ශෂී ඇන්ජලීනා කියන්නේ මියුසික් වීඩියෝ හරහා කලා දිවිය ආරම්භ කර දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් ලෙසින් අතිශයින්ම ජනප්‍රියට පත්වුණු තරුවක්. ඉතින් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 12ක් 13ක් පමණ වන ඇය මේ වන විට මියුසික් වීඩියෝ 200කට වැඩි ගණනකට පෙනී සිට තිබෙනවා.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.
“මම මියුසික් වීඩියෝ 263ක් වගේ කරලා තියනවා. මේ වෙද්දි 250 පැනලා තියෙනවා. හැබැයි හම්බ කරපු සල්ලි මං ගාව නෑ මම බෙදලා කට්ටියටම. සල්ලි බෙදන එක මගේ මෝඩකමක් වෙන්නැති කවුරු හරි කෙනෙක් මගෙන් උදව්වක් ඉල්ලපු ගමන් මම දීලා දානවා. ඒවා පහු ඉල්ලුවත් දෙන්නෙ නෑ.මගේ හිත උණු වෙනවා පටස් ගාලා. සල්ලි දීල මම අවුරුද්දක් දෙකක් ගිහින් ඉල්ලද්දී හැබැයි ඒව ජීවිතේටවත් ආපහු හම්බෙන්නෑ. උදාහරණයක් විදිහට මං යාළුවෙලා හිටපු boy මඟින් ඉල්ලුවොත් අනේ ඒක එයාගේ සතුට නේ කියලා මම දීලා දානවා. ඒක මගේ මෝඩකම. මම ඒ වගේ දීපු සල්ලි ලක්ෂ හැටක් හැත්තෑවක් විතර වෙනවා.එච්චර දීලා තියෙනවා. පොඩි පොඩි ගණන් නෙවෙයි. මම එකවර දෙන්නෙ ලක්ෂ 10 ඊට පස්සේ ලක්ෂ 5 වගේ ගණන්. “
පැරණි පුවත් – මම බොහෝ විට විවාහ වෙන්නෙ නැතුව ඉඳියි – ශෂී ඇන්ජලීනා
ඔයාලා දන්නවා නේද ශෂී ඇංජලීනා කියන්නෙ කවුද කියලා. රූප රචනා කලාවට ශෂීව නැතුවම බැරි කාලයක් තිබුණා. මේ වෙද්දි ඇය ගීතමය රූප රචනා 167කට පමණ සහභාගී වෙලා තියෙනවා. හරි. ඒ විස්තර පසුවට කතා කරමු. අපි මේ කියන්න හදන්නෙ ශෂී ගැන වෙන කතාවක්. මේ කතාව ඇහුවම සමහරවිට ඔයාලට දුකක් දැනෙන්නත් පුළුවන්. “විවාහය” කියන්නෙ සාමාන්‍යයෙන් තරුණියකට තිබෙන හීනවලින් එකක්නෙ. කලවයස උදාවුණාම, විවාහයට සුදුසු පෙම්වතෙක් මුණගැහුනම මේ කටයුතු සිදුකරගන්න එක තමයි සාමාන්‍ය විදිය.
හැබැයි ශෂීට නම් එහෙම විවාහ වෙන්න වුවමනාවක් නැතිපාටයි. කියන විදියට ශෂීට තවම පෙම්වතෙකුත් නැහැලු. විවාහ වෙන්න අදහසකුත් නැහැලු. ශෂීට ඕනෙ අම්මවයි මල්ලිවයි බලාගෙන පුරුදු විදියට ජීවත් වෙන්නලු. එහෙම කිව්වට අම්මලට දූලා ගෙවල්වල තියාගෙන ඉන්න බැහැනෙ. ශෂීගේ අම්මත් ඒ නිසා විවාහ යෝජනා ගේනවා. හැබැයි විවාහයට අදහසක් නැති නිසා ශෂී මෑතකදිත් එහෙම ගෙනාපු යෝජනාවක් ප්‍රතික්ෂේප කළාලු.
ශෂීට විවාහය එපා වෙන්න හේතුව මොකක්ද කියන්න අපි හරියට දන්නෙ නැහැ. ඒ වුණත් ශෂී අවස්ථා දෙකකදි ආදරය නිසා සෑහෙන මානසිකව දුක් වින්දලු. දැන් නම් ආයේ මේ කවුරු ආවත් පිළිගන්න හිතෙන්නෙ නැති තරමට ශෂීට තියෙන්නෙ ඒ අය ගැන පිළිකුලක්. විවාහ වෙන්න මනාලියක් වෙන්න ශෂීටත් හීන තිබුණ කාලයක් තිබිලා තියෙනවා. ඒත් ඒ හැමදේම දැන් වෙනස් වෙලා. මෙහෙම ඉන්නකොට තනිකම පාළුව නොදැනෙනවාමත් නෙමෙයි. ඒත් කාර්‍ය බහුල ජීවිතය නිසා ඒ දේවල් මගහැරෙනවාලු.
ශෂී ආදරය විවාහය සම්බන්ධයෙන් මෙවැනි කතා කිව්වට මොකද ඇයව තේරුම් ගත්ත ආදරණීය පෙම්වතෙකුට ඇගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙම පෙම්වතෙක් නුදුරු දිනෙක ඇයට මුණගැහේවි. ඒක අපේ ප්‍රාර්ථනාවක්.