි පුතත් එක්ක කාලයක් තනිකඩව හිටපු පියුමි හංසමාලී නැවත විවාහ වෙන්න යනව කියලා ඇය විසින්ම සදහන් කරල තියෙනවා. ඇය සමාජ මාධ්‍ය තුළ රැජිනක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ.
ඉතින් දිනෙන් දින අලුත් වෙන ඇගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඇය නිරන්තරයෙන් චායාරූප එකතුකරනවා. ඉතින් ඒ සදහ ඇයට හොද වගේම නරක කමෙන්ට් ලැබෙනවා. ඉතින් දුවලට ආදරේ සහ කැමති පියුමි මීට අවුරුදු 5කට කලින් විතර සිහින මැව්වෙ ලස්සන විවාහයකට යන්න. ඉන්පසු විවාහයක් කරගෙන්නෙ නැහැ කියන තීරනේ හිටියට ඇයට හොද සහකරුවෙක් හම්බවෙලා ඉන්න නිසා ඇය මේ අවුරුද්ද හරි ලබන අවුරුද්දෙ හරි විවාහ වෙන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම ඇගේ පෙම්වතා ගැන මේ විදියටත් අදහස් දක්වලා තිබුණා.
‘ අපේ මේ සම්බන්ධයට මාස 4යි. ඒ මාස 4 තුළ මම එයාව ටැග් කරල මොනවහරි දැම්මොත් එයාට රික්වෙස්ට් සහ මැසේජ් සෑහෙන්න එනවා. අපේ මේ ක්ශේෂ්ත්‍රයේ ගොඩක් ඉන්නවා අනුන්ගේ මිනිස්සු හොරකම් කරන්න දක්ෂ කට්ටිය. ඉතින් ඒ වගේ දකින දකින ගෑනු පස්සෙ යන පිරිමිත් ඉන්නවා. මට කියන්න හරිම සතුටුයි මම හරි ආඩම්බරයෙන් කියන්නේ මේ මනුස්සයට එන මැසේජ් එකක්වත් එයා බලන්නෙ නෑ.මාස ගාණක ඒවා තවම තියෙනවා.’
ඉතින් පියුමිට ඇගේ පෙම්වතාගේ ආදරේ හමුවීමත් එක්ක පුතත් එක්ක සතුටින් තුන්දෙනාට ඉන්න හොද රටකට යන්න තමයි ලෑස්තිවෙලා ඉන්නේ. ඉතින් ඇගේ හීනය තමයි අවසන් හුස්ම පොද යන්න ඕන ලස්සන රටක කියලයි. ඉතින් පියුමි මුළු ශරීරයම එකම පැහැයක් කරගන්න කාන්තාවන්ට උදව්වක් විදියට සැලෝන් එකක් පටන් ගන්න ඉන්නේ. ඉතින් ඇගේ මේ ඉදිරි හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.