මගේ මතකය හැටියට ආදර සම්බන්ධතා තුනක් වගේ තමයි මට තිබුණේ – ධනංජි තාරුකා

ධනංජි තාරුකා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් තරමක් දඟකාර කටකාර තරුණියක් වන ඇය ඒ ගැන මේ විදිහට පැවසුවා.“තනි වචනයෙන්ම කියනවා නම් ඉතාම සරළ ගති පැවතුම් ඇති කෙනෙක් කිව්වොත් හරි. ටිකක් විතර දඟ කෙනෙක්. හැබැයි ගොඩක් අහිංසකයි කියලත් කියන්න පුළුවන්.පාසල් කාලේ මම ගොඩක්ම දක්ෂ වෙලා තිබ්බේ චිත්‍ර අඳින්න. හැම වසරේම මම පාසල් චිත්‍ර තරගවලදි පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගෙන තියෙනවා. රංගනයට අමතර ගත්තොත් මගේ ජිවිතේ මම ගොඩක්ම දක්ෂ වෙලා හිටියේ චිත්‍රවලට කිව්වොත් හරි. ඊට අමතරව මම ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක් කියලා කියන්න පුළුවන්.කැමතිම ක්‍රීඩා ගොඩක් තියෙනවා. දක්ෂ මොකටද කියලා ඇහුවොත් මම ගොඩක්ම දක්ෂයි නේට්බෝල් ක්‍රීඩාවට.

මම පාසල් මට්ටමින් පමණක් නොවෙයි කොට්ටාස, දිස්ත්‍රික්ක, පළාත් මට්ටම තෙක් නේට්බෝල් ක්‍රීඩාව තුළින් ජයග්‍රහණ අත්කර ගෙන තියෙනවා. ඊට අමතරව, වොලිබෝල්, එල්ලේ, ක්‍රිකට් වගේ ක්‍රීඩාත් මම කරලා තියෙනවා. ඒ වගේ සහතික කුසලාන එහෙමත් ක්‍රීඩාව පැත්තෙන් ගොඩක් දිනලා තියෙනවා.මම කැමතියි වනිඳු හසරංගට. ක්‍රිකට් තරග වැඩිපුර නරඹන්නේ නැති වුණත් මම ඔහු ක්‍රීඩා කරන විඩියෝ එහෙම බලලා තියෙනවා. වනිදුට කැමති වෙන්න හේතුව තමයි ඔහුගේ ක්‍රීඩා විලාසය. හැම වෙලාවෙම මම දකින විදිහට ඔහුගේ දායකත්වය සියයට සියයක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න උත්සාහ කරනවා. කලාතුරකින් තමයි එහෙම ක්‍රීඩකයෝ අපිට දකින්න ලැබෙන්නේ.”

ඉතින් ඒ වගේම ඇය ඇයගේ ප්රෙමයන් ගැන මේ විදිහට පැවසුවා. “පාසල් කාලේ වසර ගණනක් ඇදුණ ප්‍රේම සම්බන්ධයක් මට තිබුණා. මට මතක හැටියට ඒ සම්බන්ධය අ.පො.ස උසස් පෙළ විභාගය තෙක් වගේ තිබුණා. ගෙදර අයගේ අකමැත්ත නිසා මට ඒ සම්බන්ධය නතර කරන්න වුණා. මගේ මතකය හැටියට ආදර සම්බන්ධතා තුනක් වගේ තමයි මට තිබුණේ. ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දි මට ෂැගීව මුණ ගැහුණා. අද ඔහුත් එක්ක මම එක වහළක් යට මගේ ජිවිතේ ගෙනියනවා ගොඩක් ආදරෙන් හා සතුටෙන්.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *