කස්තුරි ජයවර්ධන කියන්නේ මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දෙරණ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබීමෙන් පසුවයි. ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“2019 ‘දෙරණ අවුරුදු කුමරි’ තරගාවලියේ මට දෙවැනි ස්ථානය හිමිවුණා. මාව ඉන්පසු ගොඩදෙනෙක් දැනහඳුනා ගත්තා. මම ටෙලිනාට්‍යයක් ලෙසට පළමු වතාවට රඟපෑවේ ‘හුස්මක් තරමට’ නිර්මාණයේ.
ඒ අවස්ථාව මට හිමිවුණේ සංගීත් ප්‍රභූ අයියා හරහා.”ඉතාමත් කෙටි කාලයක් තුළ මගේ ජීවිතයට නොසිතූ විදියට වාසනාව වගේම ආදරය ලැබුණා. ආදරය කියලා මම අදහස් කළේ ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි. ප්‍රේක්‍ෂක ආදරය වැඩිවීමත් එක්ක මාව ඉබේටම ජනප්‍රිය චරිතයක් බවට පත්වීම එක ගැනත් මම සතුටු වෙනවා.ඒ වගේම ආදරය ගැනත් මේ විදිහට පැවසුවා.“ආදරය ගැන මම දැම්ම හිතලා නැහැ. මම තවම පොඩි කෙනෙක්. ආදරය ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමට මේ තියෙන වැඩකටයුතුත් එක්ක.”
ඒ වගේම ඇයගේ ළමා කාලය ගැනත් මේ විදිහට පැවසුවා. “මගේ උපන් ගම බදුල්ල. මම පදිංචිවෙලා ඉන්නෙ මහියංගණයේ. මේ දවස්වලනම් කලා කටයුතු නිසා කොට්ටාවේ ඉන්නෙ. ඉස්සර මහියංගණයේ ඉඳිද්දි අපි පුදුමාකාර ළමා කාලයක් ගත කළේ. ඇතිතරම් සෙල්ලම් කළා. සෙල්ලම් ගෙවල් දැම්මා. හැංගිමුත්තන් කළා. මට තාම මතකයි ඒ කාලේ අපිට හැංගෙන්න ඕනෑතරම් තැන් තිබුණා. දැන් ගමේ හෝ නගරයේ හෝ ළමයින්ට අපි ගත කරපු ඒ සුන්දර නිදහස් කාලය නැහැ. අපි හැංගිමුත්තන් කරද්දි අපි පුළුවන් උපරිම තැන්වලට ගිහින් හැංගුණා. සමහර ගස් අස්සේ, ගස් උඩ පවා අපි හැංගිලා තියෙනවා.
ඒ වගේ සුන්දර කාලයක් මට තිබුණා. ආයෙත් ඒ වගේ සුන්දර ළමා කාලයකට යන්න ඇත්නම් හරි ආසයි.”ඉතින් ඇය මේ වෙද්දී ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා කියලත් මේ විදිහට පැවසුවා. “මගේ රඟපෑම මම වගේම පවුලේ අය දැකලා විඳින තරම් සතුටක් මට තවත් නැහැ. මගේ ගමන හෙමින් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.”