මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍යයේ නානායක්කාර කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ චරිතය ගැන මෙම චරිතය නිරුපනය කරන රොෂාන් පිලපිටිය මේ විදිහට පැවසුවා.“ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන පාර දිගේ ටෙලිනාට්‍යයේ මම රඟපාන නානායක්කාරගේ චරිතයට බොහෝ දෙනා හරි කැමැත්තක් දක්වනවා. මඟතොටේදී දැක්කත් කට්ටිය ඇවිත් ආ.. නානායක්කාර කියලා කතා කරනවා. පාර දිගේ ටෙලිනාට්‍යයට අමතරව මේ දවස්වල මම රවීන්ද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය කරන තරංග දිසානායක නිෂ්පාදනය කරන බොනිකර තරු ටෙලිනාට්‍යයෙත් රඟපානවා. ඒ චරිතයටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒකෙ මම රඟපාන්නෙ පාර දිගේ ටෙලිනාට්‍යයේ නානායක්කාරගේ චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්. රුකියාවක් කරන, ගෙවල්වල ප්‍රශ්නවලට මුහුණදෙන තාත්තා කෙනෙක්ගේ චරිතයක්.
ඒ චරිත දෙක හාත්පසින්ම වෙනස් චරිත දෙකක්.”මේ දවස්වල රංගනයට වඩා කාලය ගත කරන්නේ පෝලිම් වල බවත් ඔහු පැවසුවා.“මේ දවස්වල රංගනයට වඩා වැඩිපුර කාලය ගත කරන්නෙ පෝලිම්වලයි. කාලයක් තිස්සේ අපේ ගෙදරත් ගෑස් නැහැ. මේ රටේ සාමාන්‍ය මිනිස්සු මුහුණපාන හැම ගැටලුවකටම අපිත් මුහුණ දෙනවා. පැය ගාණක් තෙල් පෝලිමේ. ජීවිතේ ගැන හරිම අවිනිශ්චිත කාල වකවානුවක් අපි මේ ගෙවන්නෙ.පසුගිය කාලයේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකත් හෙට අනිද්දාම වහලා දාන්න සිදුවන තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. ඒ ව්‍යාපාරයත් ඉතාම අමාරුවෙන් තමයි දැන් කරගෙන යන්නෙ. මම බොරුල්ලේ ජූස්, කේක්, ෂෝටීස් විකුණන පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. සෙනඟ එන්නෙ නැති නිසා ඒකත් ළඟදිම වහන්න තමයි වෙන්නෙ.අපි දින කිහිපයක්ම බොරුල්ලේ ඉන්ධන පෝලිම්වල ඉන්න අපේ මිනිසුන්ට අපිට හැකි අන්දමින් කෑම පාර්සල් ලබා දුන්නා. ඒක අපි ඒ අයගේ හොඳ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නෙමෙයි. අපි වගේම දවස් ගාණක් තිස්සේ ඒ මිනිස්සු හරියට කෑමක් නැතිව තෙල් පෝලිම්වල හිටියා. අපිත් ඒක අත්වින්දා. ඒක අපි දැක්කා. ඒ නිසා අපිට පුළුවන් විදිහට අපි ඔවුන්ට ඒ සංග්‍රහය ලබා දුන්නා. මේ අවස්ථාවේ අපිට පුළුවන් විදිහට අපි මිනිසුන්ට උදව් කරන්න ඕනෙ. අඩුම ගාණේ තමන් වාහනයේ තනියම යනවා නම්, තව කෙනෙක්ට යන්න ඉඩ තියෙනවා නම්, පාරේ වාහනයක් එනතුරු ඉන්න කෙනෙක්ට යන්න උදව් කරනවා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේ පුළුවන් විදිහට අපි උදව් කරන්න ඕනෙ. මේක හරිම අමාරු කාලයක්. ඒ අමාරු කාලෙට අපි එකතුවෙලා මුහුණ දෙන්න ඕනෙ.”
රොෂාන් ක්ෂේත්‍රයට එකතු වුණේ ගායකයෙක්, වාදකයෙක් විදිහටයි. ඉතින් ඒ ගැන ඔහු මේ විදිහට පැවසුවා.“පූර්ණ කාලීනව දැන් ගායනයට යොමුවෙලා නැහැ. දැන් මම ගායකයා කියන කෙනාට විනෝදාංශයක් විදිහටයි යොමුවෙලා ඉන්නෙ. මම ඉස්සර හෝටල්වලයි සමාජ ශාලාවලයි වැඩ කළේ. ඒවත් එක්ක රූ නිදි මරාගෙන ඊළඟ දවස්වලට රෑගත කිරීම්වලට යන්න බැහැ. ඒ නිසා තමයි ඒ වාදකයා, ගායකයා කියන දේට පූර්ණ කාලීනව සම්බන්ධ වෙන වැඩවලින් මම අයින් වුණේ. හැබැයි විනෝදාංශයක් විදිහට ඒ වැඩ කටයුතුවල යෙදෙනවා.”ඒ වගේම තම ආදරණිය බිරිඳ රිද්මා ගැනත් මේ විදිහට පැවසුවා.
“රිද්මා එක්ක ඉතාමත් සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරනවා. ඇත්තම කිව්වොත් රිද්මා මගේ ජීවිතය වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. දැන් අපිට චූටි පුතෙක් ඉන්නවා. එයාගේ නම රාහුල් පිලපිටිය. දැන් පුතාට වයස අවුරුදු දෙකහමාරයි.රිද්මායි මමයි දෙන්නම නුවර දෙන්නෙක්. ඇය ඉස්සර ඉඳන්ම මගේ හිතවතියක්. මගේ ජීවිතේ හැමදේම ඇය දන්නවා. මම ඒ හැමදේම රිද්මාට කියලයි තියෙන්නෙ. ඇය දුක සැප බෙදාගන්න හිතවතියක් වුණා. කාලෙකට පස්සේ ඒක ආදරයක් බවට පරිවර්තනය වුණා.”කොහොම වුනත් පසුගිය කාලයේ රොෂාන්ගේ ජීවිතේ ලොකුම හයිය වුණු ආදරණීය මවගේ වියෝව සිදුවුණා.ඒ ගැනත් ඔහු මේ විදිහට පැවසුවා.“අම්මාගේ අඩුව, ඒ පාළුව අදටත් මට දැනෙනවා. හැමදේම අතීතය කියලා මම දන්නවා. ඒ නිසා ඒ දේට මම මුහුණ දුන්නා. අම්මා අපි එක්ක ඉතාම සතුටින් හිටියා. රිද්මායි මමයි අම්මට පුළුවන් උපරිමයෙන් සැලකුවා. අපිට පුළුවන් හැමදේම ඇයට ලබා දුන්නා. ඒ නිසා අම්මාට සැලකුවේ නැහැ කියලා කිසිම දුකක් මට නැහැ. අම්මා නැති පාළුව තාමත් දැනෙනවා.”