අයේෂා මධුශානි කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේ දෙරණ නාලිකාවේ විකාශනය වූ දෝණි ටෙලි නාට්‍ය හරහා ඇය විශාල ජනප්‍රියත්වයක් ලැබුවා.කොහොම වුනත් පසුගිය වර්ෂයේ විවාහ දිවියට එළැඹුණු ඇය මේ දිනවල ජීවිතය ගැන පුවත්පතකට මෙලෙස පවසා තිබුණා.
“ජීවිතේ හොඳයි. සුන්දරයි. මම ගිය වසරේ ඔක්තෝබර් විවාහ වුණා. එයා සඳරු සමීර. අලුත් ජීවිතය ලොකු වෙනසක්. මම විවාහ නොවී තනිකඩ ජීවිතයක් ගත කරන්න හිතාගෙන හිටපු කෙනෙක්. සඳරු මගේ ඒ තීරණය වෙනස් කළා. මට අද හොඳ, මාව හොඳින්ම තේරුම් ගත්තු කෙනෙක් ලැබිලා තියෙනවා. එයාටත් මේ ක්ෂේත්‍රයට යම් සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා ටිකක් ලේසියි. විවාහ ජීවිතෙන් පස්සේ සමහරුන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වුණත් මට එහෙම බලපෑමක්, ඉල්ලීමක් සඳරු කළේ නැහැ.
සඳරුත් මමත් දෙන්නම කුරුණෑගල. ඉස්කෝලෙ යන කාලෙදී මගේ ආදර සම්බන්ධතාවයක් අවුරුදු අටක් තිබිලා නැති වුණා. ඒ නිසාම ආදරේ කියන්නෙ මහ බොරුවක්, ප්‍රෝඪාවක් කියලයි මට හිතුණේ. ඒ වගේම මේ වගේ ක්ෂේත්‍රයක ඉඳිද්දි බොහෝ දෙනා අපිව දකින්නෙ වැරදි කෝණයෙන්. අපිට ආදරය වෙනුවට වෙන වෙන යෝජනා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මම කවුරුවත් විශ්වාස කළේ නැහැ. නමුත් සඳරු මගේ හිත වෙනස් කළා. එයාට මගේ මේ ක්ෂේත්‍රය ගාණක් වුණේ නැහැ. එයා මේ ක්ෂේත්‍රයට මට පස්සෙ සම්බන්ධ වුණු කෙනෙක්. ඒ වෙද්දි එයා මට යාළුවෙක් වගේ ජීවිතයට ගොඩක් සමීප වුණා. ඒ ආශ්‍රය ආදරයක් වුණා.”
ඒ වගේම ඇය ගමේ ගතකරපු ජීවිතය ගැනත් මේ විදිහට පැවසුවා.“ඒක නම් වෙනස්ම සුන්දර අත්දැකීමක්. ඉස්සර මම හරියට කොල්ලෙක් වගේ. ගවුමක් කියලා ඇන්ඳේ පාසල් නිලඇඳුම විතරයි. ඇන්ඳෙම කලිසම් විතරයි. ඉස්සර මගේ කොණ්ඩේ මම කොටටම කැපුවා. පිරිමි ළමයි එක්ක තමයි වැඩිපුරම සෙල්ලම් කළේ. පාසල එකහමාරට ඇරියම මම හැමදාම සවස පහ වගේ වෙලා තමයි ගෙදර ගියේ. ඒ යද්දි ගස්වල නැඟලා ගෙඩි කෑවා. ඇති තරමට සෙල්ලම් කළා. අද මගේ යාළුවන්ට මම මේ නියැලිලා ඉන්න ක්ෂේත්‍රය ගැන පුදුමයි. ඒ කාලේ මූණ ලස්සන කරන්න, ලස්සනට ඉන්න කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඇති තරම් සෙල්ලම් කරලා සම පිච්චිලා, මූණ කළුවෙලයි තිබුණේ. ඒ ගෙවුණු සුන්දර කාලයට අදටත් මම හරි ආදරෙයි.මම කොච්චර දඟ වැඩ කළත් විභාගත් සමත් වුණා. හැබැයි අධ්‍යාපනයට ලොකු නැඹුරුවක් තිබුණෙත් නැහැ.
කොහොම හරි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. පුංචි කාලේ ඉඳන්ම මට නර්තනයට යම් හැකියාවක් තිබුණා. මම මුදියන්සේ දිසානායක ගුරුතුමා යටතේ නර්තනය ඉගෙන ගත්තා. එතනදි කෙනෙක් මට ඔයාට හොඳ හැඩයක් තියෙනවා. ඔයාගේ උසත් හොඳයි. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කියලා පොඩි අදහසක් දුන්නා.මම බය වුණා. කොළඹ කියන්නෙ මට වෙන රටක් වගේ. ඒක වෙනම ලෝකයක්. අපි කුරුණෑගල ඉඳලා තව කිලෝමීටර් හතළිස් පහක් විතර ඈතට වෙන්න පිහිටලා තිබුණු දොඩම්ගස්ලන්ද මධුරාගොඩ කියන ගමෙයි. ඒ නිසා බයක් දැනුණා. හැබැයි ලැබුණු එක්තරා ආරාධනාවක් නිසා ටික කාලයකට පස්සෙ ගෑනු ළමයි තුන් හතර දෙනෙක් එක්ක මමත් එක අවස්ථාවකට ඉදිරිපත් වුණා. ඒ අනුව නර්තනයන් කිහිපයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ 2010 වසරෙදි.”
ඒ වගේම ඇයට නර්තන කණ්ඩායමක් ද තිබෙනවා.ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“2012 අවුරුද්දෙ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් මගේ නර්තන කණ්ඩායම පටන් ගත්තා. ඔය අතරේ මට ටෙලිනාට්‍ය කිහිපයකම සුළු චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. 2014 වසරෙදි සිරස ඩාන්සින් ස්ටාර් තරගයට සහභාගිවෙලා අවසන් දහදෙනා අතරට තේරුණා.”