සමහර රසිකයින් මට කියලා තියනවා ආලියා බාත් වගේ කියලා. මම නම් ඉතින් එච්චර ලස්සනද කියලා දන්නේ නෑ

TVදෙරණ නාලිකාවේ විකාශනය වන ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා කල ක්ෂේත්‍රයට පිවිසි ඉතාමත්ම ජංඅපෙඉය තරුවක් බවට පත්වූ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ. ඉතින් ඇයට කලා ක්ෂේත්‍රයට පැමිණීමට දොරගුළු විවර වුන හැටි පැවසුවේ මේ විදිහටයි.“2019 අවුරුද්දේ ජාතික රුපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට සහභාගී වෙලා සක්කාරං ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්තාව උදාවුනා. ඊටපස්සේ දෙවනි ඉනිමේ රඟපාන්න ආරාධනා ලැබෙන්නේ. කලාවට එනවා කියලා ලොකු අරමුණක් තිබුනේ නැහැ, මටත් වඩා මාව නිලියක් වෙනවා දකින්න අම්මාට ආසාවක් තිබුනා. තාත්තා නම් ඒවාට එච්චර කැමැත්තක් තිබුනේ නැහැ.

අවුරුදු කුමරියට යද්දිත් තාත්තා කිව්වා තරඟයට ගිහින් එන්න රඟපාන්න යන්න එපා කියලා. අම්මත් තරුණ කාලේ ආසාවෙන් ඉඳලා තියනවා කලාවට එන්න. ආච්චිත් කැමති වෙලා නැහැ අම්මා කලාවට එනවට. මගේ පළමු ටෙලිනාට්‍ය සක්කාරං කතාවේ රඟපාද්දී අම්මානම් ගොඩාක් සතුටු වුනා. අම්ම එදා දැක්ක හීනය මගෙන් දකින්න ආස වුණා, මටත් වඩා අම්මා සතුටු වෙනවා.”

ඒ වගේම ඇයගේ පවුලේ විස්තරත් ඇය මේ විදිහට පැවසුවා.“මට මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා, තාත්තා කිව්වේ පුළුවන් තරම් ඉගනගන්න එතකොට මල්ලියි නංගියි මගේ අඩිපාරේ එනවා කියලා. දැන්නම් රඟපෑමට තාත්තාගෙන එච්චර අකමැත්තක් නෑ. මෙතන අපි හොඳින් ඉන්නවානම් ලස්සන ගමනක් යන්න පුලුවන්. ඉක්මන් වෙලා ඉස්සරහට යන්න හැදුවොත් තමයි ගමන වෙනස් වෙලා වෙනත් දේවල් වලට යොමුවෙන්නේ.අධ්‍යාපනයත් කරන ගමන්ම තමයි රඟපාන්නේ.

අම්මගෙයි තාත්තගෙයි දෙන්නම හීන සැබෑ කරන එක තමයි මගේ බලාපොරොත්තුව. දැනට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාරනවා. රඟපෑම කියන්නේ මම ආදරය කරන ක්ෂේත්‍රය හා මගේ විනෝදාංශය. කැමරාවක් ඉදිරියේ රංගනයක් කරනවා කියන්නේ ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් ප්‍රේක්ෂක ආදරේ ලැබෙද්දී පුදුම සතුටක් දැනෙන්නේ. සමහර රසිකයින් මට කියලා තියනවා ආලියා බාත් වගේ කියලා මමනම් ඉතින් එච්චර ලස්සනද කියලා දන්නේ නෑ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *