ජනප්‍රිය වෙන්න සුදු වෙන්න ඕනේ නෑ, ඔය කියපු විදියේ දේවල් මම කරලත් නෑ – සජි මොහොට්ටිගේ

හිරු FM හා හිරු TV නාලිකා හරහා රටේම ආදරය දිනාගත් සුරූපී දක්ෂ නිවේදිකාවක් තමයි සජි මොහොට්ටිගේ කියන්නේ. ඉතින් ඇය ඇයගේ පවුලේ විස්තර මේ විදිහට පැවසුවා.”මගේ සම්පූර්ණ නම සජී නිසංසලා මොහොට්ටිගේ. මම පාසල් ගියේ තංගල්ල බාලිකා විද්‍යාලයට. පවුලේ අය අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. අක්කා විවාහකයි. ඉතින් ඒ වගේම හිරු TV නාලිකාවේ ‘වින්දනීය උදැසන’ සජීවී ටෙලිවිෂන් වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඇයයි. ඉතින් ඒ ගැන මේ විදිහට පැවසුවා.

“මං ආසාවෙන් කරන දේ තමයි හිරු වින්දනීය උදෑසන. ඒකෙ පැය එකහමාර යනවත් දැනෙන්නේ නෑ. මොකද ඒක එච්චරටම ආසාවෙන් කරන්නෙ කරන වැඩත් එක්ක.”ඉතින් ඇය පවසන්නේ ගුවන්විදුලි සජීවී ඉදිරිපත් කිරීමකට වඩා ගොඩක් වෙනස්කම් ටෙලිවිෂනයේ මේ සජීවී ඉදිරිපත් කිරීමකදී තියෙනවා කියලයි.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. රේඩියෝ එකේ අපිව පේන්නේ නෑනේ, ඇහෙනවා විතරනේ. එතකොට ඇස්දෙක පියාගෙන හරි කතා කරන්න පුළුවන්. හැබැයි, ටෙලිවිෂණයේ අපිව පේනවා, ඇහෙනවා ඔක්කොම. Movementsවල ඉඳලා හැම දේම අනිත් අයට පේනවා. එතකොට ඒක ලොකු වෙනස් අත්දැකීමක් වුණා. හැබැයි දැන් නම් පුරුදු නිසා එහෙම ප්‍රශ්නයක් නෑ.”

කොහොම වුනත් සජි ජනප්‍රිය වෙන්න ඕනා නිසා සුදු වෙන්න එක එක දේවල් කරන බව තමයි සමහරු කියන්නේ.ඒ වුනත් ඇය ඒ ගැන පැවසුවේ මේ වගේ අදහසක්. “ඔව්, මමත් ඒක දැකපු දෙයක්. ජනප්‍රිය වෙන්න ඇත්තටම සුදු වෙන්න ඕනේ නෑ. මුලින් ඒක කියන්න ඕනේ, ඔය කියපු විදියේ දේවල් මම කරලත් නෑ. එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නෑ. මම ආස මේ දැන් ඉන්න මට. ඉතින් කවුරු කොහොම මොනා කීවත් ඒක කියන අයගේ දෙයක්. මම දන්නවනේ මම එහෙම නෑ කියලා. එච්චරයි.”ඉතින් නිවේදනයට අමතරව ඇයට මියුසික් වීඩියෝවකට සම්බන්ධ වීමටත් අවස්තාවක් ලැබුණා.ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා.

“මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණේ රොමේෂ් සුගතපාල අයියා නිසා. එයා අපේ FM එකට ආපු වෙලාවේ නිකන් විහිළුවට වගේ කිව්වා ඔයා තමයි මගේ ඊළඟ මියුසික් වීඩියෝ එකට ඉන්නේ කියලා. ඉතින් මමත් ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ, හා එන්නම් කීවා. ඊට පස්සේ sandesh bandara එයා තමයි කතා කරලා කිව්වේ රොමේෂ් අයියාගෙ වීඩියෝ එකට ඔයාව ගන්න ඕනෙ කියලා. එතකොට තමයි මට හිතුණේ එදා ඇත්තටම තමයි කියලා තියෙන්නෙ කියලා. ඊට පස්සේ තමයි ‘පවසන්න’ Music වීඩියෝ එකට සම්බන්ධ වුණේ.රංගන ශිල්පිනියක් කියන්න පුළුවන්. හැබැයි තවම ඒ කරපු ටෙලි නාට්‍ය එළියට ඇවිත් නෑ. දෙසැම්බර් මාසෙ පළවෙනි සති අන්තයේ ඉඳන් බලාගන්න පුළුවන්. හිරුගෙන්මයි ඒක එළියට එන්නේ.පළවෙනි ටෙලි නාට්‍ය හිරුගේ “Shadow” කියලා. දැනට එච්චරයි කියන්නේ.”

ඉතින් ඒ වගේම ඇයට ලැබෙන ආදර ඇරයුම් ගැනත් මේ විදිහට් පැවසුවා.“මං ආසම හරිම සරලම විදියට ඉන්න. ලොකු ලොකු දේවල් පස්සේ යන්නේ නෑ. ඩෙනිම් එකයි, ටී ෂර්ට් එකයි දාගෙන යන්න පුළුවන් නේ. ඒක තමයි ලොකුම fashion style එක.ගොඩක් අයව මම ආශ්‍රය කරන්න බයයි. මොකද මම හිතන්නේ අනිවාර්යයෙන් ඒ අයත් මම වගේ කියලා. ඒක මගේ අවුලක් වෙන්න ඇති. අර මම හිතනවානෙ මේ හැමෝම මගේ යාළුවෝ කියලා. හැබැයි මම එහෙම හිතුවට ඒ අයගෙ හිත්වල මොකක්දෝ කැමැත්තක් තියෙනවා. ඒ නිසා මම ෂේප් වෙලා යනවා. යාළුකම විතරක් පරිස්සම් කරගෙන ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කරනවා.පෙම්වතා ගැන කියන්න, පෙම්වතෙක් නෑ. හමුවුණු දවසට කියන්නම්.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *