මහේෂි මධුෂංකා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ ඒ වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට මෙලෙසින් පැවසුවා. “වැඩ වගයකට ඇවිත් මේ දිනවල අපේ ගෙදර බාස් උන්නැහේලා ඉන්නවා. ඔන්න එක පාරටම ඕ.අයි.සී. නෝනා එනවා, අයි. පී. නෝනා එනවා, පොලිස්-පොලිස් කියලා කියන්න පටන් ගත්තා. ඒ විදියට තමයි ‘මැස්සා’ නරඹන බොහෝ දෙනා අද මට කතා කරන්නෙ.”ඉතින් කාලයකින් ටෙලිවිශනයේ දකින්න ලැබෙන ඇය ඒ ගැනත් මේ විදිහට පැවසුවා. “මම ලොකු කාලයක් රඟනොපා හිටියෙ නැහැ. විවාහ වුණාය කියලා රඟපෑමෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. බබාලා ලැබෙන්න ඉඳිද්දීත් රඟපෑවා. බබාලා ලැබුණට පස්සෙත් රඟපෑවා. ඒ විදියට ක්ෂේත්‍රයේ දිගටම හිටියා.පැහැසරා නාට්‍යයේ රඟපෑවා, ඊට පසුව ‘ඇය’ නාට්‍යයේත් ඒ විදියටම රඟපෑවා.”
කොහොම වුනත් මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන ඇය ගෙදර ජීවිතය ගැනත් මේ විදිහට පවසා තිබුණා. “රටේ පවතින තත්ත්වයත් එක්ක පොඩි අයට එහෙම තිබුණු නිදහස සීමාවෙලා. මිනිස්සු ඔක්කෝම ලොකු අරගලයකනෙ ඉන්නෙ. කොහොම වුණත් දරුවොත් එක්ක ඉන්නකොට ප්‍රශ්න අමතක වෙනවා. සතුටින් හොඳින් ඉන්නවා.දරු දෙදෙනෙකුගේ මවක් වෙලත් තාමත් පුංචි කෙල්ලක් වගේ ලස්සනට ඉන්න රහසත් ඇය මේ විදිහට හෙළිකර තිබුණා. “අපේ රංගන හා කලා ක්ෂේත්‍රයේ අය ඇත්තටම හොඳයි. කෙනෙකුගෙ දක්ෂතා වගේම ලස්සන පවා එයාලා වර්ණනා කරනවා.
මෑතක දී ‘ගේම්’ ෆිල්ම් එකේ විශේෂ දර්ශනයක් පෙන්නුවා. ඒක නරඹන්න හිරගෙදර සිටින රන්ජන් අයියාව ගෙන්නුවා. ඉතින් අපිත් ඒකට ගිහින් හිටියෙ. එදා ඒ වෙලාවෙ ඇවිත් හිටිය, කලා ක්ෂේත්‍රයේ කාන්තා-පිරිමි භේදයකින් තොරව මාව අගය කළා. කොහොමද, මොකක්ද රහස එහෙම කියලා ඇහුවා, ඒත් ඉතින් මම ඒ වෙනුවෙන් කියලා විශේෂ දෙයක් කරන්නෙ නැහැ. බබාලගෙ වැඩත් එක්කනෙ ඉන්නෙ. නමුත් මහන්සිවෙලා වැඩ කරන අතරේ, මම මා ගැනත් බලා ගන්නවා. තමුන්ට උනන්දුව තියෙනවා නම්, ඕනෑම අම්මා කෙනෙකුට ඒක කරන්නට පුළුවනි. ඒක ඇත්තටම මැජික් එකක් නෙවෙයි. තමුන්ටත් ආදරේ වෙන්න ඕනෑ. මව්වරු ලෙස කාන්තාවන් ලෙස දවසේ කරන්න වැඩ කොටසක් තියෙනවනෙ. ඒ වැඩ එක්ක ඉන්නකොට තර බාරු වෙන ස්වභාවය නැතුව යනවා. ඒ එක්කම ඕනෑ නම් අපට අපේ රටේ නිෂ්පාදනය කෙරෙන හොඳ දේශීය පාන ඖෂධ පාන වගේ දේ තියෙනවනෙ. ඒ ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් නම් හොඳයි.”