‘මම ගිහින් වාඩිවුණ ගමන් එයා මං දිහා අමුතු විදියට බැලුවා’ මේධා කාටවත් කියපු නැති රහසක් හෙළිකරයි

මේධා ජයරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න ගොඩක්ම සුන්දර රංගන ශිල්පිනියක්. ඒ වගේම වැඩිපුරම ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් විදියටත් මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි හිතුවා අද මේධා එක්ක ටිකක් කතා කරන්න, මේධා ඉතින් කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ”මම නම් සැපෙන් සතුටින් ඉන්නවා, අනිත් අයට වගේම තමයි මේ දවස්වල රටේ ප්‍රශ්න එක්ක අපිටත් ප්‍රශ්න නැතුව නෙවයි ඒ උනාට මම ප්‍රශ්න එන්ජෝයි කරන කෙනෙක් ඒ නිසා මම හැමදාම සතුටෙන්, නිර්මාණ සම්බන්දයෙන් කියනවනම් මේ දවස්වල බාරගත්ත නිර්මාණ කිහිපයකටම සම්බන්ද වෙනවා ඒ නිසා තරමක් කාර්යබහුලයි, වෙන විශේෂ දෙයක් නෑ”

පහුගිය කාලේ මේධා ඔයා ගැන සමාජ ජාලාවල ඕනෑවටත් වඩා කතා වුනා නේද..? ”ඔව් මමත් එහෙම හිතනවා, කොහොමත් මම පුංචි කාලේ ඉඳලම ෆැෂන් වලට ගොඩක්ම ආසයි, ලස්සනට හැඩට ඉන්න තමයි මම ආසා මොකද එතකොටනේ දකින කෙනෙක්ට වුනත් ආස හිතෙන්නේ එහෙම ඉන්නකොට නේ, ඉස්සර අපි ආස දේවල් කරන්න බෑ මොකද දෙමාපියන් එක්ක ඉද්දී මම හැදුනේ තාත්තගේ නීති යටතේ ඊට පස්සේ මම සැමියාගේ නීති යටතේ හදුනා, දැන් ඒ බැඳීම් සේරම ඉවරකරලා නිදහසේ ඉන්නවා, අද සමාජයට ඕන කුදයක් ගහගන්න කියලා මම සතුටින් මගේ ජීවිතේ විඳිනවා,”

කොහොමත් මේධා කියන්නේ පුවත් මවන චරිතයක් ඉතින් පසුගිය දවසක මේධා රූගත කිරීමකට සම්බන්ද වෙලා ඉද්දි සිදුවුන සිදුවීමක් ගැන පුවත්පතකට හෙළිකරලා තිබ්බා ඒ සටහන තමයි මේ “මට මේක සිද්ධ වුණේ එක්තරා ටෙලි නාට්‍යයක් රූපගත කිරීම් සිදු කරන කාලේ. එක දවසක් හැන්දෑවේ හයට විතර මගේ රූගත කිරීම් ඉවර වුණා. මම ඉතින් වොෂ් එකක් දාගෙන රෑටත් නොකා මහන්සියට නිදාගත්තා එකපාරටම මම ගැස්සිලා ඇහැරෙද්දි මට ඇහෙනවා කට්ටිය වැඩවලට සුදානම් වෙනවා කියලා ජනේලයෙන් බලද්දි මට පේනවා මේකප් ශිල්පියා කාගේ හරි මේක්අප් දානවා

ඉතින් මං කල්පනා කළා ටී බෝයි වෙනදාට කිරි එකක් ගෙනල්ලා කතා කරනවා එත් අද තාම නැත්තේ මොකද කියලා. මම කෝකටත් කියලා ඇඳෙන් බැහැලා නාලා ගිහිල්ලා මේක්අප් කරන තැන වාඩිවුණා, මට හිතෙන්නෙ මම දැන් පරක්කු වෙලා කියලා. මම ගිහින් එතනින් වාඩිවුණා විතරයි. මේක්අප් මල්ලි මං දිහා ටිකක් අමුතු විදිහට බැලුවා. මං ඇහුවා ඇයි කියලා. බලනකොට මං මේ රෑ මැදියමේ ගිහින් තමයි ආයේ මේක්අප් එකට ඉඳගෙන තියෙන්නෙ. බලනකොට කලින් දවසේ ෂූටිං ඉවර වෙලා තියෙන්නෙ ඒ වෙලාවේ. පසුවෙනිදා ඉතින් මට කනේ ඇබ ගහගෙන තමයි ඉන්න වුණේ. මොකද හැමෝම මගේ ළඟින් යද්දි අහන්නේ මේක්අප් එකක් දාමුද කියලා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *