මම දිස්කසාද වෙලා දැන් අවුරුදු 04ක් වනවා. මගේ ආදරය හැමදාම හදවතේ තියෙනවා

වොල්ගා කල්පනී කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ ටුටූ ලෙසින් ඒ වගේම ITN නාලිකාවේ විකාශනය වන මනික්කාවත ටෙලි නාට්‍යයෙන්ද අපේ ආලින්දයට එනවා. ඉතින් මේ දිනවල තොරතුරු ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ පාරදිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සහ සුදත් රෝහණ මහතාගේ මානික්කාවත ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සම්පූර්ණයෙන් අවසන් කළා. සුපුන් රත්නායක මහතාගේ අලුත් වැඩකටත් සූදානම් වන අතර සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් ජීවත් වනවා.”

ඉතින් පාරදිගේ ටුටූට ලැබෙන ප්‍රතිචාර ගැනත් මේ විදිහට පැවසුවා. “ඇත්තටම ටුටූ හරි වෙනස් කෙනෙක්. අඳින-පලඳින දේ ඇතුළු ටුටූගේ සියලුම ගති පැවතුම්වලට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා.” ඒ වගේම මානික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරී චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් මේ විදිහට පැවසුවා. “විශේෂයෙන්ම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා අතින් ලියැවුණු “මානික්කාවත” නම් නවකතා පොත හරහා නිර්මාණය වූ මෙම ටෙලි නාට්‍යයේ එවැනි චරිතයක් ලැබීම මගේ ජීවිතයට ලැබුණු භාග්‍යයක් සහ එවැනි රංගන ශිල්පි- ශිල්පිනියන් පිරිසක් සමඟ වැඩ කිරීමට ලැබීමත් වාසනාවක්. ගුණාදරී දෑස් නොපෙනුණත් දෑස් හොඳින් පෙනෙන මිනිසුන්ට වැඩිය ජීවිතය දැනෙන, හැඟීම්-දැනීම් ඇති තරුණියක්.”

ඉතින් මේ වන විට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ තිබෙන ඇය රංගනයට පිවිසුණු ආකාරය ගැනත් මේ විදිහට පැවසුවා. “මුලින්ම ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ නාට්‍යය සංසදයේ වේදිකා නාට්‍ය කරන අතරතුර ප්‍රතිභා නිදර්ශන නවරත්න අයියා මාව රූපවාහිනි නාළිකාවේ අතුරු-මිතුරු ළමා වැඩසටහනට එක්කගෙන ගියා. ඉන්පසු සිරස ටී.වී. නාළිකාවේ රන්සිත් යාය, පුංචි සිහින, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ දේදුනු හැන්දෑව, දෙරණ නාළිකාවේ ලිට්ල් ස්ටාර් සීසන් 01 වැඩසටහන්වල ළමා නිවේදිකාවක් විධියටත්, ස්වර්ණවාහිනි නාළිකාවේ ආයුබෝවන් ශ්‍රී ලංකා, හිතට වදින එක වැඩසටහන්වල තරුණ නිවේදිකාවක් විධියටත් වැඩ කළා. එහිදී චාමර සමරවික්‍රම මහතා සහ බුද්ධික කුලසේකර මහත්වරුන්ගේ ආරාධනය අනුව මම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ මුතු පලස ටෙලි නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණා.”

ඉතින් මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිවම ජිවත් වන ඇය ජිවිතයේ මුහුණ දෙන්න වුනු සිත් රිදවීම්, කටකතා, කඩා වැටීම් ගැන මේ විදිහට අදහස් දැක්වුවා. “ලංකාවේ සංස්කෘතියත් සමඟ විවාහය සහ දික්කසාදය පිළිබඳව බොහෝදෙනා විවිධ කතා කියනවානේ. විවාහ වෙලා දික්කසාද වෙනවා කියන දේ මට නම් එතරම් ලොකු දෙයක් නොවෙයි. එයට හේතුව ඔහු සහ මම අදටත් මඟතොටේදී හමුවුණත් බොහොම හොඳට කතාබහ කරන, ඔහුගේ බිරිය හමුවුණත් කතා කතාබහ කරනවා. වන්දි ඉල්ලමින් සාප කරනවා වගේ ප්‍රශ්න අපි අතර නැහැ. මම ජීවිතයේ ගත් කිසිදු තීරණයක් සම්බන්ධව මේවනතුරු කිසිදු පසුතැවීමක්, සිත් රිදීමක් හෝ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මොකද කාන්තාවන් කියන්නේ ඉතාම ශක්තිමත් හිත හයිය ජාතියක්. ගැහැනුන්ට සෑම දෙයක්ම ඉතාම හොඳින් දරා ගන්න පුළුවන්. තමන් තමන් වෙනුවෙන් සතුටු වෙන්න සහ තමන් වෙනුවෙන් ජීවත් වීමයි විය යුත්තේ. අනුන් වෙනුවෙන් දේවල් කරන්න අනුන්ගේ සිත් සතුටු කරන්න අවශ්‍ය නැහැ.නීත්‍යනුකූල විවාහය මම විශ්වාස කරන්නේ නැහැ.

බොහෝවිට නීත්‍යනුකූල විවාහයකට නැවත යන්න දැනට අදහසක් නැහැ. තවත් අවුරුදු කිහිපයකින් එය වෙනස් වෙයිද නම් දන්නේ නැහැ. අද සමාජයේ හොඳින් සතුටින් පවුල් ජිවිත ගත කරන අඹු-සැමියන් ඕනෑ තරම් සිටිනවා. ඔවුනට මම ආශීර්වාද කරනවා. නමුත් මගේ නීත්‍යනුකූල සහකරු මා සමඟ පමණක් ජීවත් නොවෙනවා නම්, මට එහෙම විවාහයක් අවශ්‍ය නැහැ. කොන්දේසි විරහිතව යම් අයකු සමඟ ජීවත් විය හැකි නම් එයයි වැදගත්.මම දිස්කසාද වෙලා දැන් අවුරුදු 04ක් වනවා. ජීවිතයේදී එක් තැනකදි මන් වෙනුවෙන් කෙනෙක් සිටිය යුතුයි යනුවෙන් පොඩි පාළුවක් සිතේ තිබෙනවා. එහෙම නෑ කීවොත් ඒක බොරුවක්. මගේ ආදරය හැමදාම හදවතේ එක් තැනක තබා තිබෙනවා. එය සැමදාම එතැන තිබේවි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *