අනේ ඒ කතාව බොරුවක් මම එතන විදලා කරාබුවක් දාලා නෑ, – ඉෂානී විජේතුංග

පුංචි තිරයට සමබන්ද වෙලා ඉන්න අහිංසකාවියක් තමයි ඉෂානී විජේතුංග කියන්නේ, පහුගිය කාලයේ ඉශානි ගැන හැමෝම කතා කරන්න පටන්ගත්තා. ඉතින් අද වෙනවිට හැමෝම ආදරේ කරන චරිතයක් වන ඉශානි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉශානි මොකද්ද මේ පහුගිය කාලේ කතාවෙච්ච කරාබුවේ කතාව? අනේ එක සම්පුර්ණයෙන්ම බොරුවක්. මම ඒ වගේ ආර්ටිකල් එකක් මම කාටවත්ම දීලා නෑ. ශෝෂල් මීඩියාවල ඒ වගේ කතාවක් පලවෙන්න ගියාම මම ගොඩක් අපහසු තාවට පත්වුනා. මගේ නෑදෑ අය පවා මගෙන් ඒ ගැන අහන්න පටන්ගත්තා. මම ෆැෂන් කරන්න ගොඩක්ම ආසයි හැබැයි මම ලොකුවට ෆැෂන් පස්සේ පන්නන්නේ නැහැ.

ඉශානි කොහොමද දෙවෙනි ඉනිමේ අරුනිට ලැබෙන ප්‍රතිචාර? දෙවෙනි ඉනිම පටන් ගත්ත දවසේ ඉඳලම අරුනිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ චරිතයට ප්‍රේක්ෂක ආදරේ දවසින් දවස වැඩිවුනා විතරක් නෙවෙයි මාව කොහේදී හරි දැක්කට පස්සේ අනේ මේ දෙවෙනි ඉනිමේ අරුණි නේද කියලා රසිකයන් මගේ ලඟට ඇවිත් කතා කරනවා. මේ දවස්වල ෂූට් කරන්නේ දෙවෙනි ඉනිමේ අන්තිම කොටස් ටික, එකත් එක්ක තමයි මේ දවස්ටික ගතකරන්නේ.

සිනමාවට සම්බන්ද වෙලා නැද්ද ඉශානි? මට ටෙලිනාට්‍යවලට වගේම සිනමාවටත් ආරාධනා එනවා හැබැයි ටෙලිනාට්‍ය වලට වගේ නෙවෙයි සිනමාවට එන ආරාධනා එච්චර හොඳ ඒවා නෙවෙයි. ඉතින් මම ඒ නිර්මාණ බාරගත්තේ නෑ. කොහොම වුනත් මම මේ වනවිට ෆිල්ම් දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඔයාලට ඒ නිර්මාණ ළඟදීම බලාගන්න පුළුවන් වෙයි.

ඉශානි සුන්දර තරුණියක් නිසා ආරද යෝජනා එහෙම එනවා ඇති නේද? අම්මෝ ඔව් සමහර වෙලාවට ඒක ගොඩක් ලොකු කරදරයක්. මට වැඩියෙන්ම ආදර යෝජනා එන්නේ දෙවෙනි ඉනිමේ අරුණි කියන චරිතය නිසා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි ඉනිමේ අරුනිව විවාහ කරගන්න. හැබැයි ඉතින් ඒ මම නෙවෙයි නේ. මම අරුණිට වඩා ගොඩක් වෙනස් සමහර අය මගේ මුනටම කියනවා අපි හිතන් හිටියේ අහිංසකයි කියලා බැලුවම මේ කෙල්ල අහිංසක නෑනෙ කියලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *