හසිනි සැමුවෙල් කියන්නේ කලක් සමාජ ජාල තුල නිරන්තරයෙන් කතාබහට ලක්වූ නිරූපණ ශිල්පිනියක්. කොහොමවුනත් විවාහයෙන් පසු කලක් නිහඬව සිටි ඇය දැන් නැවතත් නිරූපණයට පිවිසි තිබෙනවා. ඉතින් ජනප්‍රිය රැප් ගායකයෙකු වන ෆිල්ටී සමඟ විවාහ වී සිටි ඇය දැන් පුංචි පුතෙකු සමඟ තනිවූ මවක්. ඉතින් මේ දිනවල ජීවිතය ගැන ඇය මේ විදිහට පවසා තිබුණා.“ජීවිතේ නම් හරිම සුන්දරයි. මම දැන් තනිවුණු අම්මා කෙනෙක් විදියට පුතා එක්ක ජීවත් වෙන්නේ. ඉතින් මගේ දෙමාපියන් එක්ක පුතා හදාගෙන සතුටින් ජීවත් වෙනවා. දුකක් නැත්තේ නැහැ. දුකක් තියෙනවා. නමුත් ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන ඉන්නවා.”ඉතින් ඇය කලාවට ආ ගමන්මග මේ විදිහට මතක් කලා.“මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ 2017 දී මිස් ටුවරිසම් පැජන්ට් එක හරහා. ඒ පැජන්ට් එකේ මම second runner up වුණා. එතැනින් පස්සේ මම මිස් ඒෂියා පැසිපික් පැජන්ට් එකට ඇප්ලයි කළේ. එතැනදී මම ජයග්‍රණය කළා. ඊට පස්සේ පිලිපීනයේ මැනිලාවලදී මිස් ඒෂියා පැසිපික් ඉන්ටර්නැෂනල් පැජන්ට් එක ලංකාව නියෝජනය කළා. එතැනදී මට පුළුවන් වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් මිනි ටයිටල් එකක් දිනා ගන්න. ඒ හරහා තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.”
ඉතින් කලක් නිහඬව සිටි ඇය දැන් නැවතත් කලාවට අවතීර්ණ වෙලා ඉන්නවා.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“මෑතකදී මම නිර්මාණයකට සම්බන්ධ වුණා. දකින්නත් ඇති C Chainගේ ‘she konws me’ සින්දුව. ඒ වගේ තව ආටිස්ලා එක්ක වැඩ කරලා තියෙනවා සහ වැඩ කරමින් පවතිනවා. ඒ නිර්මාණ ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඒ නිසා හසිනි සැමුවෙල් කියන්නේ කවදාවත් කලාවෙන් ඈත් වෙන කෙනෙක් නෙවෙයි. හසිනි කියන්නේ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන් කලාවට ආව කෙනෙක්. ඉතින් මම මිස් කැටගරි එකෙන් දේශීය පැජන්ට් තුනක් නියෝජනය කළා. ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක් නියෝජනය කළා. ඒවායින් ලංකාවට ජයග්‍රහණයක් ගෙනාව කෙනෙක්. ඉතින් මම කියන්න කැමතියි ඉදිරියේදී මිසිස් පැජන්ට් එකක් නියෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”ඉතින් විවාහයෙන් වෙන් වූ ඇය තම සැමියා ගැනත් මේ විදිහට පැවසුවා.“අදටත් මගේ හස්බන්ඩ් එක්ක කිසිම තරහක් නැහැ. එයත් එහෙමයි. මගේ දරුවටත් ගොඩක් ආදරෙයි. ඒ නිසා කිසිම දවසක එයා මට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ නිසා මම හිතන්නේ නැහැ මට ඒ වගේ දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි කියලා.සමහර දේවල් තියෙන්න පුළුවන් මම අකැමැති. එහෙම අකැමැති වීම් නොගැළපවීම් තියෙන කොට රණ්ඩු කර කර ජීවත් වෙනවට වඩා හොඳයි වෙන් වෙන එක. ඒ නිසා කිසිම තරහක් නැහැ. මම තනි වුණත් එයා කොහේ හරි කොතැනක හරි සතුටින් ඉන්නවා නම් ඒක තමයි මගේ සතුට.ඇත්තටම මම නැවත ඒ වගේ දෙයක් ගැන හිතන්නේ නැහැ. මොකද මට දැන් පුංචි පුතෙක් ඉන්නවා. මගේ ජීවිතේ වටින එකම දේ මගේ පුතා. මගේ අම්මයි තාත්තයි මට ඉන්නවා. ඒ නිසා මම හිතනවා මට තවත් කෙනෙක් ගැන හිතන්න තරම් මනසක් නැහැ. ඊට වඩා මම කැමතියි මගේ එදිනෙදා වැඩ කටයුතු ටික හොඳින් කරගෙන ධර්මය අහගෙන පුතා සමග කාලය ගත කරන්න.”
ඒ වගේම මේ දේවලුත් ඇය පැවසුවා.“ඇත්තටම මම මීට පෙර ආශ්‍රය කරපු ගොඩක් අය මම දැන් ආශ්‍රය කරන්නේ නැහැ. තෝරා ගත් පිරිසක් පමණයි මා ළඟින් ආශ්‍රය කරන්නේ. ඒ අයට ලොකු සර්ප්‍රයිස් එකක් වුණා මම දාපු ඡායාරූප. හැබැයි මම ඉස්සර ඉඳන් බණ අහන පන්සල් යන කෙනෙක්. නමුත් එවැනි දේවල් සමාජගත කළේ නැහැ. ඉස්සර හිටිය හසිනි සැමුවෙල්ට වඩා දැන් ඉන්න හසිනි වෙනස්. දැන් මම අම්මා කෙනෙක් ඒ නිසා ගොඩක් ශක්තිමත් ඒ කාලේ හිටියට වැඩිය. ඉතින් ඒ නිසා මට හිතෙන දේවල් සහ මම විශ්වාස කරන දේවල් මම මගේ මුහුණු පොතට එක් කරනවා.තවම මට අවුරුදු 23යි. ඒ නිසා අදටත් මගේ ෆැෂන් වෙනස් වෙන්නේ නැහැ. එදා කරපු ෆැෂන් ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. නමුත් මම අද ෆැෂන් කරන්නේ අම්මා කෙනෙක් කියන තැන ඉඳගෙන. ඒ නිසා මගේ ෆැෂන් මිනිස්සුන්ට වෙනස් විදියට පෙනෙන්න පුළුවන්. මම විශ්වාස කරන දේ තමන්ගේ ශරීරය ලස්සනයි නම් සහ නිරූපණ ශිල්පිනියක් නම් ඕනෙම ඇඳුමක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම අඳින්න බැරි අය තමයි තව කෙනෙක්ට අපහාස වෙන විදියට විවේචනය කරන්නේ. ඒ නිසා ෆැෂන් කියන දේට මම කවදාවත් ගරහන්නේ නැහැ. මට හැමදාමත් නිරූපණය නිරූපණයමයි.මම අදටත් නිරූපණ කටයුතු කරනවා. ඊට අමතරව මගේම ව්‍යපාර කටයුතු කිහිපයක් තියෙනවා. ඒ නිසා දැනට නම් මට ආර්ථික ගැටලු කිසිවක් නැහැ.”
ඒ වගේම තම පවුල ගැනත් මේ විදිහට පැවසුවා. “මගේ මුළු ජීවිතේම මගේ පවුල. අම්මා, තාත්තා වගේම මට ඉන්නවා අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක්. අක්කා නම් මේ වෙද්දී විවාහකයි, එයාටත් බබෙක් ඉන්නවා. නංගි මගේ හැම දේකටම ගොඩක් උදව් කරනවා. අද මගේ තුළ පොඩි හරි ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය මට ලැබිලා තියෙන්නේ මගේ පවුලේ අය නිසා.”ඒ වගේම අතීතය ගැනත් මේ විදිහට පැවසුවා.“ඇත්තටම අතීතය ගැන හිතද්දී මම පසුතැවෙන අවස්ථාවන් තමයි මට නොගැළපෙන සමහර යාළුවන් ආශ්‍රය කිරීම. මම ඕනෙම කෙනෙක්ට කියන්නේ සමාජයක් වුණත් කෙනෙක්ගේ ප්‍රතිරූපය දකින්නේ ඒ කෙනා ආශ්‍රය කරන අයගේ විදියෙන්. ඒ නිසා මම කියන්නේ යාළුවෝ ආශ්‍රය කරද්දී පරිස්සම් වෙන්න. ඒක විතරයි මම පසුතැවෙන එකම දේ. මම මේ ක්ෂේත්‍රයට ආවේ වයස අවුරුදු 18දී. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. මගේ තාත්තා ආස කළේ මම ගණිත අංශයෙන් ඉගෙන ගෙන ඉංජිනේරු අංශයේ රැකියාවක් කරයි කියලා. අම්මත් එහෙම තමයි හිතුවේ. ඒ නිසා කවුරුත් හිතුවේ නැහැ මම කලාවට එයි කියලා. ඉතින් ඒ දවස්වල තාත්තා වගේම අම්මත් මා එක්ක තරහින් හිටියේ. ඒත් අම්මා මගේ ආසාවන් සහ හැකියාවන් නිසා මට උපදෙස් දුන්නා. නමුත් මම ඒ වයසේදී ඒවා හරියට තේරුම් ගත්තේ නැහැ.මම ආව ගමන ගැන මම සතුටු වෙනවා. මම මගේ ජීවිතේ ගැන කලාව තෝරා ගැනීම ගැන සතුටු වෙනවා. මම අදටත් පුදුම විදියට ආදරෙයි කලාවට. ඒ නිසා ඉදිරියට කලාව වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කලාවට එදත් අදත් හෙටත් ආදරෙයි.”