පසුගියදා පැවති මිසිස් ශ්‍රී ලංකා තරඟයේ මිසිස් ශ්‍රී ලංකා ලෙසින් කිරුළු පැළඳුවේ සුරූපී ඌෂි පෙරේරා මහත්මියයි. ඇය ආදරණිය බිරිඳක් වගේම පුතණුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වූ ඇය මේ විදිහට අදහස් දැක්වුවා.“මම සෑහෙන අභියෝග වලට මුහුණ දීපු කෙනෙක් ව්‍යාපාරයක් පටන් අරගන්න මුලින්ම මම අභියෝග වලට මුහුණ දුන්නා.නමුත් මගේ හස්බන්ඩ් මට ලොකු සහයෝගයක් දෙනවා. මොනම හරි විදිහකින් මාව එයා බේරගන්නවා.
ඒක නිසා මම බය නැහැ ඒ වගේ ගොඩක් දේවල් මම ගෙදරට අරගෙන යනවා.”ඉතින් මිසිස් ශ්‍රී ලංකා වැනි තරඟයකට සහභාගී වී ජයග්‍රහණය කිරීමට තම ආදරණිය සැමියාගෙන් ලැබුණු සහයෝගය ගැනත් මේ විදිහට පැවසුවා.“එයා මට හැමදේම කරන්න ලොකු සහයෝගයක් දෙනවා.මට එයා ගැන කියන්න වචන නැහැ ඒ තරමටම එයා මට පුදුම විදියට මගේ හැම දේකටම ගොඩක් උදව් කරනවා.කවුරුහරි මට වැරදි කමෙන්ට් එකක් හරි දාල තිබුනොත් මම නෙවෙයි අප්සට් වෙන්නේ එයා තමයි අප්සට් වෙන්නෙ.”
ඒ වගේම ඌෂි පෙරේරා කියන්නේ දුඹුරු පැහැයට හුරු සමක් තිබෙන සුරුපිනියක්. ඉතින් වර්තමානයේ බොහෝ තරුණියන් තමන්ට උපතින්ම ලැබුණු පැහැය වෙනුවට සුදු පති සමක් ලබා ගැනීමට වෙහෙසෙනවා.ඉතින් එහෙම යුවතියන්ට ඇය මේ විදිහට උපදෙස් ලබා දුන්නා.“ගොඩක් අය සුදු වෙන්න කියලා ක්‍රීම් ගානවා එතකොට මූණ එක පාටක් ඇඟ එක පාටක්.එහෙම නැතිනම් injection ගහනවා මුළු ඇගම එක පාටක් වෙන්න කියලා.එතනින් එහාට ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ පිග්මන්ටේෂන්,කළු පැල්ලම්,අව්වෙ යන්න බැහැ.ඉතින් මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම මිනිස්සු කියලා.
පිටරට මිනිස්සු මුළු දවසම අව්වේ ඉන්නවා අපෙ skin color එක ගන්න.දැන් beauty pageants ගත්තොත් ගොඩක් වෙලාවට දිනන්නේ මේ brown skin තියෙන අය විශේෂයෙන්ම අප්‍රිකාව වගේ.මට හිතෙනවා brown skin කියන්නේ හරිම ලස්සන glowing skin එකක් කියලා.මම කියනවා තමන්ට ලැබිලා තියෙන දේ ආරක්ෂා කරගෙන ඒක හොඳින් බලාගන්න කියලා. එහෙම නැතිනම් දැන් කරන දේවල් වල ප්‍රතිඵල තව අවුරුදු දහයකින් විතර ලැබෙන්න ගන්නකොට ගොඩක් දුකයි.”