අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා. කලකට ඉහතදී විවිධ නිර්මාණ හරහා ඇය අපේ ආලින්දයට ආවා. එත් ඉතින් දැන් නම් ඇයව අපිට නිර්මාන තුලින් දකින්න ලබෙන්නේ නැති තරම්. ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“මම කාලෙකට එක දිගටම නිර්මාණවල දැකගන්නට පුළුවන්. ඒ වගේම තවත් කාලෙකට නිර්මාණවල දැකගන්නට නැහැ. මේ දවස්වල මම සම්බන්ධ වුණු නිර්මාණ මොනවත් විකාශය වෙන්නේ නැහැ. එහෙම විශේෂ හේතුවක් නැහැ. මම එක දිගට නිර්මාණ කිහිපයක වැඩ කළොත් මාස තුනක් විතර විවේකයක් ගන්නවා. සෑහෙන කාලයකින් අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඔව් මේ වසංගතයත් විශේෂයෙන් බලපෑවා. අලුත් නිර්මාණ කරන ශිල්පීන්ට ආරාධනා ලැබුණු නිර්මාණත් පස්සට ගියා. අනෙක ගිහින් මාක්ස් දාගෙන රඟපාන්න බැහැනේ.
මේ දවස්වල මම බාරගත්තු නිර්මාණවල අවසාන අදියරයේ කොටස් සඳහා රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. අලුත් නිර්මාණයකට මට ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු සඳහා ඉදිරියේදී සම්බන්ධ වෙනවා.මම එදා ඉඳලා චරිත තෝරා බේරාගෙන තමයි වැඩ කළේ. මම අත්හදා බැලීමක් විදියට මෙගා ටෙලිනාට්‍ය පිරියඩ් නාට්‍ය හැමදේකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතාමත් කෙටි කාලයක් තුළ මට විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණා. වර්තමානයේ දක්‍ෂ ශිල්පීන් හිටියත් ඔවුන්ගේ දක්‍ෂතා පෙන්වීමට හොඳ නිර්මාණ බිහි වීමේ අඩුවක් තිබෙනවා. ඔවුන්ට සම්බන්ධ වීමට මමත් තෝරා බේරාගැනීමක් නැතිව ආවනම් කාලයෙන් කාලයට එන රැල්ලට හසුවෙන්න තිබුණා.”
ඒ වගේම ඇයගේ මවගේ අසනීප තත්වය ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“ඇය ඉතාමත් සුවයෙන් ඉන්නවා. අම්මා පසුගිය කාලේ නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද අපි කැමැති වුණෙත් නැහැ අම්මා රඟපාන්න යනවාට. වෛද්‍යවරුන් කැමැති වුණෙත් නැහැ. නමුත් දැන් ඇයට සනීප නිසා නිර්මාණ සඳහා සම්බන්ධ වීමට වෛද්‍යවරුන් අවසර දුන්නා. අම්මාත් අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා දැන් වැඩකරගෙන යනවා. කාලෙකට පස්සේ තමයි නිර්මාණයකට සම්බන්ධ වුණේ. අම්මාගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් ඉදිරියේදී අම්මාව නිර්මාණ තුළින් දැකබලා ගැනීමට පුළුවන්.