එකටම ඉන්න කට්ටිය කපනවා ඉවසන් ඉන්නවා ඉතින් – හර්ෂි රසාන්ගා

කළා ලෝකයට නැතුවම බැරි ආදරණීය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසංගා කියන්නේ. ඉතාම කෙටි කාලයකින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ හර්ෂි මේ වනවිට අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම තමයි හර්ෂි සමාජ මාද්‍යජාලා හරහාත් ගොඩක්ම ජනප්‍රියයි. පසුගියදා ඇයගේ විවාහය සිදුවුනා. ඇය ගේ විවාහය ගැන බොහෝ දෙනෙක් කතා බහට ලක්වූනා. සමාජ මාධ්‍ය වලින් කතාවුණු විවාහයේදී ඇයට විශේෂ තෑග්ගක්ද හිමිවුණා.  ඉතිනි අපි මේ කතා කරන්නේ හැමෝම ආදරේ කරන දඟකාර හැඩ කාර හර්ෂි රසංගා සමග, හර්ෂි ආදරේ කියන්නේ මොකද්ද ඔයා ආදරේ දකින්නේ කොහොමද..? ”ආදරේ කියන දේ මටනම් දැනෙන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම හැංගීම විදියට මොකද ඒක විඳින්න පුළුවන් සීමා මායිම් නැතුව. වෙලාවට ආදරේ කියන්නේ ලොකු සතුටක් වෙලාවකට ලොකු දුකක්. මම කියන්නේ නෑ මම හරියට ආදරේ කරන්න දන්නවා කියලා ඒ වුනාට ගොඩක් අය ආදරේ හරියට දෙන්නේ නැතිවුනාම ඒක එක්කෙනෙක් හර්ට් වෙනවා කියලා මම දන්නවා”

හර්ෂි අපි දැක්කා කාලයක් ඔයා ටික ටෝක් කරනවා හැබැයි දැන් ඔයා ටික ටෝක් කරන්නේ නෑ ඇයි ඒ ? ”ටික් ටෝක් දැන් මම නතරකරලා තියෙන්නේ. කවිඳු අයියා තමයි ටික් ටෝක් කරන්න මාව පොළඹවා ගත්තේ, මෙහෙමයි ටික් ටෝක් කියන්නේ හොඳ දෙයක් හරියට කරනවානම් ගොඩක් හොඳ තැනකට යන්න පුළුවන්. සමාන උළෙලවල් වලට මගේ නම නොමිනේට් වෙද්දී හැමෝම වගේ කියලා තිබ්බා මම ටික් ටෝක් වලින් ආව කෙල්ලෙක් කියලා, ඒ වගේම ඇයි මෙයාව අරන් තියෙන්නේ කියලා, මම ටික් ටොක් වලින් ආව කෙල්ලෙක් නෙවෙයි, මම කළා තමයි හැබැයි මිනිස්සු ඒ ගැන වැරදි මත ඇතිකළා”

මේ ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි එහෙම නැද්ද ”කැපිලි කෙටිලිනම් ඕනෑතරම් තරම් තියෙනවා එකටම ඉන්න කට්ටිය කපනවා ඉවසන් ඉන්නවා ඉතින් එහෙම වෙන්නේ ඇයි කියලනම් මම දන්නේ නෑ, පොඩි දුකක් තියෙනවා ඒ වගේම පොඩි සතුටකුත් තියෙනවා මොකද මිනිස්සු කවුද කියලා අඳුරගන්න පුළුවන් නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *