හිතාගන්නවත් බැරි ඉක්මනට කළා ලෝකය තුල ඉතාම වේගයෙන් ජනප්‍රිය වුන දක්ෂ සුන්දර වගේම කටකාර රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ, ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිනාට්‍ය තුලින් රංගනයට පය තබපු වත්සලා පසුව ලංකාවේ අතිශය ජනප්‍රිය නිර්මාණ රැසකටම සිය රංගන දායකත්වය ලබදුනා ඒ වගේම ඒ නිර්මාණ ජනප්‍රිය වෙන්නත් වත්සලා හේතුවුනා කිව්වොත් නිවැරදියි. ඇය පුංචි තිරයේ රංගන ශිල්පිනියක් වූ හෙයින් බොහෝ දෙනාගේ ආදරය නොඅඩුව ලැබුණු අයෙකි. මේවනවිට ඇයගේ සමාජ මාධ්‍ය තුළත් බොහෝ රසික පිරිසක් එක්ව සිටිනවා. කොහොම වුනත් දැන්නම් වත්සලා දියලගොඩ කළා ක්‍ෂේත්‍රයේ දකින්න නෑ. ඉතින් අපි හිතුවා දැන් වැඩිය පෙන්න එන්නේ නැති වත්සලා එක්ක ටිකක් කතා කරන්න.
වත්සලා දැන් කෝ.. මොනවද වෙනේ අලුත් තොරතුරු ? ”වත්සලා ඉස්සර වගේම අදත් ඉන්නවා, අලුත් තොරතුරු කියලා කියන්න විශේෂ දෙයක් නෑ, මම සාමාන්‍ය විදියට දවස ගෙවනවා. හැබැයි දැන් වත්සලා කලාවෙන් වැඩිය පෙන්නේ නෑ මොකද මම දවස ගෙවන්නේ පවුල කියන බැඳීම ඇතුලේ. දවසේ වැඩිම කාලයක් ගෙවෙන්නේ මගේ දුවත් එක්ක. එයා එක්ක ඉද්දි දවස යනවා කියලා තේරෙන්නේ නෑ, මම කලාවෙන් සමු අරන් නෑ ඉදිරියේදී හොඳයි කියලා හිතෙන නිර්මාණ වලට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා.”
වත්සලා කියන්නේ චරිත තෝරලා බේරලා ගන්න කෙනෙක් නේ ඉතින් මොනවද යොදාගෙන තියෙන සීමා මායිම් ”මෙහෙමයි ගොඩක් අය වත්සලා කියන නිළියව දන්නේ පුංචි තිරය හරහා ඒ වගේම ඒ අය මාව දන්නේ දඟකාර කටකාර මුඛරි චරිත තුලින්. මතකයි නේ ඉස්සර සාය කොටයක් ඇඳගෙන නිතරම වගේ කලේ දුවන පනින චරිත. මම රඟපාපු හැම නිර්මාණයක්ම වගේ එහෙමයි. හැබැයි දැන් එහෙම සායකොටයක් ඇඳගෙන දුවලා පැනලා කරන චරිත කරන්න බෑ මොකද මම දැන් ටිකක් ලොකු දුවෙක් ඉන්න ආම්මා කෙනෙක්. ඒ අම්මා කියන තනතුර රැකෙන විදියේ චරිත වලට තමයි ආයේ මම සම්බන්ද වෙන්නේ. එහෙම නැතුව ආයේ දඟකාර චරිත කරන්න අදහසක් නෑ”