ජොබ් කරන බිරින්දෑවරුන්ගේ කුස්සිය හරි අපිළිවෙළයි. කැතයි – හර්ෂණ බෙත්මගේ

හර්ෂණ බෙත්මගේ කියන්නේ කලක් පුංචි තිරය තුල වැඩිපුර දකින්න නොලැබුනත් ජනප්‍රියත්වය බිඳක්වත් අඩු නොවුණු දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් පළමු විවාහයෙන් වෙන් වෙලා දෙවන විවාහයෙන් සතුටින් කාලය ගත කරන ඔහු ඒ ගැන මේ විදිහට පුවත්පතකට පවසා තිබුණා. “විවාහ වුණේ අවුරුදු එකහමාරකට කලින්. ටික දවසකට කලින් තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. නිධානය චිත්‍රපටය ඇසුරෙන් රන්තලිය කියලා නාට්‍යකට ආරාධනා ලැබුණා. තව ජානු කියලා නිර්මාණයකට සම්බන්ධ වුණා.

දැන් එහි රූගත කිරීම් පටන් ගත්තා. ඒ ඇරෙන්න විකාශය වෙන්නේ සඳ හැංගිලා නාට්‍ය විතරයි. එක දිගට ලැබුණු චරිත එකම වගේ. රඟපාන්න දෙයක් නැහැ. ඒ නිසා පැත්තකට වෙලා පවුල් ජීවිතය ගත කළා. ඇත්තටම දුකක් තිබ්බා හොඳ චරිත නොලැබීම ගැන . අධ්‍යක්ෂවරු මාව කොටු කරා. දැන් නම් ඒකාකාරි චරිතවලින් මිදිලා හොඳ චරිත ලැබිලා තියෙනවා. පහුගිය කාලේ පාරේ තොටේ බැහැලා ගියත් ඇයි පේන්න නැත්තේ, අලුත් නිර්මාණ නැද්ද කියලා අහන ප්‍රේක්ෂකයන් ඒ අතර හිටියා.”

ඒ වගේම ආදරණිය බිරිඳ ගැනත් මේ විදිහට පවසා තිබුණා. “තියෙන දේවල්වලින් සෑහිමකට පත් වෙන කෙනෙක් තමයි මට ලැබිලා තියෙන්නේ. ඇය අරුණි නදිශානි. එයාටත් ලොකු දෙවල් වැඩක් නැහැ . ඒ හැමදේකටම වඩා සැනසීම වටිනවා කියලයි එයත් හිතන්නේ.තේරුම් ගැනීම තමයි පවුල් ජීවිතයක් ලස්සන කරන්නේ. ඒ වගේම ජීවත් වෙන්න පහසුයි. උදේට රූගත කිරීම්වලට යද්දී කෑම හදලා දෙනවා. මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ හදලා දෙනවා.”

ඒ වගේම පළමු විවාහය අසාර්ථක වීම ගැනත් මේ විදිහට පැවසුවා. “හැමදාම මගේ ජීවිතේ තීරණ ගත්තේ මම. වැරදුණොත් කාටවත් දොස් කියන්නේ නැහැ. මොකද මගේනේ තීරණය. අනිත් එක. ජොබ් කරන බිරින්දෑවරුන්ගේ කුස්සිය බලන්න. හරි අපිළිවෙළයි. කැතයි. ජීවිතෙත් සමබර නැහැ. නමුත් ගෙදර යද්දී උදේ වගේම හවසත් ලස්සනයි. සුවඳයි. එහෙම ගෙයක් වෙන්න නම් බිරිය ගෙදර ඉන්න ඕන. මේ ජීවිතය ගැන මම දැන් ඉන්නේ සතුටින්. දික්කසාද වුණ නිසානේ ඒ අත්දැකීමත් ගත්තේ. කිසිම දුකක් කලකිරීමක් නැහැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *