එක වචනයක් අල්ලාගෙන Post හදන අය ගැන ඇත්තටම කනගාටුයි – අනුෂ්කි හා කනුෂ්කි gossip වලට පිළිතුරු දෙයි

අනුෂ්කි හා කනුෂ්කි කියන්නේ මේ දවස් වල සමාජ ජාල තුල නිරන්තරයෙන් දකින්න ලැබෙන තරුණියන් දෙදෙනෙක්. ඒ පසුගිය දිනෙක යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වී පැවසු කතාවක් හේතුවෙන්. ඉතින් මේ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර හා අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර කියන්නේ පුංචි කාලයේදීම කලා ක්ෂේත්‍රයට පිවිසි අද වන විට ජනප්‍රියත්වයේ ඉහලටම ගොස් තිබෙන රංගන ශිල්පිනියක් දෙදෙනෙක්. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වෙන මල්පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ නිල්නේතු හා පිනිමුතු ලෙසින් ඔවුන් දෙදෙනා අපේ ආලින්දයට එනවා. ඉතින් නර්තනයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසුණු මේ නුවුන් සහෝදරියන් දෙදෙනා රංගනයට පිවිසුණු ආකාරය ගැන පසුගියදා මව්බිම පුවත්පතට මෙලෙසින් පවසා තිබුණා. “මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයට නිවුන් සහෝදරියන් ඕනෑ කියලා දැන්වීමක් පළ කරලා තිබුණා. ඒක අපේ අක්කා දැකලා ඒකට අයැදුම් කරලා තිබුණා. ඉන් පසුව අපි දෙදෙනා තිර පරීක්ෂණයට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි රංගනයට පිවිසුණේ.”

කොහොම වුනත් මේ දිනවල විවේචනයට ලක්වෙන ඔවුන් පැවසු කතාව පිළිබඳව ඔවුන් මේ විදිහට අදහස් දක්වා තිබුනා. “පෙම්වතෙක් සොයා ගැනීමේදී මුදල් කියන සාධකය බලපාන්නේ නැහැ. නමුත් තමන්ගේ ස්වාමිපුරුෂයා පරිපූර්ණ පුද්ගලයකු විය යුතුයි කියලා කාන්තාවන් බලාපොරොත්තු වනවා. එක්තරා වැඩසටහනක මම කියන දෙයක් ඇතැම් අය වැරදියට වටහාගෙන තිබෙනවා. මම එතැනදි අදහස් කළේ මුදල් කියන සාධකය ඉස්සරහට දාගෙන පිරිමි ළමයෙක් හොයනවා කියන එක නොවෙයි. උගත්, අවංක, ස්ථාවරත්වයක් තිබෙන පරිපූර්ණ කෙනෙක් තමයි බලාපොරොත්තු වන්නේ කියන එකයි මම අදහස් කළේ. ස්ථාවරත්වය කියන කාරණාවේදී මුල් වන්නේ මුදල්. මොකද ඇත්තටම මුදල් නොමැතිව ජීවත් වන්න බැහැනේ. අපි හැමෝම මුදල් උපයන්නේ ජීවත් වන්න. විවාහ වන්නේ ජීවිතයට එක පාරයි. ඉතින් එම තෝරා ගැනීම ජීවිතේ තීරණාත්මකම තෝරා ගැනීමයි.

අපි අමාරුවෙන් මහන්සියෙන් ගොඩනඟාගත් ජීවිතය විවාහයෙන් පසුව විනාශ කර ගන්නවට වඩා නිවැරදි තෝරා ගැනීමක් කරන එක සුදුසුයි. ඇත්තටම මුදල් කියන දේත් තිබෙන්න ඕනෑ. තමන් දැනට ගෙවන ජීවිතයම හෝ ඊට වඩා අඩියක් ඉදිරියෙන් තිබෙන ජීවිතයක් තමයි විවාහයෙන් පසුව ගත කරන්න ඕනෑ. මවුපියන් දුක් මහන්සියෙන් දරුවන් හදන්නේ දුක් විඳින්න දෙන්න නොවෙයිනේ. එම නිසා සාර්ථක විවාහයක් කරගත්තොත් මවුපියන් වුණත් සතුටු වනවා. එක වචනයක් අල්ලගෙන එහෙම පෝස්ට් හදන එක ගැන ඇත්තටම කනගාටුයි. මම කියපු දේ වැරදි නම් ලංකාවෙ සිටින හැමෝම මට බනින්න ඕනෑ. නමුත් සුළු පිරිසක් පමණක් එහෙම විවේචනය කරන්නේ. සමාජය හොඳයි. නමුත් කවුරු හරි ඉදිරියට යන විට ඉරිසියා කරන, කකුලෙන් අදින, කාට හරි බනින්නම බලාගෙන සිටින සුළු පිරිසක් සිටිනවා. මිනිසුන් දන්නවා මුදල් වැදගත් කියලා. නමුත් පිළිගන්න කැමැති නැහැ. කාන්තා පාර්ශ්වයෙන් තමයි වැඩි විවේචන තිබුණේ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. පිරිමි පාර්ශ්වය ගැන කතා කළොත් විවේචනය කරපු බොහෝ අය තමන්ගේ බිරිය හෝ පෙම්වතිය බලාපොරොත්තු වන ජීවිතය ලබා දෙන්න නොහැකිව හීනමානයකින් සිටින අයයි. සාර්ථක ජීවිතයක් ගත කරන කිසිම කෙනෙක් ඒ කතාව විවේචනය කරලා තිබුණේ නැහැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *