මම රගපෑමට ආවේ ඩිග්‍රි එකක් කරලා සුදුසුකම් අරගෙන ලොකුකමකට කියනවා නෙමෙයි, ඒත් අද කාලේ කිසි සුදුසුකමක් නැතුව කට්ටිය එන්නේ

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියට අපේ කලා ක්ශේෂ්ත්‍රය තුල ඉන්න කැපී පෙනන චරිතයක් තමයි මේධා ජයරත්න කියන්නේ. ඉතින් ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය බෙහෙවින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. ඉතින් දරුවන් ඉන්න මවක් හැටියට මේධා තවම සුන්දර කාන්තාවක් විදියට සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඇය පසුගිය දවසක අද කලා ක්ශේෂ්ත්‍රය පත්වෙලා තියෙන තැන ගැන මේ විදියට අදහස් දක්වලා තිබුනා. ” අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුලට කිසිම සුදුසුකමක් නැතුව ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්. මගේ ලොකුකමකට කියනවා නෙමෙයි මමනම් ඩිග්‍රි එකක් කරලා හොද හැදෑරීමක් එක්ක කලා ක්ශේෂ්ත්‍රයට ආවේ.

නමුත් අද ඕනම කෙනෙකුට ටිකක් ඇහැට කනට පේන්න ලස්සනයිනම් කලා ක්ශේෂ්ත්‍රයට එන්න පුලුවන්. අපේ රටේ දේශපාලනයටයි, රංගනයටයි කිසිම සුදුසුකමක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්. ඒත් පිටරටවල් වල එහෙම බෑ හැදෑරීම් කරලා තමයි කලාවට එකතු වෙන්න ඕන.”

පැරණී පුවත් – “මන් ආසම රැවුල වවපු කළුම කළු කොල්ලන්ට, රැවුල නැති අයට මන් ආස නෑ” – මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නෙ අපේ රටේ ප‍්‍රසිද්ධ නිවේදිකාවක්, පසුකාලයක රංගනයට පිවිසෙන මේධා සිය නිවේදන භූමිකාව අභිබවමින් නිළියක ලෙස ජනතාව ගේ ආදරයට පාත‍්‍ර වෙනවා. ජනප‍්‍රියත්වය නිසාම තමන් කරන කියන හැම දෙයක් ගැනම ජනතාවගේ අවදානයට ලක්වීමේ කාරණය හේතුකරගෙන පසුගිය කාලයේ මේධාගේ කලා කටයුතු සේම පුද්ගලික දිවියේ ඇතැම් සිදුවීම් නිසාත් මිනිසුන්ගේ අවධනයට පාත‍්‍ර වූනා.

විටින් විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන චරිතයක් තමයි මේධා ජයරත්න කියන්නේ තනිකඩ ජීවිතයක් ගෙවන ගැහැණියක් ලෙසට ඇයට බාහිරින් එන බලපෑම් වලට මුහුණ දෙන ආකාරය ගැනත් කිව්වේ මෙහෙම කතාවක්

“එවැනි ප්‍රශ්න වලට මුහුණ දීමේ ආත්ම ශක්තියක් මට තියෙනවා, මම ප්‍රශ්න වලින් පැනලා හැංගිලා ඉන්න කැමති දෙනෙක් නෙවෙයි. විවිධ අයගෙන් විවිධ බලපෑම් ආවා. ගැහැනියක් තනියම ඉන්නකොට මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයන්ට මම පිළිතුරු දුන්න විදිය ගැන ඒ මිනිස්සුන්ම දන්නවා”

ඇගේ සැමියා ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්, අතීතයේ සිදුවුණු ප්‍රශ්න එක්ක නැවතත් ඔහුගේ නිර්මාණයකට ආරාධනා කලොත්

“මම මගේ පෞද්ගලික ජීවිතය නිර්මාණ සමඟ සසඳන්න යන්නේ නැහැ, ආරාධනාවක් ලැබුණොත් මම නිර්මාණය මගේ වෘත්තීය ගැන හිතලා මම සම්බන්ධ වෙනවා.  ඒ වගේම ඇගේ පෙම්වතත් ඇයට වඩා අඅවුරුදු දෙක තුනකින් ලාබාල කෙනෙක් කියලත් සඳහන්. ඒ වගේම අදටත් බොහෝ දෙනෙක්ගේ විවාහ යෝජනා ඇයට එනවලු‍. කෙසේ නමුත් එක්තරා වැඩසටහනක් අතරතුර දී මේදා ඇය ආස කරන විදිහේ පෙම්වෙතකු සතු ගති ලක්ෂණ කිහිපයක් පිළිබඳව හෙළිදරව්වක් කළා. එහිදී ඇය සඳහන් කළේ.

“මම කැමැතියි කලු‍ම කලූ කට්ට කලූ රැවුල වවපු අයට, මම ඇත්තටම හරිම ආසයි රැව්ල වවනවට. රැවුල කපලා ඉන්නවට මම ආසම නැහැ. ඒ ඇයි දන්නෑ නමුත් මම රැවුලට ගොඩක් ආසයි” ඇය හිතේ මැවිලා ඉන්න ආදරණීය පෙම්වතෙක් පිළිබඳව ඉඟි බිඟි පළ කරේ ඒ විදිහටයි.

 

ඉතින් ඇයගේ ඒ කළුම කළු පෙම්වතා කවුද කියලා නම් අපි දන්නේ නෑ, ඉතින් කොහොම නමුත් අපි ඇගේ ඉදිරිගමනට සුභ පතනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *