බොරුවට ගොඩක් සල්ලි නාස්ති කරන්න නෙවෙයි අපිට ඕනේ වුනේ බොහොම සරල දෙයක් කරන්න

සචිනි නිපුන්සලා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම නර්තන ශිල්පිනියක්. කුඩා කාලයේදීම නිවේදනයට යොමු වුන ඇය මේ වන විට දෙරණ නාලිකාවට නැතිවම බැරි දක්ෂ නිවේදන ශිල්පිනියක් බවට පත්වෙලා තිබෙනවා. අතිවිශාල ජනප්‍රියත්වයකට පත්වෙලා තිබෙන derana champion star unlimited වැඩසටහනේ නිවේදන ශිල්පිනියක් ලෙසින් ඇය කටයුතු කරනවා. ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර් තරඟාවලියේ නිවේදන කටයුතුත් ඇය විසින් සිදු කරනවා. මේ වනවිට එක් දරු මවක් ලෙස ඇයට සුබ පැතුම් ගලා ගෙන එන කාලයක් බව සඳහන් කල යුතුයි. ඒ පසුගියදා ඇයගේ පුතනුවන් මෙලොව එළිය දැකීම නිසාවෙනි. සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ ආදරණීය චරිතයක් ලෙස බොහෝ දෙනා ඇයව හඳුන්වනු ලබනවා. ඒ ඇයගේ ආදරණීය ගති පැවතුම් හේතුවෙනි. මේ කාරණා හේතුවෙන් ඇය පිලීබදව බොහෝ දෙනා සැලකිලිමත්ව අවධානයෙන් ඇය දිහා බලා සිටිනවා. ‌ඉතින් මේ ආපු ගමන ගැන ඇය මේ විදිහට පැවසුවා.

“derana champion star unlimited වැඩසටහන හරහා තමයි ගොඩක් දෙනෙක් මාව හඳුනා ගත්තේ. එහිදී වෙනම ප්‍රේක්ෂක කොටසක් නිර්මාණය වුණා. ඒක ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් පුලුවන් වැඩසටහනක්. කාර්යබහුලත්වයෙන් පීඩිත වෙලා ඉන්න මිනිස්සුන්ට ටිකකට හරි මානසික සහනයක් ලබාගන්න මේක උදව්වක් වුණා කියලා විශ්වාස කරනවා. ඒක හරිම විනෝදාත්මක වැඩසටහන් පේෂල කරන විහිළු වලට මුලදී නම් තරහ ගියා පස්සේ ඒක ගානක් නැති වුණා”

ඉතින් ඒ වගේම මේ වන විට විවාහ වෙලා ඉන්න ඇය තම ආදරණිය සැමියා ඉසුරු සමඟ සාර්ථක පවුල් ජිවිතයක් ගතකරනවා. ඒ වගේම ඔවුන්ගේ විවාහ උත්සවය වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණේ එහි තිබු සරල බව නිසාමයි.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“ඒක ඉසුරුගේ මගේ දෙන්නගෙම අදහසක්. අනික ඉසුරුයි මමයි තමයි සම්පූර්ණ වියදම දැරුවේ. අපි අම්මලාට කරදර කලේ නැහැ. අපිට ඕනේ වුනේ බොහොම සරල දෙයක් කරන්න. බොරුවට ගොඩක් සල්ලි නාස්ති කරන්න නෙවෙයි අපිට ඕනේ උනේ. ඉතින් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න අදහස් කළේ ඒකයි”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *