මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය පුංචි ගායන තාරකාවක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ. Sirasa Voice Teen තරඟාවලියේ පළමු වටයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු ඇයට සමාජයේ විවිධ දෝෂාරෝපණ එල්ල වුනත් සංගීත ගමනේ ඉදිරියටම යන්න ඇයට හැකියාව ලැබුණා. කොහොම වුනත් මේ වන විට ජනප්‍රිය තරුවක් වන ඇයගේ ඇඳුම් විලාසිතා වලට ධනාත්මක ප්‍රතිචාර වගේම විශාල ඍණාත්මක ප්‍රතිචාර ප්‍රමාණයක්ද ලැබෙන්නට පටන්ගෙන තිබෙනවා.ඉතින් මේ ඍණාත්මක ප්‍රතිචාර වලට පිළිතුරු වශයෙන් ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුනා.
“මා සියලු තැන්වල එක හා නොවෙමි.යහළු සංසදයේදී ඕනාවට වඩා හිනාවන්නටත් විහිලු කතා කියන්නටත් කකුල් උඩ තබා සිටින්නටත් මගේ සැහැල්ලුවට ඇදුම් අදින්නටත් මා පුරුදු වී ඇත.එය කොටද දිගද යන්න මම දන්නේ නැත.මා පන්සල් පල්ලී හා ආගමික ස්ථාන වලදී සංවර ලෙස ඉදින්නට පුරුදු යැයී මම සිතමි.එහි උස් හඩින් කතා කිරීමට නුසුදුසු බවත් කවට කතා කියා සතුටු සාමිච්චීයේ යෙදෙන්නට නුසුදුසු බවත් මම දනිමි . ඒ නිසාම ඊට අනුගතව සංවරව අදින්නටත් ඊට අනුරුපව කොණ්ඩය බදින්නටත් මම පුරුදු වී සිටිමි.යම්කිසි කෙනෙකුගේ සාදයකදී මංගල දිනයකදී මා තිබෙන හොදම ඇදුම ඇද මේකප් දැමීම පුරුද්දක් වශයෙන් කරන්නේ මට ආරාධනා කළ පුද්ගලයාට අවමන් කිරීමට මා කැමති නැති නිසාය .
ඔහු හෝ ඇයගේ ආරාධනාවට මා වටින කෙනෙකු ලෙස. හදුන්වා දෙන නිසාම මා ඒ වෙනුවෙන් විශේෂ ලෙස ඇදීම සිදු කරයී.එහිදි කාබී නටන්නත් මා අමතක නොකරන්නේ මා නටන්නේ නැතිනම් එය මා නොවන වග මමම දන්නා නිසාය .කාර්යාල දිනයකදී මා පහසු ලෙස හා ඊට ගැලපෙන ලෙස ඇදීමට මෙන්ම හැසීරීමට කැමතිය. එක මාගේ Passion එකය. ඉතින් මා අවස්තාවෙන් අවස්තාවට වෙනස් ලෙස අදින්නට පළදින්නට මෙන්ම හැසිරෙන්නටද දන්නෙමි. එම නිසා සෑම කෙනෙකු තුළම ඒ ඒ අවස්තාවන්ට අනුගත වීම වෙනස් යැයී මමද දනිමි.බොහෝ මිනිසුන් විවිධ අවස්තාවන්වලදි ඔහුව හෝ ඇයව Represent කිරීම වෙනස් ය.එම නිසා විනෝද චාරිකාවක් ගොස් කොටට ඇන්ද පමණින් අනිත් ස්ථාන වලදීද ඇය එසේ බව සිතීමෙන් වලකින්න .මන්ද සාරියක් ඇද පූල් බැසීම බොහෝ අයට පුරුදු නැත.