යුරේනි නොෂිකා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හා නිවේදන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා. ඉතින් කූඹියෝ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය නිනෝ ලයිව් චිත්‍රපටය හරහා සිනමාවට පිවිසුනා.ඉතින් ඉන් පසු දිගු නිහැඬියාවකට පසු නයිට් රයිඩර් චිත්‍රපටය හරහා නැවතත් සිනමාවට ඇවිත් තිබෙනවා. ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“සමහර අවස්ථාවලදී අපිට නිහඬ වෙලා ඉන්න සිදුවන වාර අනන්තයි. මම ඕනවට එපාවට සිනමාපටවලට දායක වෙන්නෙත් නැහැ. හොඳ තිර පිටපත් ලැබෙනවා නම් ඒකෙ මම සලකා බලන කරුණු ටිකක් තියෙනවා. ඒවා සරිලනවානම් මම ඒ සිනමා පටයට දායක වෙනවා. මම හරිම සරල විදිහට ජීවත් වෙන නිසා, ඒ ඇවතුම් පැවතුම්වලින් මගේ සුපුරුදු එදිනෙදා කටයුතු ටික කරගෙන යනවා.
මම වගේ හිතන්න පටන් ගත්තොත්, කාටවත් එතරම් ප‍්‍රශ්නයක් වෙන්නැති වෙයි කියලා හිතනවා. නැති ප‍්‍රශ්න ඔළුවට දා ගත්තාම ප‍්‍රශ්න වැඩිවෙනවා. එහෙම වුණාම ප‍්‍රශ්න පොදි බැඳගෙනයි හැමදාම ජීවත් වෙන්නේ. ඒ නිසා මගේ ගමන මම සෙමෙන් යන්නෙ.මට හම්බවුණු සියලූම අධ්‍යක්ෂවරුන්ගෙ නිර්මාණ කුලූඳුල්. එකක් මගෙත් කුලූඳුල් චිත‍්‍රපටය. ඒ නිසා ඒක එච්චර ගාණක් නෑ මට. අධ්‍යක්ෂකවරයාගේ පිටපතේ තියන විදියට අධ්‍යක්ෂකවරයා නළු නිළියන් තෝරනවා නම් කුලූඳුල් ද ප‍්‍රවීණ ද කියන එක එතෙන්ට අදාළ නෑ කියලා මම හිතනවා. අධ්‍යක්ෂකවරයාට ඕන විදිහට නළු නිළියන් ඒ ඒ චරිතවලට සාධාරණයක් කරනවා කියලා හිතුණා නම්, අධ්‍යක්ෂකවරයාට සතුටු විය හැකි යැයි මම හිතනවා. මම හිතන විදියට නවක අධ්‍යක්ෂකවරු නළු නිළියන්ගේ මිල මුදල් නෙවෙයි බලන්නේ. ඔහු හෝ ඇය චරිතයට ප‍්‍රශස්ථනීය බවක් ඉටු කරනවාද කියන එක විතරයි. අද ගොඩක් දෙනෙක් සම්මාන ලබන්නේ නවක අධ්‍යක්ෂවරුයි. ඒ නිසා මට නම් නවක අධ්‍යක්ෂකවරයකු කියලා කිසිම විටෙක අධ්‍යක්ෂවරයකු දැනෙන්නෙත් නැහැ. ඔහුට මම දර්ශන තලයේදී දක්නට ලැබුණේ ශානි සූරිය බණ්ඩාර කියන නිළිය පමණයි. දර්ශන තලයෙන් පස්සේ අපි සියලූ දෙනාම යාළුවෝ වෙනවා. ඒක නිර්මාණයකදී දැකිය යුතු හොඳ ලක්ෂණක්.”
ඉතින් මෙම චිත්‍රපටය ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“පිටපත මගේ අතට ලැබුණාට පසුව චරිතයේ දිග පළල නෙවෙයි මම බැලූවේ. මට කොච්චර සාර්ථක ලෙස ”ශානි සූරියබණ්ඩාර” කියන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක විතරයි. අධ්‍යක්ෂකවරයා මාව තෝරා ගෙන තියෙන්නේ ද ප‍්‍රවීණ ද ආධුනික කියන පදනම මත නෙවෙයි. තිරපිටපතේ තියෙන විදිහට ශානි සූරියබණ්ඩාරට සාධාරණයක් ඉටු කරනවාද කියලා හිතාගෙන පමණයි. 2017 වර්ෂයේ සිදුවුණු සමාජීය, දේශපාලනික පසුබිම් මත ගොඩනැඟුණු කතා වස්තුවක් අද 2022ට ද කාලෝචිත වී හමාරයි. අත්අඩංගුවට ගැනීම, පැහැර ගැනීම්, නාස්තිය භීෂණය, සමාජය තුළ වපුරමින්, විවිධ පුද්ගලයින් ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කරන අකටයුතුකම් පාදක කරගෙන ඇති මෙම පිටපතට මම ගොඩක් ආසා කළා. ත‍්‍රාසය, භීතිිය, කුතුහලය, සතුට, දුක, සොම්නස පිරි ඉතිරිලා තියනවා පිටපත පුරාවටම. පිටපතේ තියෙන මේ දර්ශන තලය හා එවැනි සිනමා පටයක් මේ වෙනකම් බිහිවෙලා නැති හින්දා මම ආදරයෙන් මෙය භාර ගත්තා.මට මේ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් තමයි, කරන්න පුළුවන්. මම ශානි සූරියබණ්ඩාරට සාධාරණයක් කරනවා කියලා හිතනවා.
ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් තුළින් කාන්තාවන් රාජකාරි කරන ආකාරයත්, විවිධ බාධක හිරිහැර කම්කටුලූ මැද දහවල, රාත‍්‍රිය නොතකා කරන රාජකාරියට සාධාරණයක් කරන ආකාරයත් ශානි සූරිය බණ්ඩාර වැනි කාන්තාවන් මගේ ජීවිතේට සැබැවින්ම හමුවීමත් මට මේ චරිතය කිරීමට ලොකු පිටිවහලක් වුණා. අතරමඟදී හමුවන ටැක්සි රියදුරකුගේ ටැක්සියට නැඟ තම ජීවිතය බේරා ගැනීම තුළ සිදුවන ක‍්‍රියාදාමයන් එකිනෙකට පෙළගස්වමින් නොකියාම ඉන්න බැරි තැන ඇය හඳුන්වා දෙමින් සිනමාපටයේ ශානී සූරිය බණ්ඩාරගේ කතාව දිග හැර ගෙන යනු ලබනවා. සතුටු වෙන්න පුළුවන් විදිහට මේ වන විට මට හොඳ ප‍්‍රතිචාරත් ලැබෙනවා.මගේ තුන් වෙනි සිනමා නිර්මාණය ලෙසටයි මෙය එන්නේ. මේ කරපු සියලූම නිර්මාණවල අධ්‍යක්ෂකවරු කුලූඳුල් අය. ඒක මා සඳහන් කළ යුතුමයි. ඒ සියලූ දෙනාත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ටෙලි නාට්‍යය දහයකට වැඩිය කරලා තියෙනවා. හොඳම සහය නිළිය ”කූඹියෝ” ටෙලි නාට්‍යයෙන් හම්බුණා. වැදගම්මකට නැති නිර්මාණවලට දායක වනවාට වැඩිය හොඳ නිර්මාණ තුන හතරකට දායක වුණාම තමන්ට කියලා ස්ථාවරයක් හදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට. එතැනයි මම අද ඉන්නේ.: