TV දෙරණ නාලිකාවේ විකාශනය වුනු ධරණී ටෙලි නාට්‍යයේ විනුලි ලෙසින් ජනප්‍රිය වුනු සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා. ඇය මේවනවිට බොහෝ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියකි. මේවනවිට ඇයගේ රූප ස්වභාවට ජයප්‍රිය වූ තරුණ පිරිස අද බොහෝ දෙනෙකු සිටිනවා.මේවනවිට සමාජ මාධ්‍ය තුළින්ද ඇයට බෝහෝ දෙනාගේ ආදරය ලැබෙන කෙනෙකු බව අමුතුවෙන් සඳහන් කළ ුයුතු නැහැ. ඇයගේ රංගන හැකියාවන් සහ ඉදිරිකටයුතු පිළිබඳව දැන ගන්න බොහෝ දෙනා කැමති ඇති. ඉතින් ඇය කලා ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය ගැන පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා. “මම දෙරණ අවුරුදු කුමරි තරගාවලියට සහභාගි වුණා 2020 වසරේ. එහි තුන් වැනි ස්ථානය දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. එකත් එක්කම තමයි ධරණි නාට්‍යය සඳහා ආරාධනා ලැබෙන්නේ. ඔය දෙරණ අවුරුදු කුමරිය තරගාවලියටත් අයැදුම් කළේ මගේ යහළුවෝ සහ මගේ ගෙදර පිරිසගේ උනන්දුව මත. මගෙ නංගි කෙනෙක් තමයි අයදුම්පතත් යැව්වෙ. නොසිතූ විදිහට මට ඒ තරගාවලියෙන් තුන්වැනි තැන ජයග්‍රහණය කරන්නට ලැබුණා. රංගනයට ආරාධනා ලැබුණාම පුදුමාකාර විදියට සතුටක් දැනුණා. හරියට අර අපි බලාපොරොත්තුවෙන් හිටපු දේකට කතා කළා වගේ. ධරණි දෙරණ නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක් හින්දා බය වෙන්න දේකුත් නැහැනේ. ඒක මගේ ජීවිතයට ලැබුණු අනගි අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.”
ඉතින් ඇයට ලැබුණු ජනප්‍රියත්වය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ඇත්තටම ඒක මම බොහොම හොඳීන් විඳීනවා. තැනකට ගියාම මිනිස්සු මාව අඳුර ගන්නවා. සමහරු මාව කටහඬින් අඳුර ගන්නවා. එතකොට ඉතින් කියාගන්න බැරි තරම් සතුටක් හිතට දැනෙනවා.”ඉතින් ඒ වගේම ඇයගේ තොරතුරුත් මේ විදිහට පවසා තිබුනා. “මම මේ වනවිට කැලණිය විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධියක් හදාරමින් ඉන්නේ. දැනට මම තුන්වැනි වසරේ. ඉතින් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ අදහස. කවදා හරි මම අධ්‍යාපනය ඉවර වෙලා වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කරයි. මම රඟපෑමෙන් අයින් වෙන්නේ නැහැ. හොඳ චරිතයක් ආවොත් මම කරන්න හිතාගෙන ඉන්නවා.”