අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පීන් යුවලක් තමයි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමසිංහ කියන්නේ. චතුරිකා පීරිස් කියන්නේ තරුණ විය ඉක්මවා යමින් සිටින රංගන ශිල්පිනියක් වුනත් ඇයගේ රූමත් බව නම් බිඳක්වත් අඩු වෙලා නැහැ. ඉතින් මේ වන විට සුරතල් දියණියකගේ ආදරණිය මවක්. ඉතින් තම පුංචි දියණිය ගැන චතුරිකා මේ විදිහට පැවසුවා.
“බබා ලැබිලා දින හතක් වගේ කෙටි කාලෙකින් නැවතත් මට රඟපාන්න යන්න සිද්ද වුනා. මොකද මග නතර කරලා ගියපු වැඩ තිබුන නිසා ඒවා ඉවර කරන එක මගේ වගකීමක්. ඊටපස්සේ අලුත් නිර්මාණ වලට ලොකුවට දායක වුනේ නැහැ. එකාලෙත් රංගනය නිසා මම ඕනවට වැඩ කාර්යභහුල වුන කෙනෙක් නෙවෙයි. මගේ වෙනත් වැඩ නිසා කාර්ය බහුල වෙනවා, වෙන වැඩකට ගියාම හවස් වෙද්දී වත් ගෙදර එන්න පුලුවන්.ෂූටින් වලට ගියාම එහෙම බැහැනේ ඉවර වෙනකල් එළිවෙනකන් හරි ඉන්න වෙනවා. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට දැන් එහෙම ඉන්න අපහසුයි. නම්‍යශීලි වෙලා කටයුතු කරන්න හැකි අයත් එක්ක විතරයි වැඩ කරන්නේ. ගෙදර වැඩ කටයුතුත් එක්ක ලොකු කාලයක් ගෙදරින් පිට ගිහින් ඉන්න බැහැ.සියයට අනුවක් විතර බබාලාගේ ගෙදර වැඩටික කරන්නේ මගේ අතින්. උදව්වට ගයාන්ගේ අම්මයි තවත් කෙනෙක් ඉන්නවා.
මම කොහෙහරි ගියත් දරුවාගේ කෑම ටිකේ ඉඳලාම සුදනාම් කරලා තමයි යන්නේ. සාමාන්‍යයෙන් රැකියාවක කරන කාන්තාවකට දරුවෙක් ලැබුනම මාස තුනයිනේ ගෙදර ඉන්න ලැබෙන්නේ. එහෙම වුනාම දරුවා තියලා වැඩට යන්න හිත හදාගන්නේ කොහොමද මන්දා.දරුවන්ව අමතක කරලා කිසිම තීරණයක් ගන්නේ නැහැ. දැන්නම් අපේ රටේ කලාව තියන තැනත් එක්ක අපේ දරුවන් කලාවට යොමු කරනවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වෙනවා. අද ඊයේ උපන් දරුවන්ටත් කතා හදන අපහාස කරන මිනිස්සු ටිකක් ඉන්නවා. සමාජ මාධ්‍ය තුලත් වැඩියෙන් කතාබහට ලක්වෙන චරිත අතරේ මම සහ ගයාන් ඉන්නවා. පල ඇති රුකටනේ හැමෝම ගල් ගහන්නේ.”