දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17ක් වෙනවා.අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කරල නැහැ – ධනංජයගේ ආදරණිය බිරිඳ

ධනංජය සිරිවර්ධන කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු විටෙක ගායකයෙක් තවත් විටෙක ඉතාමත් දක්ෂ නිවේදකයෙක්. ඉතින් මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන විදුරු මල් ටෙලි නාට්‍යයේ ධනුක ලෙසින් රසික හදවත් දිනාගෙන සිටිනවා.ඉතින් මේ දිනවල අලුත්ම තොරතුරු ඔහු පුවත්පහකට මෙලෙසින් පවසා තිබුණා. “මේ දවස්වල මාව වීදුරු මල් නාට්‍යයේ දකින්න ලැබෙනවා. ඒක සතියේ දවස්වල විකාශය වුණා ට මෙගා නාට්‍යයක් නෙමෙයි . ඊට අමතරව ගේම් ෆිල්ම් එක තිරගත වෙනවා. තව නාට්‍ය හතරක් හා ෆිල්ම් දෙකක් විකාශය වෙන්න නියමිතයි. එහෙම කියලා මම එදත් අදත් ලොකුවට කාර්‍යබහුල නම් නැහැ. වෙලාව කළමනාකරණය කරගෙන ජීවිතෙත් විඳිනවා. අපිට කලින් ජෙනරේෂන් එක ගත්තොත් ඒ කාලේ අපිත් අලුත් නේ. මම කොහොමත් මගේ වැඩේ කරලා එනවා. මාත් එක්ක රඟපාන නළු නිළියන්ගෙන් සපෝට් එකක් ලැබෙනවා නම් හොඳයි. වැඩේ කරගෙන යන්න ලේසියි. නමුත් දැන් ඉන්න පරම්පරාව පුරුදු වෙලා ඉන්නවා එහා පැත්තේ ඉන්න කෙනා සපෝට් කරත් නැතත් එයාගේ වැඩේ කරලා යන. ඒ නිසා මමත් දැන් ඒකට පුරුදු වෙලා. නමුත් මගෙන් අසාධාරණයක් වෙන්නේ නැතුව ඇති ඒකයි තවම නිර්මාණ ලැබෙන්නේ කියලා මම හිතනවා.”

ඉතින් මේ වනවිට විවාහ වෙලා ඉන්න ඔහු සුරතල් පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා.ඉතින් තම ආදරණිය බිරිඳ ගැනත් ඔහු මේ විදිහට පැවසුවා. “අපි විවාහ වෙන්න තීරණය කරපු කාලේම තීරණය කළා විවාහයෙන් පස්සේ එයා රැකියාවෙන් ඉවත් වෙනවා කියලා. ඒක මම පවුල රැක ගන්න කියලා බලෙන් කරපු දෙයක් නෙමෙයි.අපි දෙන්නගේ පුංචි දෝණී මෞර්යා. අවුරුදු දෙකයි තවම. එයාගේ හුරතල් බලාගෙන සතුටින් දවස ගත කරනවා.”

ඉතින් තම ආදරණිය සැමියා ගැන ධනංජයගේ ආදරණිය බිරිඳ අන්ජලී මේ විදිහට පැවසුවා. “ඒ කාලේ එයා ජනප්‍රිය තරුවක්. නමුත් මම වැඩිය ටීවී බලන්නේ නැති නිසා එයාව ලොකුවට දන්නේ නැහැ. නම අහලා තිබ්බා. එක මැගසින් එකක කතාවකට එයාගෙත් මගෙත් ඡායාරූප ගත්තා. එදා තමයි ඔහුව මුලින්ම දකින්නේ. ඊට පස්සෙ අපි දෙන්නා කතාබහ කළා. ඒ කතාබහ අවසානයේ ආදරයක් බවට පත් වෙලා. අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කළේ ත් නැහැ . අවසානයේ 2014 / 04/ 04 විවාහ වුණා . දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17ක් වෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *