ලිවින් ටුගෙදර් කියන කන්සෙප්ට් එකේ හොඳ පැත්තක් තියනවා. දෙන්නට දෙන්න තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ඒක

මාධව විජේසිංහ කියන්නේ අපේ ට්ටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිවේදකයෙක්.ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න ඔහු තම ආදරණිය බිරිඳ ගැන මේ විදිහට පැවසුවා.“නදුනිටත් මට වගේම රඟපාන්න පුලුවන්, නටන්න සින්දු කියන්න හැමදේම පුලුවන්.විදේශ රටක ඉගනගත්ත නිසා ඉංග්‍රීසිත් හොඳට පුලුවන්. එයා ගැන කියනවානම් ඉතින් වැඩිය කන්නේ නැහැ. ඩයට් කරනවා ෆෘට් ජුස් වගේ දේවල් තමයි වැඩිපුර බොන්නේ සැහැල්ලු අහාර ගන්නවා. අපි දෙන්නා අවුරුදු ගානක් ආදරේ කරලානේ විවහා වුනේ, විවහා වෙන්න කලිනුත් මම එයාට කිව්වේ අපි ගැළපෙන්නේ නැත්නම් කතාබහ කරලා ඈත් වෙමු කියලා. සංස්, කෘතියට කොච්චර ගැලපෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ.”

ඒ වගේම විවාහ ජීවිතය ගැනත් මේ විදිහට පැවසුවා.“මම කියන කතාව විවහා වෙන්න ඉන්න ඕනම කෙනෙක්ට වටිනා දෙයක් කියලා හිතනවා. දෙන්නෙක් විවාහයක් කරගන්නවා කියන්නේ ජිවිත කාලෙම එකට ඉන්න ඕන. දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැතුව ප්‍රශ්නත් එක්ක ජිවත් වෙන්න බැහැනේ. ඒකට හොඳම විසඳුමක් තමයි කොල්ලයි කෙල්ලයි කාලයක් එකට ජිවත් වෙලා බලන්න ඕන. මම නදුනි එක්ක විවහා වෙන්න කලින් එකට ජිවත් වුනා.අපේ ගැලපීම් නොගලපින් මොනවද කියලා අඳුරගන්න හැකියාව ලැබුනා. නදුනි ඉගනගන්න කාලේ බෝඩිමක නැවතිලා හිටියේ. ඊටපස්සේ එයාව අපේ ගෙදර ගෙන්නාගෙන මගේ කාමරේ එයාට දුන්නා.

අපේ අම්මලත් මට වැඩිය නදුනිට ආදරෙයි, මුලින්ම හිටියේ වෙනම. කාලයක් යද්දී අපි දෙන්නම එකට ඉන්න පුරුදු වුනා. අපිට අපිව තේරුම් ගන්න හොඳම අවස්තාවක් ලැබුනා.නදුනි ගෙදර ඉන්න වෙලාවට මට කන්න බොන්න හැමදෙයක්ම හදලා දෙනවා. පෞද්ගලිකව මම හිතනවා ලිවින් ටුගෙදර් කියන කන්සෙප්ට් එකේ හොඳ පැත්තක් තියනවා කියලා. ගොඩක් රටවල් වල මේ වැඩේ කරනවා. අපේ රටේ අයගේ අදහසට අනුව විවහා වෙන්න කලින් දෙන්නෙක් කවදාවත්ම එකම ගෙදර ඉන්නේ නැහැ. හැබැයි සතුටින් ජිවිතේ ගතකරන්න දෙන්නට දෙන්න තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ඒක.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *