මම සාමාන්‍යයෙන් ලෝකෙට පේන්න පින් කරන්නේ නෑ – දිනිති වල්ගමගේ

සමාජ ජාල තුල නිරන්තයෙන්ම කතා බහට ලක්වන රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.ඉතින් රංගන ශිල්පිනියක් වීමට අමතරව ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරන ඇය ඒ ගැන මේ විදිහට පැවසුවා.

“හිත ඇත්නම් පත කුඩාද. ඒ හැමදේම මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා මට කාල කළමනාකරණය කරන්න පුළුවන්. මම පැන්ඩෙක් වගේ නිදාගන්නේ නැහැ. ඇත්තටම මම නිදාගන්නවා අඩුයි. වැඩක් තියෙද්දී මම මූලික තැන දෙන්නේ ඒකටයි. පහුගිය කාලයේදී මට ආයතනයෙන් නිවාඩුත් ලැබුණා ඒ අතරේ. මම ගොඩක් වැඩ කරගත්තා. ආසාවෙන් කරනවා නම් ඕනෑම දෙයක් කරන්න ලේසියි.”ඉතින් ඇය පුංචිකාලේ ඉඳන්ම හීන දැක්කේ ලෝකය දකින්න කියලත් ඇය පැවසුවා.

“මට පුංචිකාලේ ලෝකය දකින්නයි ඕනවුණේ. මගේ හීනය වෙලා තිබුණේ ඒකම විතරයි. ඒක මට හැබෑ කරගන්න ගුවන්සේවිකාවක් වෙන්න. ගුවන් නියමුවරියක් වෙන්න ඕනවුණේ නැහැ. කොහොම හරි ලෝකය වටේ යන්නයි ඕනවුණේ. ඉස්සර වෙන රටවල්වල ඉඳන් එන අය එයාලා ගෙනත් දෙන තෑගි, එයාලා ඒ රටවල් ගැන කියන දේවල් නිසා මට ඒ ආසාව ඇතිවුණා. අනෙක පිටරටවල්වල ඉඳන් ගේන තෑගිවලත් ඒ කාලේ හරි අපූරු සුවඳක් තිබුණනේ. ඉතින් ඒ හැමදේම නිසාම ලෝකය බලන්න මම ආස කළා. ඉතින් ලොකු වෙද්දී ඒ හීනය දකින්න නම් සල්ලිත් ඕනේ කියලා මට තේරුණා. ඒ නිසා ලෝකයත් පෙන්නලා සල්ලිත් දෙන රස්සාවකට තිබුණ මේ රස්සාව අන්තිමේදී මම තෝරාගත්තා.”

ඒ වගේම ඇය මේ විදිහටත් පැවසුවා. “මම සාමාන්‍යයෙන් ලෝකෙට පේන්න පින් කරන්නේ නෑ මගේ හිතට එකඟව තමයි තව කෙනෙක්ට උදවු කරන්නෙ. මගේ අතට සල්ලි එන්න පටන් ගත්ත දවසෙ ඉඳලම මම එක එක අයට උදවු කළා.අදටත් හැම මාසෙකම දුප්පත් අහිංසක පවුලකට උදව් කරනවා. සමහර අය කියනවා මම මිනිහෙක්ට උදව්වක් වත් කරන්නැති ආඩම්බර කෙනෙක් කියලා එනිසා තමයි අපි කරන සමහර දේවල් social-media දාන්නේ ඒවා දකින තවත් පිරිසක් රැල්ලට හරි එක කරයි කියලා හිතලා.”ඒ වගේම ප්‍රථම ප්‍රේමය ගැනත් ඇය මතක් කලේ මේ විදිහටයි. “ම ඉස්සර Tom Boy කෙනෙක් වගේනේ. ඒ නිසා මට එහෙම කොල්ලෝ ගැන අදාලම නැහැ. මට අයියල දෙන්නෙක් හිටියනේ. ඒ නිසා මගෙන් අහන්න සමහරු බයවුණා. කොල්ලෙක් මගේ දිහා බලන්නත් බයයි. ගුටිකන්න වෙන නිසා. එහෙම ගුටිකාලත් තියෙනවා. මගෙනුත් අනවශ්‍ය දේවල්වලට ආපු කොල්ලේ කිහිප දෙනෙකුත් ගුටිකාලා තියෙනවා. මගේ හිතට දැනුණු ප්‍රේමයක් තිබුණා. නමුත් අද ඒක නැහැ. දැන්නම් මම පෙම්වතියක් නෙමෙයි. ඒක මේ කාලයේදී ගන්න හරි අමාරුයි. මේ කාලයේදී ගෙවන්නේ හරි කාර්යබහුල කාලයක්. ඒ කාලයේදී එවැනි ආදරයක් පටන් ගත්තොත් ඒ කෙනා පව්. මට එයාට කාලය දෙන්න බැරිවුණාම ඒක එයාට දුකක් වේවි. ඒ නිසා මේ වෙද්දී මම නම් පෙම්වතියක් නෙමේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *