විවාහය ගැන නම් මගේ තියෙන්නෙ සෘණාත්මක හැඟීමක් – ජනප්‍රිය නිළි හිරුණි රණසිංහ

මේ වන විට ටෙලිනාට්‍යය 50කට වැඩි ගණනකට වැඩි ගණනකට චරිත නිරුපනයෙන් දායක වී ඇති රංගන ශිල්පිනියක් තමයි හිරුණි රණසිංහ. ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යය වන්නේ නෑනලා, අහස් මාලිගා, සඳ හැංගිලා වගේ ටෙලි නාට්‍යයයි. ඒ වගේම මේ දිනවල TV දෙරණ ටෙලි නාට්‍යයේ විකාශනය වන “හදිසි” ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට ඇය එනවා. සමාජ මාධ්‍ය වලින් තමයි ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ.

ඉතින් ඇයට ලැබෙන ප්‍රතිචාර ගැන මේ විදිහට පැවසුවා. “මම ‘නෑනලා‘ නාට්‍යයේ හොඳ චරිතයක් කරනවා. ඒක මගේ සම නිෂ්පාදනයක් හැටියටත් එළිදක්වපු හින්දා වෙන්න ඇති කවුරුත් ඒ නාට්‍යය ගැන කතා කරන්නට පටන් ගත්තා. මම එහි සම නිෂ්පාදිකාව වුණාට මගේ රංගනය මෙහෙය වූ අධ්‍යක්ෂකවරයා නාලන් මෙන්ඩිස්. ඔහුට තමයි පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෑ. මම වේදිකා නාට්‍යයට හරි කැමතියි. වේදිකාව කියන්නේ සජීවීකරණයක්. අපේ ජීවිතයට වේදිකාවෙන් ලැබෙන පන්නරය තරම් වෙන දෙයක් නෑ කියලයි මම හිතන්නේ. පසුගිය කාලයේ තිබ්බ ප්‍රශ්නත් එක්ක වේදිකාව නැවතිලා තිබේ. නමුත් ඉදිරියේදී වේදිකාවේ නාට්‍ය වේදිකාගත වීමට නියමිතයි. මම රංගනයෙන් දායක වෙන වෙල්ලස්සේ වෙඩි හඬ ඉදිරි දින කිහිපය ඇතුළත වේදිකාගත කිරිමට මේ දිනවල සුදානම් වෙනවා. මම එහි ඇහැළේපොල කුමාරි හාමිගේ චරිතය කරන්නේ. වේදිකාවේ සුවඳ විඳලා නැත්නම් නළුවෙක් හෝ නිළියක් වෙයි කියලා මට නම් හිතන්න අමාරුයි. මම මේ වන විට වේදිකා නාට්‍ය 20ක පමණ රඟපා තියෙනවා. ඒ වගේම මම ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක රඟපා තිබෙනවා. මගේ ජීවිතේට මේ අත්දැකීම් හරිම වටිනවා.”

ඉතින් විවාහය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “විවාහය ගැන නම් මගේ තියෙන්නෙ සෘණාත්මක හැඟීමක්. සමාජයේ පවතින මතිමතාන්තරවලට එකඟව මගේ කටයුතු නම් මම සිදු කරන්නේ නැහැ. විදේශීය රටවල ඉන්න අය තමයි ගොඩක්ම විවාහ යෝජනා ‍ගේන්නේ. ඒ එකකටවත් මම නම් කැමති නැහැ. හරිම වැදගත් විදිහටයි ඒ යෝජනා සියලු දෙනාම මට කරන්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *