ඩිස්නි රාජපක්ෂ කියන්නේ ඉතාමත් දක්ෂ සුරූපී ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන විදුරු මල් ටෙලි නාට්‍යයෙන් ඇය පෙ ආලින්දයට එනවා. ඉතින් ඇය ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් ලබා ගන්නේ හිරු ස්ටාර් තරඟය ජග්‍රහණය කිරිමත් සමගයි.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.
“ඇත්තටම ජයග්‍රහනය ගැන මට ගොඩක් සතුටුයි.මේක මම තනියෙන් ලබපු ජයග්‍රහණයක් නෙවෙයි.මාත් සමග ලලිත් පැරකුම් ඉතා හොඳින් නර්තනය යෙදුණා.අපිට මේ කිරුළ දිනා ගන්න ගොඩක් අයගේ සහයෝගය ලැබුණා.ඒ වගේම තමයි ප්‍රවීණයන්ගේ උපදෙස් අපිට ගොඩක් වැදගත් වුනා.මම තාම මේ ක්ෂේත්‍රයට ආධුනික උනත් මාව ගොඩක් දෙනෙක් අදුර ගත්තේ hiru mega star වේදිකාව හරහා.ඇත්තටම අපේ නර්තන සහකරුවා තෝරල දුන්නෙ හිරු නාලිකාව විසින්. නමුත් ඔවුන් ඇහුවා කැමති කෙනෙක් ඉන්නවද තෝරගන්න කියලා.ඇත්තටම මීට කලින් ලලිත්ව අදුර ගෙන තිබුණේ. මගේ තිබ්බ දක්ෂතාවයට මට ගැලපෙනම සහකරුවා ලලිත් කියලා මම දැනගෙන තිබුණේ.ඉතින් මං ඔවුන්ට කිව්වා ඔහු ගැන. පසුව ඔවුන් තේරීම් කටයුතු කරන කොට ලලිත් මගේ නර්තන සහකරුවා ලෙස මට ලැබුනා. ඇත්තටම ලලිත් කියන්නේ නර්තනය පූජනීය විදියට සලකන කෙනෙක්. ඔහු මාව ගොඩක් අගය කළා මගේ නර්තන වලදී. මොකද නර්තනය කරන අවස්ථාවන් වල දී මගේ කකුල් දෙකම කැඩුණා.
අත කැපුනා නහයත් කැඩුනා. ඒ වගේ ලොකු කැප කිරීම් කරලා තමයි අපි ජයග්‍රහි කිරුළ කරා ළඟා වුණේ. ලලිත් කියන්නේ ඇත්තටම අති දක්ෂයෙක්. ඔහුට ගොඩක් නිර්මාණශීලි අදහස් තිබුණා. මම සම්ප්‍රදායි නර්තන ශිල්පිනියක්. නර්තනය හැදෑරූවෙත් චන්න විජේවර්ධනයන් ගෙන් සහ උපුලි පණීභාරතයන්ගෙන්. නමුත් සම්ප්‍රදායික නර්තන කලාවට එහා ගිය නර්තන කුසලතාවක් දැක්වීමට ලලිත් මට ගොඩක් උදව් කළා.මට තියෙන්නෙ හරි නම්‍යශීලී ඇගක්. ගොඩක් අය මට විවේචන එල්ල කළ මගේ ඇඳුම් විලාසිතා වලට.නර්තනය කියන දේ ලස්සන වෙන්නෙ වෙන්නේ සිරුර හරහා. මං කොයිම අවස්ථාවකවත් මගේ සිරුර අනවශ්‍ය විදිහට වැහෙන ලෙස ඇඳුම් භාවිතා කළේ නැහැ. මොකද මට නොපෙන්නා ඉන්න තරම් කැත සිරුරක් නැහැ. ඇත්තටම අපිත් සමග තරග වැදුණු කණ්ඩායම් සියල්ලම පාහේ ඉතාම සහයෝගයෙන් තරග වැදුන.නමුත් එක් කණ්ඩායමක් අපිට එක්තරා මඩ ප්‍රහාරයක් දියත් කලා.නමුත් අවසානයේදී සැබෑ දක්ෂතාවය ජයගත්තා. ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්.”