දිනේෂ් තරංග කියන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඒ වගේම තවත් කාරනාවක් නිසා ඔහු ගැන අපේ රටේ සමාජ ජාල තුල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. ඒ ඔහු ඔහුට වඩා අවුරුදු 9ක් වයසින් වැඩි කාන්තාවක් සමඟ විවාහ වී සිටීම නිසයි. සමාජයෙන් කොතරම් විවේචන එල්ල වුනත් ඔවුන් නම් ඒවා සතපහකට ගණන් ගන්නේ නැතිව හරිම ආදරයෙන් කාලය ගත කරනවා.ඉතින් පසුගිය දවසක යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙලා ඔවුන්ගේ සුන්දර අතීත මතකයන් මේ විදිහට මතක් කළා.
“මම මේක කියන්න දෙපාරක් හිතන්න ඕනි නෑ. මොකද මම මගේ පළවැනි මැරේජ් එකෙන් මම ෆේල්. ජීවිතේ ටිකක් පහුවෙලා තමයි ඉතින් හරියන දේවල් වෙන්නෙ. මගේ අම්මි නැතිවෙනවා මට අවුරුදු 29දී. මගේ තාත්තා නැතිවෙනවා අවුරුදු 19දී. අම්මි නැතිවුණාට පස්සෙ තමයි තාරක (දිනේෂ් තරංග තාරක) පල්ලියේ යූස් කරන්නෙ ඒ නම. තාරක එනවා. හරි කිට්ටු වෙනවා. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ට තේරෙනවනේ. මම මල්ලි කියලා කතා කළේ. අවුරුදු 9ක ගැප් එකක්. මැරේජ් එකත් ෆේල්. අම්මිත් නැතුව යනවා. අම්මි ටීච් කරලා තිබුණා දිනේෂ්ට. ඒ වෙලාවේ ලයිෆ් එකේ හරි. එම්ටි වෙලා තිබ්බ අවස්ථාවක්. ප්ලෑන් කරලා නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වුණා.
ආදරේ කියන ෆීලින් එකක් නෙවෙයි. මම ෆිසිකලි අවුලක හිටපු වෙලාවක්. අම්මගේ ෆියුනරල් එකෙන් පස්සෙ. කාලෙත් එක්ක දවසක් බුන්දි දුන්නා. ඒක තමා පළවැනි තෑග්ග. ඒ වගේ හරි කෙයාරින් දේවල් තිබ්බා. මම ආස දේවල් එයා දන්නවා. අපිට එකතු වෙන්න සිද්ධ වෙනවා පස්සෙ. මම මේක කියන්න ඕනි. මිනිස්සු හරියට ප්ලෑන් කරනවා දේවල්.. එහෙම වෙන එක වැරදි නෑ. එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. අපි දෙන්නව ගද්දි සම්මත අසම්මත වචන එළියට එනවා. ගොඩක් මෙයාගෙන් අහලා තිබ්බා, වයසට යද්දි ප්‍රශ්නයක් වෙනවා නේද කියලා.. මිනිස්සු ස්කෑන් කරනවා, ජජ් කරනවා දැකලාවත් නැතුව..”