මේ දිනවල තිරගත වන ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් තමයි ද ගේම් කියන්නේ.මෙය රන්ජන් රාමනායක මහතා සිරගතවීමට පෙර රංගනයෙන් දායක වූ අවසාන චිත්‍රපටයයි. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පන පොවන්නේ ජනප්‍රිය දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වන තරින්දි ප්රනාන්දුයි. ඉතින් ඇය ඇයගේ පාසල් කාලය මේ විදිහට මතක් කළා. “පාසැල් යන කාලයේ සිටම කැපකිරීම මගේ ජීවිතයට ගොඩක් සමීපයි. පාසැලේදී මම අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් මුල්තැන දීලා වැඩකරපු කෙනෙක්. තරින්දි ප්‍රනාන්දු කියන නම පාසැලේදී බොහෝ දෙනා හඳුනන කෙනෙක් වුණා. පාසැලේදී වගේම මම සේවය කරපු බැංකු ආයතන දෙකේදීමත් මම කැපවීමෙන් වැඩකරපු කෙනෙක්. මම පාසැල් තුනක අධ්‍යාපනය ලැබුවා.
මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පල්ලන්සේන ප්‍රාථමික විදුහලටත්, පසුව දළුවකොටුව ශාන්ත ආනා විදුහලේත්, දංකොටුව බාලිකා මහ විදුහලේත් ඉගෙන ගත්තා. කලා ජීවිතේ මේ ආපු දුර එන්නත් පාසැල් ජීවිතේදී කරපු කැපකිරීම් ගොඩක් ඉවහල් වුණා. මගේ පැහැය සුදු වුණත් පාසැල් ජීවිතේදී මගේ පෙනුම ගැන හිතුවේවත් නැහැ. මගේ වයසේ ළමයින් ඒ කාලේදී තමන්ගේ රූපය ගැන, පැහැය ගැන, බාහිර පෙනුම ගැන හිතුවත් මම ඒ හැමදේම ක්‍රීඩාව වෙනුවෙන් කැප කළා. මමත් ලස්සන වෙන්න ආසා කළා. ඒත් එකදිගට ක්‍රීඩා පුහුණුවීම් වෙනුවෙන් අව්වේ ඉඳිද්දී, නර්තන කණ්ඩායමේ හිටපු නිසා ඒ පුහුණුවීම් වෙනුවෙන් කැපවෙද්දී ඒ හැම දෙයක් ගැනම හිතන්න පුළුවන් වුණේ නැහැ. මට තාම මතකයි ක්‍රීඩා කරන්න ගිහින් කකුල්, අතපය තුවාලවෙලා ඒ කැලැල් පවා අත් පාවල තිබුණා. ඒ හැම කැපකිරීමක්ම මම පාසැල් ජීවිතය වෙනුවෙන් කළා. අද ඒවායේ සාර්ථක ප්‍රතිඵල ජීවිතයට ලැබිලයි තියෙන්නේ.”
ඒ වගේම ඒ අතීතය ගැන මේ විදිහටත් මතක් කළා.” අපේ තාත්තා මේසන් වැඩ කලේ. අපිට ඉන්න ගෙයක් තිබුණේ නෑ. අපි හිටියේ අපිට නෑදෑ වෙන කෙනෙක්ගේ කුස්සියයි කාමරයකුයි තියෙන ගෙදරක. මගේ මුලු ළමා කාලෙම ගෙවුණේ කුස්සියෙන් සාලෙට. සාලෙන් කුස්සියට. අපේ තාත්තා ලොකු කළු ගලක් උස්සන්න ගිහින් දණහිස ළගින් තුවාල වෙලා තෙල් ගාලා බෙහෙත් බැදලා කාලයක් වැඩ කරන්නැතුව හිටියා.ඒ කාලෙදි අපේ අම්මා ඉදි ආප්ප කඩවලට දාලා තමයි මාව ඉස්කෝලේ යැව්වේ. අපේ අම්මා මාව එක වේලක්වත් බඩගින්නේ තිබ්බෙ නෑ. එයා කොහොමහරි දුක් විදලා මට හොදම දේවල් කන්න දුන්නා. මම අද සතුටු වෙනවා ඒ විදියට දුක් විදපු මම අද ඉන්න තැන ගැන. නමුත් අද අපේ අම්මා අපි ළග නෑ. අම්ම නැති වීමත් එක්ක තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ.”