මම මගේ ඇඟට ගැළපෙන විදිහට තමයි ඇඳුමක් අඳින්නේ. අනෙත් අය සිතන දේවල් මට අදාළම නැහැ

ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න රූමත් සරාගී දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම දක්ෂ නිරුපන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල්. ඉතින් ඇය මේ දිනවල අලුත්ම තොරතුරු මේ විදිහට පැවසුවා. “වැඩ කටයුතු නම් සුපුරුදු පරිදි කරගෙන යනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු තමයි මේ දිනවල කරගෙන යන්නේ. එයට අමතරව භූමි ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවා. මේ තිබෙන තත්ත්වය සමඟ චිත්‍රපටවලට නම් ආරාධනා ලැබුණේ නැහැ. නමුත් හොඳ සිනමා පිටපතක් ලැබුණොත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා.

“ඉතින් පසුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ වලවෙට්ටුවා කියන්නේ ටීනා ෂනෙල්ගේ රංගන දිවියේ හැරයුම් ලක්ෂයක්. ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා. “අනිවාර්යයෙන්ම ඔව්. වලවෙට්ටුවා චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරය ලැබුණා. ගොඩක් දෙනකු සිතාගෙන සිටියේ මම නිරූපිකාවක් නිසා නිරූපණ ක්ෂේත්‍රය පමණක් නියෝජනය කරනවා කියලයි. රංගනයේදී මම මට සාධාරණයක් කිරීමට හැකි චරිත පමණයි භාරගනු ලබන්නේ. වලවෙට්ටුවා නාට්‍යයේ අධ්‍යක්ෂ වුණත් මාව එම චරිතයට තෝරගන්නට හේතු වී ඇත්තේ මගේ දක්‍ෂතාවන් දුටු නිසා වෙන්නට ඇතිනේ.මට ඇත්තටම චරිතයට ආස හිතුණා. මොකද ඒ චරිතය ලස්සනට මේකප් දාගෙන සිටින චරිතයක් නොවෙයි. මුහුණ කළු කරලා වගේම ඇඳුම පැලඳුම වුවත් පිරිමි කෙනෙක් විදියටයි අඳින්නට තිබුණේ. පරිසරය ගත්තත් ගස් උඩ නැඟගෙන දුවලා පැනලා විනෝද වෙන්නට හැකි පරිසරයක තමයි ෂූටින් තිබුණෙත්. මම කැමැතිත් වෙනස් චරිත කරන්න. ඉදිරියේදී ටෙලි නාට්‍යය භාර ගන්නෙත් වෙනස් චරිත තිබෙනවා නම් පමණයි.”

ඒ වගේම චරිතයක් තෝරාගත්ත හැම වෙලේම තමන්ටම සීමා පනවාගෙන තිබෙන බව තමයි ඇය පැවසුවේ. ඒ මේ විදිහටයි. “ක්ෂේත්‍රයට පැමිණෙන විට නම් එහෙම සීමාවක් තිබුණේ නැහැ. නමුත් ඇතැම් අය සිතනවා බටහිර චරිත පමණයි මට කරන්නට පුළුවන් යනුවෙන්. මට අවශ්‍ය වුණා එම සීමාව කඩන්න. රංගන ශිල්පිනියකට සෑම චරිතයක්ම නිරූපණය කරන්නට හැකි විය යුතුයි. මම කැමැතියි වෙනස් චරිතවලින් මට ආරාධනා ලැබෙනවා නම්, මම විශ්වාස කරන තවත් දෙයක් තමයි මාව සෑම මොහොතකම වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනෙනවා නම් එය තමයි අධ්‍යක්ෂවරයකුගේ කාර්ය භාරය සහ දක්ෂතාව කියලා. ප්‍රේක්ෂකයන් අතරට යන, ඉතාමත්ම හොඳ විවිධ පැතිකඩ සහිත චරිත නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම හරි කැමැතියි.”නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණෙන ටීනා නිළියක් වුනු විදිහත් මේ විදිහට පැවසුවා.“මගෙ අක්කලා දෙන්නත් කලා ක්ෂේත්‍රය තුළමයි සිටින්නේ. මටත් මේ ක්ෂේත්‍රය තුළින් තමයි ඉදිරියට යන්නට ආසාවක් තිබුණේ. මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සිනමාවෙන්. එය මගේ ජීවිතයේ දැවැන්ත ආරම්භයක්. පසුව තමයි සකූගේ ලෝකය හරහා ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. කෙසේ නමුත් මම කැමැතියි ප්‍රේක්ෂකයන් ටීනා කියන චරිතය වෙනස්ම ආකාරයකින් දකිනවා නම්.”

කොහොම වුනත් ටීනාගේ විලාසිතා වලට විවිධ දෝෂාරෝපණ වලට ලක්වෙනවා.ඒ ගැනත් ඔහු මේ විදිහට පැවසුවා.“මට ගැළපෙන විලාසිතා මම කොහොමත් කරනවා. ඉස්සර වගේ බිකිනි ෂූට් නම් දැන් මම කරන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් වැඩක් ආවොත් කරනවා. ලංකාවෙ නම් කරන්නෙම නැති තරම්.ලංකාවේ බොහොමයක් අය අනෙක් අයගේ වැරදි තමයි සොයන්නේ. මම කුමක් හෝ තැනකට යනවනම් මගේ ඇඟට ගැළපෙන විදිහට තමයි ඇඳුමක් අඳින්නේ. අනෙත් අය සිතන දේවල් මට අදාළම නැහැ. මගේ ඇඟට ලස්සනයි නම් පහසුයි නම් එතැනින් එහාට මම කිසිවක් සිතන්නේ නැහැ. මම දැකලා තිබෙන දෙයක් තමයි ඇතැම් වෙලාවට මම කරන විලාසිතාව දින කිහිපයකට පසු තවත් අය කරනවා. මම නිරූපිකාවක්. මම ලස්සනට ඇඳලා පැලඳලා ඉන්නට ඕනේ. එය මගේ රැකියාව. අපිට ඇත්තටම හැම කෙනෙක්වම සනසන්නට බැහැ. කවුරු මොනවා කිව්වත් මම ඒ පිළිබඳව ඇත්තටම සිතන්නේ නැහැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *