“දරුවෙක් එක්ක තනිවුණ ලස්සන අම්ම කෙනෙක්ට පිරිමියෙක් ළංවෙන්නෙ ආදරේට නෙමෙයි ආසාවට.” පුෂ්පිකා ද සිල්වා

පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාලයේ සමාජ ජාල තුල නිරන්තර කතාබහට ලක්වුණු රූ රාජිනියක්..කොහොමවුනත් මේ වනවිට විවාහයෙන් වෙන්වෙලා තම ආදරණිය පුතු සමඟ කාලය ගත කරන ඇය ඒ ගැන යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට මෙලෙස පවසා තිබුණා.

“අපිට මේ ලෝකේ කවුරුත් හරියටම ගැලපෙන්නෙ නෑ. අපි ගලපගන්න ඕනි. මමනම් කියන්නේ විවාහ වුණත් රැකියාවක් කරන්න. අපිට ප්‍රශ්නයක් වුණහම ඔය කවුරුත් නෑ. ප්‍රශ්නයක් වුණත් හස්බන්ඩ් එක්ක කතා බහ කරල කොහොමහරි ඉන්න බලන්න. මොකද හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්. අපි විවාහ වෙන්නෙ ළමයි හදලා එකට ජීවත් වෙන්න. මමනම් ඉවසුවා. ඒත් අවසානෙදි වෙන් වෙන්න වුණා.මම හිතන්නෙ මගේ ගිය ආත්මෙ පවකට වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නේ. අපි සිංගල් කියලා දැනගත්තම ලස්සනයිනම් ගොඩක් දෙනෙක්ගෙන් යෝජනා එනවා. දරුවෙක් එක්ක තනිවුණ ලස්සන අම්ම කෙනෙක්ට පිරිමියෙක් ළංවෙන්නෙ ආදරේට නෙමෙයි ආසාවට. ”

පැරණි පුවත් – කැරොලයින් කළ වැඩේ චන්දිමාලුත් කරයි. නැවතත් පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි

පසුගිය වසරේ මෙරට විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය මෙතැන් පටන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුව තීරණය කර ඇති බවයි.

මෙම තීරණයෙන් අනතුරුව අද සිට පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව කිසිදු ආකාරයකින් භාවිත කිරීම වාරණය කර ඇති බව නිවේදනයේ සදහන්. චන්දිමාල් ජයසිංහ මහතා පවසන්නේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලිය පැවැත්වීමට නිත්‍යානුකූල බලතල අනුව බලය ඇත්තේ සිය සංවිධානය වෙත බවයි.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය වසරේ අප්‍රේල් මස 4 වැනි දින ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදුවද එය ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරනු ලැබූවා. පුෂ්පිකා ද සිල්වා මහත්මියට ඒ සඳහා කිසිදු සුදුසුකමක් නැතැයි පවසමින් පෙර වසරේ ශ්‍රී ලංකා රූ රැජිණ වී පසුව ලෝක විවාහක රූ රැජිණ බවටද පත්වූ කැරොලයින් ජූරි මහත්මිය ඇයගේ කිරුළ ගලවා දමන්නටද කටයුතු කළා.

මේ හේතුවෙන් පසුව කැරොලයින් ජූරි මහත්මියටද ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමි වූවා. කෙසේ වෙතත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමිවීමත් සමඟ හැසිරුණු ආකාරය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *