ගයාන් ගුණවර්ධන කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ නිවේදකයෙක්.ඉතින් මේ දිනවල අලුත්ම තොරතුරු ඔහු මේ විදිහට පැවසුවා.“රංගනයට සම්බන්ධ වුණේ 2016 වර්ෂයේ වුණාට මම මුලින්ම ගීතයක් සමාජගත කරන්නේ 2008 වර්ෂයේ. ඊට පස්සේ වැඩිපුර කාලයක් රංගනයට වගේම නිවේදනයට යෙදෙව්වා. ඒ නිසා ගීත කරන්න බැරි වුණා. මේ වෙද්දී ටෙලි නාට්‍ය අටක් කරලා තියෙනවා. ඉන් හතරක් විකාශය වීමට නියමිත ඒවා.දැන්නම් ගීත එළිදක්වන්න හොඳම කාලය කියලා හිතනවා. මේ වෙද්දී ගීත තුනක වැඩ කටයුතු කරමින් යනවා. මේ මාසේ ගීතයක් කරනවා. ඒ ගීතයට රූප රචනාවක් කළා. ඒකේ මාත් එක්ක ඉන්නේ පූජනි භාග්‍යා. ඊට අමතරව කරන ගීත දෙක සැප්තැම්බර්, ඔක්තෝබර් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.”
ඒ වගේම ඔහුගේ සංගීත කණ්ඩායම ගැනත් මේ විදිහට පැවසුවා. “රෝඩ්ස් තමයි නම. මනුජ, ශම්මි, සෙව්නෙත්, රෙහාම්, දසිත්, ඉදුවර,සචින් තමයි සාමාජිකයින්.මෙයාලා දක්ෂයි. විවාහ මංගල උත්සවවලට අපේ සංගීත කණ්ඩායමට ආරාධනා ලැබෙනවා. ඒ වැඩත් කරගෙන යනවා. ඒ වගේම මම ශබ්ද පරිපාලන ඉංජිනේරුවරයෙක් හැටියටත් කටයුතු කරනවා. මට නුගා කියලා ශබ්දාගාරයක් තියෙනවා. ඇකඩමියක් තියෙනවා එහි වැඩත් කරනවා.”
ඉතින් ආදරය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා. “ආදරේ විඳිනවා. අම්මා තාත්තාගෙන් විතරක් නෙමෙයි රසිකයින්ගෙන් පවා ආදරේ විඳිනවා. විරහවත් උපරිමයෙන් විඳලා තියෙනවා. විරහව විඳලා නැති කෙනෙක් නැතුව ඇති මේ ලෝකේ.මගේ ජීවිතේ සාර්ථකත්වය අරන් ආව කෙනෙක් තමයි පූජනී කියන්නේ. මගේ කලා ජීවිතයේ සමීපම කෙනා එයා. මගේ අදහස්වලට එයාගේ අදහස් ගැළපෙනවා. ඒ වගේම මගේ හොඳම මිතුරියත් සහෝදරියත් එයා තමයි.විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා. 2019 වර්ෂයේ හුස්මක් තරමට නාට්‍යයේදි තමයි එයාව ආශ්‍රය කරන්න ලැබෙන්නේ, එයා ඒ දවස්වල මට කිව්වා ආයෙමත් ගීතයක් කරන්න කියලා. ඒ විදිහට කරපු ගීතයක් අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ඒ ගීතය. ඒ නිසා පූජනී මට විශේෂ කෙනෙක්. ඒ වගේම එයා නිතරම මාව මෝටිවේෂන් කරන කෙනෙක් මගේ කලා ජීවීතයට.”