දර්ශන තලයේදී අන් කාටත් වඩා හේමාල් එක්කයි මම එකතු – ඉන්දීය නිළි අක්ෂතා සොනාවනේ

මේ දිනවල තිරගතවන සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා එහි ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ඉන්දීය නිළි අක්ෂතා සොනාවනේ ලංකාවට පැමිණ තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටය ගැනත් ඇයගේ විස්තරත් ඇය මේ විදිහට පැවසුවා.“චිත‍්‍රපටය තිරගත වුණා. ඒ ගැන සතුටුයි. ඒත් එක්කම පොඩි දුකක් තියෙනවා ලංකාවේ පවතින තත්ත්වය ගැන. මම ඉපදුණේ, පාසල් ගියේ මුම්බායේ. දැන් මගේ වැඩවල පහසුවට මම හයිඩ‍්‍රාබාද්වල ඉන්නේ.”ඒ වගේම අක්ෂතා රංගනයෙන් දායකවෙලා තියෙන චිත‍්‍රපට ගැනත් මේ විදිහට පැවසුවා.මම ක්ෂීර සාගර මධනාම් වගේම මේ වසරේදී ගෝල්මාල් යන තෙළිඟු‍ චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සෙකන්ඞ් ෂෝ මගේ පළමුවැනි සිංහල හා දෙමළ චිත‍්‍රපටය. මෙය මට විශේෂයි.

ඇයට මේ අවස්තාව ලැබුන හැටිත් මේ විදිහට පැවසුවා. “මට මුලින්ම කෞශි මැඩම් මුණ ගැසෙන්නේ ලන්ඩන්වලදි. ඇය ඉතාම උණුසුම් අයුරින් මාව පිළිගත්තා. ඇය හැමෝටම උදව් කරන ඉතාම හොඳ කෙනෙක්. ඇය අපූරුයි. ඒ වගේමයි සෙකන්ඞ් ෂෝ කණ්ඩායම. ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. කෞශි මැඩම් මට උදව් කළා සිංහල දෙබස් නිවැරදිව උච්චාරණය කරන්න. ඇය විශේෂ අවධානයක් ලබා දුන්නා මට.මම හරිම ආසයි මේ භාෂාවට. එය හරිම මිහිරි භාෂාවක්. ඇත්තෙන්ම එය ඇහෙනවිට කනට කිසිම අපහසුවක් නැහැ. ඒ තරම්ම මිහිරියි. මට මතකයි මට මුලින්ම සිංහල අහන්න ලැබුණේ ලන්ඩන්වලදි. සිංහල වගේම දෙමළ භාෂාවත් උච්චාරණය කිරීම නම් බොහොම අපහසු වුණා.මම සම්පූර්ණ පිටපතම මගේ මව් භාෂාවෙන් ලියාගත්තා. ඒ වගේම දෙබස්වල තේරුම වචනෙන් වචනෙට අහගත්තා. එවිට මට හැකි වුණා මගේ හැඟීම් එක්ක දෙබස් උච්චාරණය කරන්න. ඔබ දන්නවාද එය මට හෝම් වර්ක් එකක් වගේ. මේ දෙකම මට අලූ‍ත් භාෂාවන් නිසා මම ගොඩක් බය වෙලා හිටියේ. ගොඩක් මහන්සි වෙන්නත් වුණා.”

ඒ වගේම ඇයගේ පෙම්වතා ලෙසින් රංගනයෙන් දායක වූ හේමාල් ගැනත් මේ විදිහට පැවසුවා.“ඔහු හරිම හොඳයි. මම ඔහුවත් මුලින්ම දුටුවේ ලන්ඩන්වලදි. ඔහුගේ පෙනුමට වඩා ගතිගුණ හරිම වෙනස්. ඔහු හරිම විනෝදකාමියි. නමුත් වැඩ කරන වෙලාවට හරිම සීරියස්. සෙට් එකේදී හරිම ප්‍රොෆෙෂනල්. චිත‍්‍රපටයේදී නම් ඔහු මා සමඟ නොවෙයි පල්ලවි (පල්ලවි සුභාෂ්) සමඟයි වැඩිපුර රංගනයේ යෙදෙන්නේ. අපි දෙන්නට ගොඩක් දර්ශනවල එකට රඟපාන්න තිබුණේ නැහැ. නමුත් ඔහු මගේ හොඳ යාළුවෙක් වුණා. දර්ශන තලයේදී අන් කාටත් වඩා හේමාල් එක්කයි මම එකතු.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *