හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ ලාංකීය දේශපාලන ක්ෂේත්රයේ ඉන්න බලවත් කාන්තා චරිතයක්. ඇය ගැන පසුගිය දිනවල සමාජ ජාල තුල වැඩි වැඩියෙන් කතාබහට ලක්වුනා.ඒ පසුගිය දිනෙක ඇයගේ පියයුරු මඳක් නිරාවරණය වූ චායාරූප පෙළක් සමාජ ජාල තුල උසුළු විසිළු වලට ලක්වීම නිසයි.ඒ නිසාම ඇය එයට පිළිතුරු වශයෙන් මෙලෙස සටහනක් තබා තිබුනා.
“මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි. ඔවුන් වෙනුවෙන් මගේ ශරීරයම කැප කළෙමි. පොලිසිය සමඟ ඇති වූ කලබලයේදී මගේ නිරාවරිත පියයුරුවලින් විනෝද වන්නවුන් සියලුදෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරාබොන්නට ඇතැයි මට නිසැකය.”
ඒ වගේම ඒ අවස්තාව ගැන ඇය පසුගියදා පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.“එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයට අස්වෙලා ගෙදර යන්න කියලා ලියාපු ලියුමකුත් අරගෙන මමයි, තව කාන්තාවන් කීපදෙනෙකුයි උදේ නවයට විතර එතුමගේ නිල නිවස ඉස්සරහට ගියා. ඕක දැනගනිපු එක්සත් ජාතික පාක්ෂිකයෝ කීපදෙනෙක්ම ඔය ගමන නතර කරන්න කියලා දුරකතනයෙන් මට තර්ජනය කළා. එදා එතැන අපිට අසූචි ගහන්නත් ලෑස්ති කරලා තිබුණලු. අපි එනවා කියලා දැනගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා උදේ හතයි හතළිස් පහ වෙනකොට නිල නිවසින් ගිහිල්ලා. එතැනට ගියේ හරියටම ගෑනු හැත්තෑපස් දෙනයි. හැබැයි අපිව මර්ධනය කරන්න ඒ වගේ දහගුණයක් පොලිසියෙන් දාලා. කඳුළු ගෑස්, වතුර බවුසර් ඔක්කොමත් ගෙනැල්ලා. ඒවා දැක්කම ඇත්තටම මට පුදුම කේන්තියක ආවේ. ඇඟ ඇතුළෙන්ම ආපු ආවේගය නිසයි ගිරිය පුප්පන් කෑගැහුවේ. අන්තිමට ඒකත් අපේ උන්දැලාට විහිළුවක් වුණා.
”ඒ වගේම පොලිස් නිලධාරින් වැළඳගැනීම ගැනත් ඇයමේ විදිහට සඳහන් කර තිබුණා. “මම ඒක කළේ පිවිතුරු චේතනාවෙන්. අපේ රටේ පොලිසිය ඔවුන්ගේ රාජකාරිය හරියට හඳුනගෙන නැහැ. ඔවුන් උද්ෂෝණකරුවන්ව දකින්නේ සතුරන් විදිහට. ඔවුන් රකින්නේ පීඩිතයන්ව නෙමේ පීඩකයන්ව. හැබැයි වෙන රටවල අසාධාරණයට ලක්වෙලා උද්ඝෝෂණ කරන මිනිස්සුන්ට පොලිසියත් උදව් කරනවා. ඒත් ඔතැන මෙහෙම දේකුත් තියෙනවා. ඔය පොලිසියේ ලොකු තනතුරු දරණ අයට වඩා පොඩි තනතුරු දරණ අයට මිනිසුන්ගේ දුක තේරෙනවා. එදා මම එතැන හිටිය තරුණ පොලිස් නිලධාරිනියන්ව වැළඳගන්නකොට ඒ අයත් මාත් එක්කම ඇඬුවා.”
