රංගනයට වැඩිය, මගේ ඇඳුම් ගැනයි විවේචන මට ලැබෙන්නේ – සුරූපී රංගන ශිල්පිනී ගයාත්‍රී දිසානායක

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍ය හරහා මේ දිනවල අහිශයින්ම ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න චරිතයක් තමයි මිෂෙල්. මේ චරිතයට පණපොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන ගයාත්‍රි දිසානායක. කොහොම වුනත් මුතුලෙන්දොර සහ නීල පබළු ටෙලි නාට්‍යය නැරඹු අයට නම් ඇයව ආගන්තුක කෙනෙක් නොවේ. ඒ වගේම 2019 වසරේ miss tourism international තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තේද ඇයයි. ඉතින් ඇයට රංගනයට අවස්ථාව ලැබුණු ආකාරය ගැන මේ විදිහට පැවසුවා. “මම රංගනයට ආසයි. ඒ හින්දා වැඩිදුර හදාරන්න මහේන්ද්‍ර පෙරේරා සහ දමයන්ති ෆොන්සේකා නැමැති ගුරුවරුන්ගේ රංගන පාඨමාලාවන් වලට සහභාගි වෙමින් හිටියා. ඒ අතරතුර දී මාව දැකලා එක්තරා නාට්‍යයකයට කතා කළා. එකේ රූපගත කිරීම් ද මඳක් සිදුවුණා. නමුත් ඒ නාට්‍ය සම්පූර්ණ කෙරුණේ නැහැ. ඊට පස්සේ ඒ නිෂ්පාදන කණ්ඩායමෙන්ම නිර්මාණය කළ මිල්ලෑව වලව්ව නාට්‍යයේ මම චරිතයක් කළා.

එක තමයි මගේ දෙවැනි නාට්‍යය. නමුත් මුළින්ම විකාශය වෙච්ච පළවෙනි නාට්‍යයත් ඒක. කොළඹ සන්නිය පඥබභපදඵ කියන චිත්‍රපටයේ රඟපෑවා. රන් කිරි අම්මා වගේ නිර්මාණවලට දායක වෙලා ටික කාලයක් නිහඬව හිටියා. හැබැයි ඒක මම හිතලා ගත්තු තීරණයක් නෙමෙයි. එක දිගට නිර්මාණවලට කතා කතාකළත් යම් යම් ප්‍රශ්න හින්දා මට ඒව මග හැරුණා. අනික රංගනය සඳහා ලැබෙන සෑම ආරාධනාවක් මං බාර ගන්නෙ නැහැ. මට ගැළපෙනවා නම් පමණයි මං ඒ චරිතයට යන්නේ. හිතන මතලා බාරගත්තු නිර්මාණ දෙකක් තමයි මුතුලෙන්දොර සහ නීලපබළු කියන්නේ.”

ඉතින් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “අම්මෝ ඒකනම් කියලා වැඩක් නෑ. විවිධ අන්දමේ ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ අතර අඩු පාඩු කියන අයත් නැතුවාම නෙවෙයි. රංගනයේ අඩුපාඩු වලට වැඩිය බොහෝ දෙනෙකු මට විවේචන ඉදිරිපත් කරන්නේ මගේ ඇඳුම් පැලඳුම් පිළිබඳයි. මොකද සිරුර ටිකක් නිරාවරණය වන අන්දමේ කොස්ටියුම් තමයි මම ඒ චරිත සඳහා භාවිත කරන්නේ. බොහෝ අය විවේචනය කරන්නෙත් ඒකමයි. මම ඒ ඇඳුම් පාවිච්චි කරන්නේ ඒ චරිත සඳහා ගැළපෙන නිසා. නැති නම් වැඩක් නැහැනෙ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *