ධනංජය සිරිවර්ධන කියන්නේ ලාංකීය ටෙලි තිරයට නැතිවම බැරි දක්ෂ රංගන ශිල්පිනියක්. ඔහු දක්ෂ රංගන ශිල්පිනියක් වගේම අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් නිවේදකයකු ලෙසත් ඔහු කටයුතු කරනවා. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඔහු පුවත්පතකට මෙලෙසින් පවසා තිබුනා. “මගේ වැඩකටයුතු සියල්ල මම හොඳින් කරනවා. හැබැයි රටේ තිබෙන වාතාවරණයත් එක්ක අපිට පොඩි පොඩි ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒ සියල්ල එහෙම තියෙද්දී මගේ වැඩ කිසි තැනක අතපසු කරන්නේ නෑ මම කොහෙත්ම. ටෙලිනාට්‍ය සහ සිනමාපට කිහිපයකටත් මට දායක වෙන්නට අවස්ථාවක් ලැබිල තියෙනවා. මගේ දෙවැනි පිටපත ලියලා අවසන් කළා. තුන්වෙනි පිටපතටත් දැන් අතගහලයි තියෙන්නේ. රට නැවතුණා කියලා අපිට නවතින්නට බැහැ. අපේ වැඩ කොටස අපි හරියට කළොත් තමයි අපේ ගමන අපට යන්න පුළුවන් වෙන්නේ.”
ඒ වගේම ඔහු ඔහුගේ වෘත්තිය ගැනත් මේ විදිහට පැවසුවා.“මම කිසි විටෙකත් නළුවා ඇතුළේ නිවේදකයෙකු වෙන්නෙත් නෑ. නිවේදකයා ඇතුළේ නළුවෙකු වෙන්නෙත් නෑ. මේ දෙක පටල ගන්න මම කිසිසේත්ම වැඩ කරන්නට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒකට හොඳම උදාහරණය, මෑත කාලයේදී විකාශය වුණු සියලූම නාට්‍යවල නිවේදකයකු වෙන්නේ නැහැ. ඒ ඇතුළේ ඉන්නෙ වෘත්තිමය නළුවා පමණයි. මේ විෂයයන් දෙකම හරි බැ?රුම් විෂයන් දෙකක්. මේ දෙක එකිනෙකට වෙනස් විදිහට තමා මම තියාගෙන ඉන්නේ. ඒ වෙනස් විදිහට තියාගෙන ඉන්න දේ බිඳින්න දෙන්න මම කොහෙත්ම කැමැති නෑ.”
ඉතින් මේ වන විට ආදරණිය සැමියෙක් වගේම පියෙක් වන ඔහු තම ආදරණිය පවුල ගැනත් මේ විදිහට පැවසුවා. “මගේ රංගන ජීවිතය හා පවුල් ජිවිතය කියන්නේ දෙකක්. ඒ දෙක පටලාගෙන මම ජිවිතේ ගෙවන්නේ නැහැ. මගේ බිරිඳ මට හොඳ සහයෝගයක් දෙනවා. හැබැයි ඉතින් කියන්න බෑ මගේ දුවගෙන් කොහොම ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. මගේ වැඩ කටයුතුවලට මට ගෙදරින් කිසිම බලපෑමක් නෑ. ඇඟිලි ගැසීමක් නෑ. ඒවා රංගන ජීවිතේට පමණයි. මගේ වැඩකටයුතු සියල්ල මම මේ ආකාරයෙන් කරගෙන යනවා.”