සුදු නංගි යැයි පැවසු විට අදටත් අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන රංගන ශිල්පිනිය තමයි අයෝමි ශානිකා. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ජිවිතේ ලස්සනයි ටෙලි නාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය අදටත් ඒ සුදු නැඟී ලෙසින්ම ප්‍රේක්ෂක හදවත් වල ලැගුම් ගෙන සිටීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඇය ඒ ගැන මෙලෙස පැවසුවා.“‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍ය හරහා තමයි ‘සුදු නංගී’ව ගොඩදෙනෙක් හඳුන ගත්තේ. එදා ඒ හඳුනගත්ත ‘සුදු නංගී’ ලෙසට තමයි අදටත් මට කතා කරන්නේ.
‘සුදු නංගි’ට ගෞරවාන්විතව ආදරය කළා. ඒ ආදරයට මමත් ආදරය කළා. මම හිතන්නේ මගේ ජීවිතයට ලැබුණු වාසනාවක් ‘සුදු නංගී’ව.ඒ කාලේ මම රූපවාහිනීවල නිවේදිකාවක් ලෙසට කටයුතු කළා. ඔය අතර තමයි පුබුදු කිව්වේ වෙනසකටත් එක්ක රඟපෑමට සම්බන්ධ වෙන්න කියලා. අලුත් ටෙලිනාට්‍යයකට රංගන ශිල්පිනියක් තෝරනවා කියලා. ඔහු මම ගැන රවින්ද්‍ර විජේරත්න අයියාට කියලා. ඔය විදියට තමයි මම ‘සුදු නංගි’ වුණේ.”
ඉතින් දිගු නිහැඬියාවකට පසු ඇය පසුගියකාලයේ ජාතික රුපවාහිනියේ විකාශනය වූ රෑනැගල වලව්ව ටෙලි නාට්‍යයේ ඕශා ලෙසින් ප්‍රේක්ෂකයින් තරට ආවා.ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ජාතික රූපවාහිනියේ විකාශය වන ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වන්නේ අවුරුදු පහකට විතර පස්සේ තමයි. ඒ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. දැන් තමයි විකාශ වෙන්නේ. ‘රෑනගල වලව්ව’ වෙනස්ම විදිහේ නිර්මාණයක් ලෙසට තමයි මගේ හිතට දැනුණේ.
ඒ කාලේ මම හිතුවේ නැහැ ‘සුදු නංගි’ මේ තරම් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙයි කියලා. අපි නොහිතන දේවල් තමයි සිදුවන්නේ. ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ මම ලොකු චරිතයක් නිරූපණය කළේ නැහැ. නමුත් අහවල් ටෙලිනාට්‍යයේ හිටියා නේද කියලා ප්‍රේක්‍ෂකයන් මගෙන් අහනවා. එය තීරණය කරන්නේ ප්‍රේක්‍ෂකයන් තමයි.මගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමිවුණා. මම එයත් ප්‍රතික්‍ෂේප කළේ ‘සුදු නංගි’ නිසාමයි. ඒකට නම් මට ගොඩදෙනෙක් බැන්න මම කරගත්තු ලොකුම මෝඩකමක් කියලා. හැබැයි මම එදා තීරණය වෙනස් කරලා ඉන්දියාවට ගියා නම් මම කලා ක්‍ෂේත්‍රයට කවදාවත් සම්බන්ධ වෙන්නැති වෙයි.”