‘අපිට අයිති නැති දේවල් අපි ළඟ රැඳෙන්නේ නෑ’ ජනප්‍රිය නිලි ෂෙහානි පසුතැවෙන්නේ කාට ආදරේ කියාගන්න බැරුවද?

පුංචි තිරයෙන් ඔබ හමුවෙන හැබැයි නිතරම දකින්න නොලැබෙන රංගන ශිල්පිනික් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. කාලෙන් කාලෙට විවිද නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න ෂෙහානි සමාජ ජාලාවලත් ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. ඉතින් දැන් මේ අපි සුදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රන්ගනශිල්පිනී ෂෙහානි එක්ක ටිකක් කතා කරන්න, ෂෙහානි මේ දවස්වල වැඩිය පේන්න නෑ ඇයි ඒ ”එහෙම විශේෂ හේතුවක් නෑ, හැමෝටම කාල වකවානු තුයෙනවා, මම කියන්නේ එක්ස්පයර් වෙනවා කියන එක නෙවෙයි, හැමදේම හරියන කාලයක් තියෙනවා, ඉතින් මටත් එහෙම වෙන්න ඇති, මම කියන්නේ නෑ මට වැඩ ආවේ නෑ කියලා වැඩ ආවා හැබැයි මම හිතනවා දැන් මේක මගේ වෙලාව නෙවෙයි කියලා”

ශෙහානිගේ සුන්දරත්වය නිසා ඔබට වැඩිපුර මුයුසික් වීඩියෝ වලට ආරාධනා ගොඩක් එනවා කියන්නේ ඇත්තද..? ”ඔව් ගොඩක්ම එන්නේ මියුසික් වීඩියෝ කරන්න, හැබැයි මම කාලයක් මියුසික් වීඩියෝ වලට සම්බන්ද වුනා. මට තේරුනා මේ විදියට හැමදාම දකින්න හිටියොත් මිනිස්සුන්ට මාව එපා වෙනවා කියලා, අපි හොඳ දෙයක් කරන්න ඕන, හැම නිර්මාණයකටම සම්බන්ද වෙනවට වඩා වටින්නේ ඒක. මොකද හැම එකකම පෙන්න හිටියොත් මිනිස්සුන්ට දැකලම එපා වෙනවා”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගත්ත ෂෙහානි පසුගිය දවසක ඇයගේ සමාජ ජාලා ගිනුමක අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ””කියන්න දෙවල් ගොඩක් තියෙනවා. ඒත් කාටවත්ම කියාගන්න බැරුව හිතින් තනියම කෙනෙක් ගැන හිතනවට කියන්නෙ මොකක්ද ? අපිට සමහර බැදීම් තියෙනවා කොච්චර හිතෙ ආදරය තිබුනත් කවම දාකවත් ඒක කියාගන්න බැරි, කවදාවත් එකතුවෙන්න බැරි, බැහැයි කියලා දැන දැනත් හිත එතනටම ඇදිලා යන්නෙ ඇයි කියලා හැම තිස්සෙම අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න මම, හැබැයි අපිට අයිති නැති දේවල් කවදාවත් අපි ගාව රැදෙන්නෙ නැහැ, ආදරය කරනවනන් සතුටින් ඈත ඉදන් ආදරය කරන්නත් පුරුදු වෙන්න, ඒක ඇත්තටම කියා ගන්න බැරි ලස්සන හැගීමක්”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *