නදී රාජ් කියන්නේ පසුගිය දින කිහිපයේම සමාජ ජාල තුල කතාබහට ලක්වූ යුවලක්. ඒ අපේ රටේ ජනප්‍රියතම ආදරණිය යුවලක් වුනු මේ දෙදෙනා වෙන්වූ බවට ඔවුන්ගේ සමාජ ජාල ගිණුම් තුල පල කර තිබීමයි. වගේම ඒ වබ කියවෙන වොයිස් රේකොඩින් ද සමාජ ජාල තුල දකින්න ලැබුනා. කොහොම වුනත් මේ යුවල දැන් නම් නැවතත් එක් වී ඇති බව තමයි දකින්න ලැබුනේ. ඉතින් ඒ වගේම රාජ් තම ෆේස්බුක් ගිණුමේ මේ විදිහට සටහනක් තබා තිබුනා.
” With my beauty Queen දැන් හරිනෙ? මොනව වුනත් Husband & Wife හොද වෙනව කියන්නෙ ඔන්න ඕකයි. ප්‍රශ්නයක් වුන නිසා කාගෙ කාගෙත් හැටි හොඳට තේරුම් ගත්තා. බලන් ඉදල තියෙන්නෙ වෙන් වෙනකල්ම. කොහොම ඉරිසියාවක්ද තිබ්බෙ කියල තේරුණේ දැන්. අපේම නයි අපිවම කයි කියන්නෙ ඔන්න ඕකට.. අපි මැරෙන්නයි බෑ කියල චූන් වෙච්ච ගෝතයන්ට කියන්නෙ කිරි පණුවගෙ Master Plan එක නිසානෙ හැම එකම Record කරන් හැම දේම Video කරන් සාක්ශි එකතු කරල තියෙන්නෙ Wife ගෙ ගෙදර අයට ඒව පෙන්නල මාව නරක මිනිහා කරල Raj ට නම් දෙන්න එපා මටත් එපා හොද කෙනෙක්ට බන්දල දෙන්න කිව්වෙ. Comments දාපු Public Key board වීරයොත් ආපහු මට Msg කරන්න එපා තමන්ගෙම උන් තමන්ගෙ එකෙක්ට ඔච්චර ගරහනව දැක්කමයි මේක ඉතින් ලංකාවනෙ මනුස්සයෙක්ගෙ ජයග්‍රහණයන් දරාගන්න බැරුව හූල්ල හූල්ල විඳවන්න එපා අපහාස කරන්න එපා ලැජ්ජ කරන්න හදන්න එපා ආදරෙන් ඉන්න පවුල් ජීවිත විනාස කරන්නත් හදන්න එපා. ඉතුරු ටික මම කියන්න අවශ්‍ය නෑ. Nadee කියාවි… අපි දෙන්නා තවමත් එකට…. විවාහය දෙදරා ගිහිල්ල නම් නෑ… ප්‍රශ්නයක් වුනා ප්‍රශ්නෙ විසඳගත්තා ”
ඒ වගේම නදී ඒ සම්බන්ධව මෙලෙස සටහනක් තබා තිබුණා.“මොන දේ උනත් කොයි විදියට අපි අපේ විතරයි ඒක වෙනස් වෙන්නෙ නෑ කවදාවත්ම ඒත් ගොඩක් දේවල් තේරුම් ගියා මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මට මගේ රාජ් තරම් වටින වෙන කිසිවක් නෑ ඒක අපි දෙන්නටම තේරුම් ගන්න බැරුව දෙන්නම ආදරේ වැඩි කමට සැක කරා මොකද මේ ආදරේ නැති කරගන්න දෙන්නම බය නිසා වීඩියෝවකින් හමුවෙමු “