අම්මයි තාත්තයි එක ගෙදරක ජීවත් වෙලා තියෙන කාලයක් මට මතක නැහැ – චතු රාජපක්ෂ

චතු රාජපක්ෂ කියන්නේ මේ දිනවල පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඉතාමත්ම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්.සිරස ෆිල්ම් ස්ටාර් රියලිටි තරඟය මඟින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු ඇය ඉන්පසු සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් කටයුතු කළා.එතනින් නොනැවතී රංගනයට පිවිසුණු ඇය අදවන විට සිනමාවටද පා තබා තිබෙනවා.මේ දිනවා තිරගත වන ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපටයක් වන ද ගේම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඇය නිරුපනය කරනවා.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පවසා තිබුනා. “මම ටෙලි නාට්‍ය කිහිපයකට වගේම සිනමා නිර්මාණ කිහිපයකට මින් පෙර දායක වෙලා තියෙනවා. නමුත් මේ සිනමා නිර්මාණය හරිම සුවිශේෂියි. මොකද මෙහි ප්‍රධාන චරිතය රන්ජන් රාමනායක. ඔහු නිසාමයි මෙය තිරගත වෙන්න කලින්ම හිට් වුණේ. ඔහුත් එක්ක රංගනයේ යෙදෙනවා කියන්නෙම තරමක හෝ ජනප්‍රියත්වයක් ලැබෙන්න හේතුවක් නේ.”

ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන බන්ධනා ටෙලි නාට්‍යය හරහාත් ඇය ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා.ඉතින් ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “බන්ධනා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ තිසුල දීප තඹවිට එහි තිරපිටපත් රචනය සහ නිෂ්පාදනය බුද්ධිනි ජයවර්ධන. බුද්ධිනි අක්කි තමාමාව විශ්වාස කරලා මේකේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ. එයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මං මතක් කළ යුතුයි මෙහි ප්‍රධාන චරිතයට මාත් එක්ක එකතුවෙන විශ්ව කොඩිකාර අයියත්, හිරාන් යක්ඕවිට, පියුමි බොතේජු, බුද්ධික ජයරත්න, මොරින් චාරුණි, කුසුම් රේණු මෙන්ඩිස් යන අයවත් විශේෂයෙන් ස්වර්ණවාහිනියේ රංගන අයියවත් මතක් කරන්න ඕනේ. මොකද මේ ටෙලි නාට්‍යයේ මුලින්ම කොටස් දහයක් විතරයි රූපගත කිරීම් කරලා තිබුණේ. ඒ ටික ඉක්මනින් අරගෙන ස්වර්ණවාහිනයෙන් විකාශය කළාට. ඒත් එක්කම එහි මගේ රංගනය ගැනත් දැකලා මාව අගය කළා.

මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි මං රඟපාන්නේ බන්ධනා ලෙස බන්ධනා ලක්මි ද්විත්ව චරිතයක් බවට පත්වෙමින් මේ ටෙලි නාට්‍යය ගලා ගෙන යනවා. ඉදිරියටත් විකාශනය වන කොටස්වලින් එය ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වේවි.මට මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රධාන චරිතවලට කතා කළා. ඊට අදාළ වන පවා කරලා එයිනුත් තේරුණාට පස්සේ ඒ අය අහනවා ප්‍රධාන චරිත කරලා තියෙනවා ද ඔයා නපුරු චරිත විතරයිනේ රඟපාලා තියෙන්නේ කියලා. එහෙම කියලා ලැබෙන්න තියෙන අවස්ථාවන් පවා ලබාදීලා නැහැ. මං එවැනි ක්‍රියා නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ. යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ප්‍රධාන චරිතයක් රඟපාලා නෑ කියලා ඔහුට හෝ ඇයට ප්‍රධාන චරිතයක් ලබා නොදෙන එක ගැන ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන, නිවැරදිව හඳුනා ගෙන දක්ෂතාවයන් දැකලා ඔවුනට අවස්ථාවන් ලබාදිය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. නිර්මාණකරුවන් බොහෝ විට මටත් නපුරු චරිත කරන්න තමයි වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ ඒතත් හැබැයි මං කියන්න ඕනේ ප්‍රධාන චරිතය ඇතුළු ඕනෑම විදිහේ චරිතයක් මට කරන්න පුළුවන් කියලා.”

ඉතින් ඇය කලාවට පිවිසීමට පෙර ජිවිතයේ ඉතාමත් සංවේදී සිදුවීමක් පසුගිය දිනයක මාධ්‍යට හෙලිකලා.ඒ මෙහෙමයි. “ඕනිම කෙනෙක්ට පොඩි කාලේ වගේම දැන් වුණත් ආදරය රැකවරණය ඕනේ. මට ඉතින් ඒ ආදරේ කරුණාව රැකවරණය කියන දේවල් ගොඩක් අඩුවෙන් තමයි ලැබුණේ. ඉතින් ඒවත් එක්ක රංගන ශිල්පිනියක් වෙන්න කොහෙත්ම හිතේ තිබුණෙ නැහැ. අම්මා දෙවැනි වතාවට විදෙස් ගත වුණාට පස්සෙ මම හිතුවා දැන් ඉගෙන ගත්තා ඇති ජොබ් එකක් කරන්න ඕනේ කියලා අම්මයි තාත්තයි එක ගෙදරක ජීවත් වෙලා තියෙන කාලයක් මට මතක නැහැ. අපි හතර දෙනා එකට බත් එකක් කාපු කාලයක් මතක නැහැ.කිසිම වෙලාවක මම කැමැති වුණේ නෑ එයාලා මං නිසා ලැජ්ජ වෙනවට. ඒක හිතේ තියාගෙන තමයි මම හැම වැඩක්ම කලේ. සමහර දවස් වලට කන්න බොන්න නැහැ. මට මුලින්ම හමුවුණේ දාසය දාහක්. හැමදේටම වියදම් උනහම අතේ සල්ලි ඉතුරු වුණේ නැහැ. සමහර දවස් වලට මම මම මේ දේවල් කවදාවත් කියලා නැහැ නිවාඩු දවසට උදේ නැගිටින්න නැහැ. ඒ කියන්නේ රෑ එළිවෙනකන් නැගිටලා ඉඳලා දවල් දෙක විතර වෙනකන් නිදාගන්නව. මොකද නැගිට්ටොත් කන්න නෑ මට’

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *