අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකයෙක් වන අනුජ් රණසිංහ පසුගියදා විවාහ ජිවිතයට පා තැබුවා. ඉතින් ඔහුගේ ආදරණිය බිරිඳ වීමට වාසනාවන්ත වුනේ ගුවන් සේවික්වක් වූ යශෝධා ගුණරත්න. ඉතින් අලුත් ජිවිත්ය ගැන අනුජ් පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා. “විවාහ ජීවිතේ වරදක් නෑ. ජීවිතේ දැන් හොඳින් ගෙවෙන්න අරගෙන. සුපුරුදු විදිහට යශෝධයි මමයි අපේ වැඩ කටයුතු කරගෙන සතුටින් ජීවත් වෙනවා.”
අනුජ්ට ඇයව හමු වූ අයුරුත් මේ විදිහට පවසා තිබුණා. “ඇත්තම කිව්වොත් යශෝධා තමයි මාව හොයා ගත්තේ. එයා මං යන ජිම් එකට ආව කෙනෙක්. මගේ රසිකාවියක්. ඇය මගේ චිත්‍රපට බලලා තිබ්බා. ඒ නිසා ෆේස්බුක් හරහා අපි යාළුවෝ වෙලා සාමාන්‍ය විදිහට කතාබහ කරමින් හිටියා. එක දවසක් ජපානයේ ගිහින් එද්දි මට මොනවද ගේන්න ඕනේ කියලා යශෝධා ඇහුවා. මම ඉල්ලපු හෙයා ටොනික් එක ගෙනත් දෙන්න ආපු දවසේ තමයි ඇයව මගේ හිතට වැදුණේ. ඊට පස්සේ අපි කතාබහ කළා. ඒ කතාබහ තමයි අවුරුදු තුනහමාරක් ආදරය කරලා අපිව විවාහය දක්වා දුර ගෙනාවේ.මම ජිම් එකට ගියාම වටපිටාව ගැන අවධානය දෙන්නේ නෑ. මාත් එක්ක කවුරු හරි හිනා වුණොත් හිනා වෙනවා එච්චරයි. යශෝධා ජිම් එකේ දැකලා තියෙන කාලේ මට වෙන ආදර සම්බන්ධයක් තිබුණා. අපි දෙන්නා හමුවෙලා කතාබහ කරන තැනට එනකල් මට එහෙම විශේෂ හැඟීමක් යශෝධා ගැන දැනිලා තිබ්බෙත් නෑ. මම මගේ රසිකාවියෝ එක්ක සාමාන්‍ය විදිහට කතාබහ කරන්නේ. ඇයත් මගේ රසිකාවියක්. ඇය කවුද, කොයි වගේ කෙනෙක්ද කියලා විශේෂයෙන් දැනෙන්න ගත්තේ අපේ හමුවීමත් එක්ක.කාලය තමයි අපේ සම්බන්ධයට වැදගත් වුණේ. අවුරුදු තුන හමාරක් තිස්සේ මම ඇය කවුද කියලා තේරුම් ගත්තා. ඇයත් මාව තේරුම් ගන්න ඇති. යශෝධා ගුවන් සේවිකාවක්.
අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක. නමුත් අපේ ක්ෂේත්‍ර දෙකේදිම අපිට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ලැබෙනවා. එයාගේ ක්ෂේත්‍රය ගැන මුලදි මට තේරුම් නැති තැන් තිබ්බා. ඒ නිසා මතගැටුම්, රණ්ඩු සරුවල් අපි අතර ඇති වුණා. හැබැයි පස්සේ කාලේ මට තේරුණ දේ තමයි ඇය හැමදේම කරන්නේ අපි දෙන්නා වෙනුවෙන්. ඒ හැඟීම ආවට පස්සේ අපිට ජීවිතේ ඉස්සරහට යන්න පහසු වුණා.කාලය ගෙවෙද්දි මට තේරුණ දේ තමයි යශෝධා පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් කියන එක. මම සාමාන්‍යයෙන් වගකීමක් අරන් ජීවිතය ගැන බරක් පතලක් අරන් හිතන කෙනෙක් නෙමෙයි. හැබැයි යශෝ ඊට වෙනස්. එයා වගකීම් සහගතයි. මම හිතපු දේ තමයි මම බරක්පතලක් හිතන්නේ නැති වුණාට මගේ සහකාරියවත් බරක්පතලක් ඇතුව වැඩ කරන්න ඕනේ කියන කාරණාව. ඉතිං ඒ දේ සීයට දෙසීයක්ම ඇය ළග තියෙනවා. ඒ වගේම ආදරය කරන කාලෙදි අපිට අපිව හංගගෙන ජීවත් වෙන්න ඕන වුණේ නෑ.
අපි දෙන්නගේම ඇත්ත ස්වරූප දැනගෙන ආදරය කළ කාලය පුරාම අපි ජීවත් වුණේ.අපේ සම්බන්ධයට දෙපාර්ශ්වයෙම කැමැත්ත ලැබුණා. මගේ අම්මයි තාත්තයි යශෝධාට ගොඩක් කැමැතියි. අපේ අක්කත් ඇයට ආදරෙයි. යශෝධා හැමෝම එක්ක හරිම සුහදශීලියි. ඒ නිසා අපේ සම්බන්ධයට කිසිම බාධාවක් ආවේ නෑ.විවාහයට කලින් ඇයව අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කරන්න මට ඕන වුණේ නෑ. යශෝධා වැඩ කරන ක්ෂේත්‍රය එක්ක එයාට ඩැමේජ් එකක් නොවෙන්න මම වගබලා ගත්තා. එයාගේ ගෞරවය රකින්න මම වග බලාගත්තා. මම හිතුවේ විවාහයෙන් කෙළවර වුණාම මිනිස්සු ඇය ගැන දැන ගත්තොත් ඇති කියලා. කලින් අපේ ෆොටෝ ටැග් කරලා ෆේස්බුක්වල දාන්න එපා කිව්වම යශෝධත් ඒක වැරදි විදිහට හිතුවා. අපේ සම්බන්ධය හංගන්නද හදන්නේ කියලා ඇහුවා. පස්සේ ඇයම තේරුම් ගත්තා එහෙම කරන්නේ හොඳට කියලා.”