අනර්කලී ආකර්ෂා කියන්නේ කලක් ලාංකීය රිදී තිරයට නැතිවම බැරිවුණු දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. ඒ වගේම ඇයගේ කතා කරන විලාසයත් අත්ශයින්ම ජනප්‍රිය වුණා. ඉතින් ඒ ගැන ඇය පවසා තිබුනේ මේ විදිහටයි. ” වර්තමානයේ මට ගොඩක් දුකයි හේතුව මම දන්නවා අද ජනප්‍රිය වෙන්න ගොඩක් අය උත්සහ කරන්නේ ඒ ට්‍රෙන්ඩ් එක හරහා.පිට කෙනෙක් විදියට බලපුහාම හරිම දුකයි මේ ළමයට හොඳට සිංහල කතා කරන්න පුළුවන් ඒත් කැමරාව ඉස්සරහ ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා සිංහල කතා කරන්න බැරි විදිහට ඉඳලා.ඉතින් ඒගොල්ලො දන්නෙ නෑ සිංහල කතාකරලා ඒගොල්ලන්ට ඊටත් වැඩිය ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. මට මගේ සිංහල මීට වඩා කතා කරන්න පුළුවන් වුණා නම් මම මීට වඩා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙලා ඒක මම දරන මතය.”
කොහොම වුනත් ඇය ජනප්‍රියතත්වයේ ඉහලම තලයක ඉන්න වෙලාවක එක්වරම විවාහ වෙලා ඇමරිකාවේ පදිංචියට යනවා. එත් තවමත් ඇයගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඒ වගේම දැන් ඇය ආදරණිය මවක්.ඉතින් ඇයට හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ලැබේවායි ප්‍රර්ථනා කරමු.
පෙර පුවත් – වෛද්‍යවරයෙකුගේ පුතෙකු සමඟින් විවාහ වූ ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ෂා ඇමරිකාවේ දැන් ගෙවන ජීවිතේ
කලක් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක් මෙන්ම නිරුපිකාවක් ලෙසද ජනප්‍රියත්වයට පත් සුරූපී තරුණියක් තමයි අනර්කලී ආකර්ෂා කියල කියන්නේ. කොහොම නමුත් 1987 ජුලි දොලොස් වන දින උපත ලබන ඇයව අපට ලාංකීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුරූපී චරිතයක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. කෙසේවෙතත් දඟකාර හැඩකාර වගේම සුකුමාල කම නිසාම බොහෝ තරුණ හදවත් වල ආදරය දිනාගෙන සිටින අනර්කලී 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වෙනවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා රූ රැජින වීමට තරම් වාසනාවන්ත වෙන ඇය ඊට අමතරව සන්නාම තානාපතිනියක ලෙසද කටයුතු කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි මේ සුන්දර චරිතය කලක් දේශපාලනයටත් සම්බන්ද වී සිට තිබෙනවා. කොහොම නමුත් 1995 වසරේදි සිය රංගන දිවිය ආරම්භ කරන අනර්කලී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය නිර්මාණය කල, ‘ඉටි පහන් ටෙලි’ නාට්‍යයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉන් අනතුරුව වසර හතකට පසුව ඒ කියන්නේ 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දෙනවා.
කොහොම නමුත් එලෙස පිස්සු ට්‍රිබල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. ඒ වගේම ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස අපට වන් ෂොට් වන්,හිරි පොද වැස්ස,සොඳුරු වසන්තය,අංජලිකා,සිකුරු හතේ,වැනි චිත්‍රපට හදුන්වන්න පුලුවනි. ඉතින් ඒ ආකාරයට චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇය ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය දිනාගත් ලාබාලම නිලිය ලෙසයි සැලකෙන්නේ
ඒ විතරක් නොවෙයි අනර්කලී ආකර්ෂා කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට මියුසික් වීඩියෝ මගින් ද ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් ඇගේ විවාහය ගැන කතා කරනවානම් අනර්කලී විවාහවෙන්නේ සුප්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහගේ පුත් ඩිෂාන් ජයසිංහ සමගිනුයි. එලෙස ඔහුත් සමගින් විවාහවෙන ඇය මේවෙද්දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජිවත් වන බවයි අපට දැනගන්නට ලැබුණේ.