ඉතින් මේ අවස්ථා වලදී තම ආදරණිය සැමියා කටයුතු කරන ආකාරය ගැනත් මේ විදිහට පවසා තිබුණා.“මට දැන් ඔය වගේ කතා හොඳට පුරුදුයි. පිරිමියෙක්ගේ ඇඳුමක් එහෙට මෙහෙට වුණා නම් ඔය අයියලට ඒක මැජික් එකක් වෙයිද? ඔය වගේ දේවලින් පෙන්නුම් කෙරෙන්නෙ අපේ රටේ මිනිස්සු ගෑනුන්ට සලකන විදිහ. සමහර ගෑනුත් ඒවට හිනාවෙනවා මම දැක්කා. මාව නම් ඒ වගේ දේවලින් වට්ටන්න අමාරුයි. දේශපාලනයට එනකොට මට අවුරුදු 24යි. එදා ඉඳලම මම ඔය අත්දැකීමට මුහුණ දෙනවා. ඔන්න එක පාරක් බඩ ටිකක් ලොකුවට පේන විදිහට මගේ වෙඩින් ෆොටෝ එක එඩිට් කරලා. මම කසාද බැන්දේ බබෙක් හම්බෙන්න ඉන්න නිසා කිව්වා. තව පාරක් හොස්පිට්ල් එකක නතර වෙලා. ඉද්දි ඒ ඉන්නේ බබෙක්ව නැති කරලා කියලා කිව්වා. මම හිතන්නේ ඉතිහාසයේ වැඩිපුරම ඔය වගේ තුච්ච මඩ ප්‍රහාරවලට ලක්වෙච්චි දේශපාලන කාන්තාව මම වෙන්න ඇති. ඒ වගේ දේවල් දැක්කම එයා ඇවිල්ලා මගේ හිත හදන්න උත්සාහ කරනවා. ඒ වෙලාවට මම හිනාවෙලා උත්තර දෙනවා. එතකොට මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ කියන එක හිරාන් තේරුම්ගන්නවා.
අපේ දේශපාලනය වගේම අපේ රටත් දැන් මඩගොහොරුවක් වෙලා ඉවරයි. ඉතින් අපි ඉන්නේ මඩගොඩක කියන එක ඔහුත් තේරුම් අරන් ඉන්නේ. දැන් ගොඩක් අය සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවානේ. හැට්ටෙට උඩින් පේන පොඩි පපු කෑල්ලක් දැක්කම චූන් වෙන පිරිසක් එක්ක මොන සිස්ටම් චේන්ජ්ද කියල එදා මට හිතුණා. බස් එකේ යන ගෑනියෙක්ට කවුරුහරි කරදර කරනවා, වටේ ඉන්න අය හ්ම්ම් නැහැ. පොඩි දරුවෙක්ව දූෂණය කරලා මරලා මඩ ගොඩක දාලා තියෙද්දි රටේ මිනිස්සු සද්ද නැහැ. හැබැයි දරුවන්ට හරි හමන් ලිංගික අධ්‍යාපනයක් දෙන්න යද්දි ඔන්න කට්ටියගෙම කටවල් ඇරෙනවා. 225 වෙනස් කරන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික සුද්ද කරලා ඉන්න ඕනේ. ඔච්චර කෑගහන හිරුණිකා බලයේ ඉන්න කාලේ රට වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? බලය තියෙන පක්ෂයේ හිටියා කියලවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා කියලාවත් රට වෙනුවෙන් ලොකු වැඩක් කරන්න බැහැ. මොකද ඒ සම්බන්ධ බලතල පැවරෙන්නේ අදාළ අමාත්‍යංශය පැවරෙන ඇමතිවරයාටනේ.
පාර්ලිමේන්තුවේ ඉන්න කාලේදි, රටට වැඩදායී යෝජනා කීපයක්ම සම්මත කරගන්න මට පුළුවන් වුණා. එකක් තමයි සියලු විශ්වවිද්‍යාලවලට ස්ථාවර මනෝඋපදේශන වෘත්තිකයෙක් ලබාදෙන එක. පාරවල්වල යන කාන්තාවන්ට වෙන හිරිහැර නවත්තන්න ප්‍රධාන නගර ආශ්‍රිතව කාන්තා පොලිස් බැරැක්ක ස්ථාපිත කරන්නත් මට පුළුවන් වුණා. ඒ වගේම හතේ පොතේ යෝජනාව පිටිපස්සේ මමත් ඉන්නවා. වෛද්‍යවරු එක්ක එකතු වෙලා ළමා මනසට ගැලපෙන විදිහටයි අපි ඒක හැදුවේ. පස්සේ ඉතින් ඒකටත් ගොඩක් ප්‍රශ්න ආවනේ.”