දවසකට දෙන්නෙක්වත් අඩුම මැසෙජ් කරලා කියනවා මම සිද්ධාර්ත් නිගම් වගේ කියලා

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන බෝනිකර තරු ටෙලි නාට්‍යයේ රංග කියන්නේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතය. මේ චරිතය නිරුපනය කරන්නේ නිරූපණය, කැමරාකරණය, වැඩසටහන් නිෂ්පාදනය, නිවේදනය වැනි දස්කම් රාශියක් තිබෙන රංගන ශිල්පියෙක් වන තුසිත් S. බණ්ඩාර. ඉතින් මේ දිනවල වදකටුතු ගැන අලුත්ම විශ්‍ර ඔහු පුවත්පතක් සමඟ බෙදාගෙන තිබුනේ මෙලෙසයි. “මේ දිනවල බොනිකර තරු ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව සුපුරුදු පරිදි මගේ නිවේදන කටයුතුත් කරන ගමන් වෙළඳ දැන්වීම් කිහිපයකට සහ රූප රචනා කිහිපයකට රංගනයෙන් දායක වුණා. මේ හැමදෙයක්ම එක්ක මගේ සංස්කරණ වැඩකටයුතුත් කරගෙන යනවා.”

ඉතින් ඒ වගේම බෝනිකර තරු ටෙලි නාට්‍යයේ රංගඅ ලැබෙන ප්‍රතිචාර ගැනත් ඔහු මේ විදිහට පැවසුවා. “මවාපෑමක් කරන පිරිමි ළමයකුගේ චරිතයක් තමයි බොනිකර තරු ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ. ඒකට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ළඟදි දවසක මම පාරේ යන විට අයියලා තුන් දෙනෙක් මගෙ ළඟට ඇවිත් එක පාරටම ඇහුවා. “මල්ලි ඔයා කෙල්ලෙක් උස්සන් ගියා නේද?” මොකද වුණේ, ඒ කෙල්ලට කියලා. ඇත්තටම ඒ අහපු විධියට මට හිතා ගන්නත් බැරුව ගියා මොකක්ද මේ ඇහුවේ කියලා. පස්සෙ එක පාරටම කල්පනා වුණා මේ නාට්‍යයේ කොටසක් ගැන නේද කියන්නේ කියලා. මම හොඳටම බයත් වුණා. ඒ තරම්ම බොනිකර තරු ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් මාව වැලඳගෙන තිබෙනවා.මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයෙන් තමයි මගේ ගමන ආරම්භ කළේ. පසුව මහේන්ද්‍ර පෙරේරා සර් ළඟ වසර එකහමාරක් පමණ රංගනය ඉගෙන ගත්තා. ඒ වගේම හේම නලින් කරුණාරත්න සර් ළඟත් මම රංගනය, කැමරාකරණය, වැඩසටහන් නිෂ්පාදනය, නිවේදනය හැම දෙයක්ම ඉගෙන ගත්තා.

එතුමා දැන් ජීවතුන් අතර නැහැ. මම වැඩිපුරම වෙළෙඳ දැන්වීම්වලට තමයි රංගනයෙන් දායක වුණේ. ඒ අතරතුර මට හේමන්ත ප්‍රසාද් සර්ව මුණගැසුණා. ඔහු මට රංගන පාසලක්. ඔහු සමඟ මම වේදිකා නාට්‍යවලට පවා සම්බන්ධ වුණා. මගේ මුල්ම ටෙලිනාට්‍ය වුණේ සුදත්ත තිලකසිරි මහත්මයාගේ “සද හැංගිලා” කියන ටෙලිනාට්‍යය. ඒ විධියට තමයි මම මේ ක්ෂේත්‍රයට පැමිණෙනෙන්නේ.රසමුසු තැන්නම් ගොඩක් තිබෙනවා. අසංවර වැස්සක් ටෙලිනාට්‍යයේ රූපගත කිරීමකට අපිට කුරුණෑගල ප්‍රදේශයට යන්න වුණා. ඉතින් අපි එහෙ ෂූටින් ගිහින් ඉන්නකොට මගේ යාළුවා දිලුම්ට සහ මට අපි දෙන්නාට වතුර තිබහක් ආවා. අහල පහල ටැප් එකක් තිබුණෙ නැති නිසා අපි ළිඳකින් වතුර බිව්වා. ළිඳෙත් තිබෙන්නේ වතුර නිසා අපි ඒක එච්චර හිතුවේ නැහැ. ඒත් අපි බීපු වතුර නිසා අපිට වමනේ ගියා. අපි අසනීප වුණා.

පහුවදා ෂූටින් කර ගන්න බැරුව ගියා. අසනීප තත්ත්වය තිබුණත් අපි පහුවදා පොඩ්ඩක් ඒ ගම වටේ ඇවිද්දා. එහෙම ඇවිදිනකොට ඒ ගමේ ලොකු තැඹිලි වත්තක් තිබ්බා. අසනීප තත්ත්වය සිතන්නේ නැතිව අපි තැඹිලි වත්තට හොරෙන් පැනලා තැඹිලිත් බිව්වා. ඔය විධියෙ සුන්දර අත්දැකීම් ගොඩක් තිබෙන ටෙලිනාට්‍යක් තමයි අසංවර වැස්සක් කියන්නේ.ගොඩක් අය මට ඇලඩින් වගෙ කියනවා. ඇලඩින් කියන්නේ සිද්ධාර්ත්ටනේ. දවසකට දෙන්නෙක් වත් අඩුම මැසෙජ් කරලා කියනවා ඔයා සිද්ධාර්ත් වගේ කියලා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *