ගීතිකා රාජපක්ෂ කියන්නේ අපේ රටේ කවුරුත් දන්නා රංගන ශිල්පිනියක්. ඉතින් මේ දිනවල විව්විධ නාලිකා වල විකාශනය වන විවිධ ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට එනවා. ඒ වගේම ද ගේම් චිත්‍රපටයෙත් ඇයව අපිට දැකගන්න පුළුවන්. ඉතින් ද ගේම් චිත්‍රපටයේ ඇයගේ චරිතය ගැන ඇය මේ විදිහට අදහස් දක්වා තිබුණා. “මගේ රංගන දිවියේ සිනමාවෙ රඟපාන ප්‍රථම චරිතය තමයි ද ගේම් චිත්‍රපටයේ රඟපාන්නෙ. ඊට කලින් මට අවස්ථා ලැබුණත් සුරංග ද අල්විස් අයියාගෙ නිර්මාණ එක්ක තමයි මට සිනමාවට එන්න ලැබුණෙ. ‘ගේම්’ චිත්‍රපටයට තෝරාගෙන තියෙන කතාව හරිම ලස්සනයි. පසුගිය සමයේ රටේ සිදුවූ සිදුවීම් අලලා තිර රචනය ලියා තිබෙනවා. මම මේ කතාවෙ හැටියට, එනම් එක්තරා කණ්ඩායමක රහසක් මගෙන් හෙලිවේය කියන බයට, ඒ කණ්ඩායම මාව මරනවා. මගේ මරණය එක්ක තමයි මේ චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නෙ.
සුරංග ද අල්විස් කියන්නෙ මට මගේම සහෝදරයකු වගේ කෙනෙක්. ඉතින් රඟපාද්දි විශේෂ බයක් තිබුණෙ නැහැ. බය වුණේ මේක ටෙලිතිරය වගේ නෙවෙයි, ලොකු තිරයකනෙ නරඹන්න ලැබෙන්නෙ. ඒ නිසා ඉතා සියුම් තැන් ගැන පවා විමසිලිමත් වෙන්න තිබුණා. මොකද පුළුල් තිරයකදි වැරදි පේන්න බැහැ. ඒ විදිය ගැන අවබෝධයක් ඇතිව සිනමාවේ රංගනය සඳහා වටහා ගැනීමක් ඇතිකර ගන්න පුළුවන් වුණා. සිනමා රංගනය කියන්නෙ හරි සංයමයකින් කළයුතු දෙයක්. මගේ චරිතය හරියට කරන්න අධ්‍යක්ෂ සුරංග ද අල්විස් අය්යාගෙන් ලැබුණ උපදෙස් නිසා චරිතය හොඳට කළ බව මට කියන්න පුළුවනි.”
ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතය ගැනත් මේ විදිහට පවසා තිබුණා. “මම හිතන්නෙ අත්දැකීම් එක්ක, ජීවිතය එදාට වඩා අවබෝධ කරගෙන සිටින බව හැඟෙනවා. ජීවිතය හරි සුන්දරයි. ලොකු – ලොකු බලාපොරොත්තු ගොන්නක් මට නැහැ. නිර්මාණයකට දායක වෙලා මුලින්ම මම ඒ නිර්මාණය රස විඳිනවා. මගේ චරිතය දිහා බලලා රස විඳිනවා. ලස්සන නිර්මාණවලට දායක වෙලා, ප්‍රේක්ෂක ආදරය ලැබීම කියන්නෙ, වෙනස්ම හැඟීමක්. ‘මාස්ක්’ එකක් දාගෙන ගියත්, මිනිස්සු අපිව හඳුනාගෙන කතා කරනවා කියන්නෙ ලොකු ආත්ම තෘප්තියක්. රංගනය කියන්නෙ කලාව කියන්නෙ මුදලට වඩා ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් රස්සාවක්. මම එය බොහොම ගෞරවයෙන් ඒ රාජකාරිය කරගෙන යනවා. ඒ ගමනට අවුරුදු 10ක් සමීප වේගෙන එනවා. ඉදිරියටත් ඒ ආ විදියට සරලව ගෙවන්න ආසයි.”
ඒ වගේම ආදරය විවාහය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “පාසල් යන කාලයේ ඉඳලාම හරිම අවංක කෙනෙක්. ‘ආදරය’ කියන මාතෘකාවෙදි හරිම සංවේදී කෙනෙක්. ආදරය ගොඩාක් බලාපොරොත්තු වන කෙනෙක්. ආදරයේදී බලාපොරොත්තු තියෙනවා. ඒත් ආදරය කියන්නෙ අපි හිතන විදියටම නොලැබෙන දෙයක්. අපි හිතන විදියේ ආදරයක් ලබන්න පිනක් තියෙන්නත් ඕනැ. ඒ නිසා ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න ඕනෑ.”