මම තවම පෙම්වතියක් නෙමෙයි. විවාහය දක්වා යන ආදරයක් කියන තැනදි මම ගොඩක් පරිස්සම් වෙනවා.

ලාංකීය කලා ක්ෂේත්‍රයේ වසර ගණනාවක්ම නොකඩවා ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමආරච්චි කියන්නේ. ඉතින් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මි ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි ඇය අලුත්ම සිනමා පටයකට එකතු වෙලා තිබෙනවා.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා. “මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා වන වෛද්‍ය කපිල සූරියආරච්චි මහත්මයා තමයි මට මේ ආරාධනය කරන්නෙ. විශේෂයෙන්ම වේෂ නිරූපණ ශිල්පී ප්‍රියන්ත එස්. වන්නිනායක මහත්මයාව මතක්කරන්න ඕන. එතුමා මාර්ගයෙන් තමයි කපිල මහත්මයා මාව හඳුනාගන්නෙ.ඇය රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් ආසාවෙන් සිහින මවන තරුණියක්.තිළිණිට වඩා මම හාත්පසින්ම වෙනස් කෙනෙක්. රංගන ක්‍ෂේත්‍රය ගැන හැදෑරීම තමයි මගේ හීනය වුණේ. නිළියක් වෙන්නත් ආසාව තිබුණ. පුංචි කාලෙත් ගුරුතුමියක් ඇහුවාම ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියල” අනෙක් හැම ළමයම ඩොක්ටර්ස්ල ඉංජිනියර්ල ගැන කියද්දි මම කියල තියෙන්නෙ නිළියක් වෙන්න කැමතියි කියල.”

ඉතින් ක්ෂේත්‍රයට පැමිණීම ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම ක්‍ෂේත්‍රයට එන්නෙ 2016 වර්ෂයේ. අවසන් වරට සම්බන්ධ වුණ සිනමා නිර්මාණය වෙන්නෙ ‘එක දවසක අපි.. ඒ 2017 වර්ෂයේ. ‘සිනේමා. කියන්නෙ මගේ දෙවැනි සිනමා නිර්මාණය. ඇත්තටම රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට තියෙන ලොකුම සතුට තමයි තමන් සම්බන්ධ වුණ නිර්මාණයක් එළිදැක්වෙන එක සහ ඒක ප්‍රේක්‍ෂකයන් අතරට යන එක. රිදී තිරයට යන නිර්මාණයකදි ඒක විශේෂයි. ප්‍රේක්‍ෂකයන් මේ නිර්මාණය නරඹල ප්‍රතිචාර දක්වන තුරු මම ආසාවෙන් බලාගෙන ඉන්නව. මේ චිත්‍රපටයේ රූගතකිරීම් කරන්නෙ 2017 වර්ෂයේ. ඒ මම මේ ක්‍ෂේත්‍රයට පැමිණි මුල්ම කාලෙ. වයස අවුරුදු දහ අටක් හෝ දහ නවයක් වගේ ඇති. නිර්මාණය ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ. අධ්‍යක්‍ෂවරයා සුහදශීලී සහ ඉතාම දක්‍ෂ කෙනෙක්. ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේ නිර්මාණය එක්ක එකතුවෙලා හිටියා. ඒ සියලුම දෙනාගේ සහයෝගයෙන් මට තිළිණිට ජීවය දෙන්න පුළුවන් වුණා.අපි අවුරුද්දකට සිනමා නිර්මාණ කිහිපයක් කළත් හොඳ කැපකිරීමකින්” කාලය කළමනාකරණය කරගෙන ගුණාත්මක නිර්මාණයක් බිහිකරන්න පුළුවන් වෙයි කියල හිතනව සහ අපේ කලාවට ඉතිරි වෙන දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතනව.රඟපෑමේදී සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් අපිට ගොඩක් වටිනව. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදි මට ලොකු අභියෝගයක් වුණේ මම අත්දැකීමක් නොලබපු ගොඩක් දේවල් රඟපාන්න සිදුවීම.”

ඉතින් පිට පිටම වස ගණනාවක්ම ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීම ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මේ වන විට ජනතා සම්මාන දොළහකින් ප්‍රේක්‍ෂකයන් මට ඔවුන්ගේ විශ්වාසය පෙන්වල තියෙනව. ඒක මට ලොකු ආශීර්වාදයක්. ඒ විශ්වාසය රැකගන්න මම මේ මොහොතෙත් වැඩ කරමින් ඉන්නව. නමුත් මම තවම හිතන්නෙ මම මේ ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක් කියල.”ඒ වගේම ආදරය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම තවම පෙම්වතියක් නෙමෙයි. එහෙම දෙයක් තියෙනව නම් නොකිය ඉන්නෙත් නැහැ. ආදරය කියන්නෙ අපි කවුරුවත් විශේෂයෙන් හිතන්න ඕන දෙයක් නෙමෙයි. අපි කවුරුත් විඳින්න ඕන දෙයක්. ආදරය අපි කාටත් අවශ්‍යයි. විශේෂයි කියන ආදරයත් අපි හොයාගෙන යන්න ඕන නැහැ. අවශ්‍ය වෙලාවට අපිව හොයාගෙන ඒවි. මෙතනදි විවාහය දක්වා යන ආදරයක් කියන තැනදි මම ගොඩක් පරිස්සම් වෙනව. මොකද එතන වගකීම අන්‍යොන්‍ය අවබෝධය වගේ දේවල් ඉතාම වැදගත්. ඒ නිසා එතනදි මම හරි පරිස්සම්.මං ගැන දන්න අය දන්නව මම කවුද කියල. මම සමාජමාධ්‍ය හැම එකක්ම වගේ පරිහරණය කරනව. නමුත් ඒවා මත්තෙම ඉන්නෙ නැහැ. මම කැමති නිතරම ගොඩක් නිදහස් පරිසරයක ඉන්න. ගෙදර අයත් එක්ක කාලය ගතකරන්න. ඒ නිසා සමහර අයට මේ විදිහට හිතෙන්න පුළුවන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *