මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන හිත ළඟ හිනැහුනා ටෙලි නාට්‍යය හරහා කාගෙත් අවධානය දිනාගෙන සිටින නවක රංගන ශිල්පිනියක් තමයි උදානා. උදානාගේ චරිතය නිරුපනය කරන්නේ සුරූපී නවක රංගන ශිල්පිනියක් වන සවිනි යකුපිටියයි. ඉතින් උදානාට ලැබෙන ප්‍රතිචාර ගැන ඇය පුවත්පතකට මෙලෙසින් පවසා තිබුනා. “උදානා කියන්නෙ හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයේ නම. හිත ළඟ හිනැහුණා ගොඩක්දෙනා අතර ජනප්‍රිය නිසා උදානා කියන නමින් තමයි මට හැමෝම මේ දවස්වල කතා කරන්නෙ. හැබැයි සවිනි කියන්නෙ මගේ ඇත්ත නම. මම කැමතියි මගේ ඇත්ත නමින් කතා කරනවට.මම හිතුවටත් වැඩිය ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයිි. මම හිතන්නෙ උදානා කියන්නෙ හොඳ යාළුවෙක්. තමන්ගෙ හොඳම යාළුවා වෙනුවෙන් පණ වුණත් දෙන කෙනෙක්.”
ඉතින් සවිනි රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරයත් මේ විදිහට පවසා තිබුණා. “මම රංගනයට එන්නෙ නිරූපණ ක්ෂේත්‍රය හරහා. නිරූපණයේදි කරපු මගේ ඡායාරූපයක් දැකලා අධ්‍යක්ෂ පසිදු පෙරේරා snap ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපාන්න මට ආරාධනා කරනවා. ඒ විදිහට තමයි මම රංගන ක්ෂේත්‍රයට එන්නෙ. ඉන් පස්සෙ ටෙලි නාට්‍ය හයකට විතර මම රංගනයෙන් දායක වුණා.”ඉතින් ඒ වගේම ඇය ලස්සන අහිංසක පෙනුම ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “හුඟක් අය මගේ රූපෙ දිහා බලලා කියන දෙයක් තමයි මම අහිංසකයි කියලා. මම අහිංසක නැහැ. සැබෑ ජීවිතයේදි මම කේනති යන නපුරු කෙනෙක්. ලස්සන පවත්වාගෙන යන්න කරන ප්‍රධානම දේ තමයි ජිම් ගිහින් ව්‍යායාම කරන එක. ලෙඩවෙලා හිටියත් ජිම් යන එක නම් මම නවත්තන්නෙ නැහැ. ඊට අමතරව කෑම පාලනයෙනුත් මම මගේ ලස්සන පවත්වගෙන යනවා.”
ඒ වගේම ආදරය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම හිතන්නෙ ගෑනු ළමයෙක් වුණාම ආදරය, විවාහය කියන දේවල්වලට කලින් තමන්ගෙ ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය ඉලක්ක සපුරගෙන ඉන්න ඕන කියලා. එහෙම නැතිව ආදරයක් පටන් ගත්තොත් වෘත්තීය කටයුතුවලට බාධාවෙන එකයි වෙන්නෙ. මම ඒ අත්දැකීමට මුහුණ දීලා තියනවා. ඒ නිසා ඒ සම්බන්ධය මම නැවැත්වූවා.”